තවද මාගේ මුදුන්මල්කඩවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි කෑවාවූ අන්නපානාදිය දිරවාගතනොහි මළාවූ භික්ෂූකෙණෙකුන් වහනසේ අරභයා මේ ජාතකය දක්වන ලදඒ කෙසේදැයි යත්.එක්තරා භික්ෂූ කෙණකුන් වහන්සේ සයදැන නොවළඳා අජ්ණීකොට වළඳාමළසේක, මේ කථාව දම්සභාමණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහනසේ වැඩවදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු ොනවෙයි පෙරත් තෘෂ්ණාවසඟව මළෝවේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාල සේකී. |