රතන සූත්‍රය(පිරිත)

යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛේ සබ්බේව භූතා සුමනා භවන්තු අථෝ පි සක්කච්ච සුනන්තු භාසිතං තස්මා හි භූතා නිසාමෙථ සබ්බෙ මෙත්තං කරොථ මානුසියා පජාය දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා සග්ගේසු වා යං රතනං පණිතං න නෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු ඛයං විරාගං අමතං පණිතං යදජ්ඣගා සක්‍යමුනි සමාහිතෝ න තේන ධම්මේන සමත්ථි කිඤ්චි ඉදම්පි ධම්මේ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු  යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයි සුචිං සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තෙන සමෝ න විජ්ජති ඉදම්පි ධම්මේ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා එතෙසු දින්නානි මහප්ඵලානි ඉදම්පි සංඝෙ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු යේ සුප්පයුත්තා මනසා දළ්හේන නික්කාමිනෝ ගෝතම සාසනයම්හි තේ පත්තිපත්තා අමතං විගය්හ ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා ඉදම්පි සංඝේ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ තථූපමං සප්පුරිසං වදාමි යෝ අරියසච්චානි අවෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු යේ අරියසච්චානි විභාවයන්ති ගම්භීර පඤ්ඤේන සුදේසිතානි කිඤ්චාපි තේ හොන්ති භුසප්පමත්තා න තේ භවං අට්ඨමං ආදියන්තී ඉදම්පි සංඝෙ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු  සහාවස්ස දස්සනසම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්කායදිට්ඨි විචිකිච්ජිතඤ් ච සීලබ්බතං වා පි යදත්ථි කිඤ්චි චතූහපායේහි ච විප්පමුත්තෝ ඡු චා භිඨානානි අභබ්බෝ කාතුං ඉදම්පි සංඝේ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු කිඤ්චාපි සෝ කම්මං කාරෝති පාපකං කායේන වාචා උද චෙතසා වා  අභබ්බො සෝ තස්ස පට්ච්ඡාදාය අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා ඉදම්පි සංඝෙ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු  වනප්පගුම්බේ යතා ඵුස්සිතග්ගේ ගිම්හානමාසේ පඨමස්මිං ගිම්හේ තථූපමං ධම්මවරං අදේසයි නිබ්බාණගාමිං පරමං හිතාය ඉදම්පි බුද්ධේ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු වරෝ වරඤ්ඤු වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්මවරං අදේසයි ඉදම්පි බුද්ධේ රතනං පණිතං එ්තේන සච්චේන සුවත්ථි හෝතු  ඛිණං පුරාණං නවං නත්ථි සම්භවං විරත්තචිත්තා ආයතිකේ භවස්මිං තේ ඛීනබීජා අවිරූළ්හිච්ඡුන්දා නිබ්බන්ති ධීරා යථා යං පදිපෝ ඉදම්පි සංඝෙ රතනං පණිතං එතේන සච්චේන සුවත්ථි හෝතු යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛේ තථාගතං දේවමනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ තථාගතං දේවමනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ථි හෝතු යානීධ භූතානි සමාගතානි භුම්මානි වා යානි ව අන්තලික්ඛෙ තථාගතං දේවමනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්ථි හෝතු. ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු, ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු. 

තේරුම

අහසෙහි පොළොවෙහි වසන යම් භූත කොටසක් වේද, අමුනුෂ්‍ය කොටසක් වේද ඒ සියල්ලෝම සතුටු සිත් ඇත්තෝ වෙත්වා, මේ සුබාෂිතය ද සතුටින් අසත්වා. එහෙයින් මෙහි රුස්වූ සියළු භූතයිනි අමුනුෂ්‍යයිනි, මාගේ වචනය අසව්. මිනිසුන් වෙත මෙත් පතුරවව්. ඔවුහු දිවා රෑ ඔබට පුද පඬුරු බලි බිලි දෙන හෙයින්, ඒ සැම රකිවු. මේ මිනිස් ලෙව හෝ අන් කිනම් ලෙවක යම් ධනයක් වේද, දෙව්ලොව හෝ අන් කිනම් ලෙවක මහගු රුවනක් වේද, ඔවුන් අතරින් ලොවුතුරු බුදුන් හා සම උතුම් රුවනක් නැත්තේමය. ඒ හෙයින් බුදුරජාණන් උතුම් රුවනකි, ඒ සැබෑ වචනයේ බලයෙන් යහපතක්ම වේවා. කෙලෙස් නසා රාගය දුරලා මරනින් තොර වූ  අමෘත වූ ඒ නිර්වානය පසක්කිරීමේ දහම මුනිඳුන් දෙසූසේක. ඒ දහමට සම කිසිත් නැත්තේමය, මෙම නිවන් දහම උතුම් රුවනකි, මේ දහමේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා. බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළාවූ, ඒ පිවිතුරු සමාධිය හා අනතුරුවම ඵල දෙන මාර්ග ඵලයන්ට සම වූ අන්‍ය සමාධියක් නැත, මෙයද දහමෙහි උතුම් ගුණයකි, උතුම් රුවනකි, ඒ සත්‍යයේ බලයෙන් සෙත් වේවා. සිව්සස්දම් දුටු සත් පුරුෂයන් විසින් පැසසු, දුර සිට ගෙනෙන පිදුම් ලැබුමට සුදුසු, උතුම් අෂ්ඨාර්ය පුද්ගල මහාසංඝරත්නයට දුන් දක්ෂිණාව මහත් ඵල වේමය, මේ කරුණින්ද බුද්ධ ශ්‍රාවක සංඝ තෙමේ උතුම් රුවනකි එම සඟගුණ බලයෙන් සෙත්වේවා. යම් කෙනෙක් දිරිමත්ව නුවණින් සුගත් සසුනෙහි නික්ලේශීව අමෘත දහමට පැමින නිවන් සුව වළඳත්ද, මේ ද උතුම් සඟගුණයෙකි ඒ බලයෙන් සෙත්වේවා. ස්ථිරව පොළොවෙහි සිටුවන ලද ඉන්ද්‍රඛීලයක් මෙන් සිව් දිගින් හමන සුළඟින් කම්පා නෙවන්නා, උතුම් සත් පුරුෂයෙකි, ඔහු සිව් දම් අවබෝධ කළ අයෙකි, සෝවාන් වූවෙකි. මේ කරුණින්ද  ආර්ය්‍ය සංඝ තෙමේ උතුම් රුවනෙකි මේ සඟගුණයේ බලයෙන් සෙත්වේවා. ගැඹුරු නුවණින් දෙසන ලද උතුම් සත්‍ය යමෙක් දැනගත්සේක්ද, ඒ සෝවාන් මඟට පත් උතුමා පමා වුවද මිනිස් ලොව අටවැනිවරයද නූපදියි. මේ කරුණින්ද ආර්ය්‍ය සංඝ තෙමේ උතුම් රුවනෙකි මේ සඟගුණයේ බලයෙන් සෙත්වේවා. සෝවාන් මඟට පත්වීම සමග අත්හල යුතු දහම් තුනකි, සක්කායදිට්ඨියද, සීලබ්බත පරාමාසයද, විචිකිච්ඡාවද යන මේවා නැතිවේ, සිව් අපායෙන් මිදී අභව්‍ය ස්ථාන අටෙහි නූපදියි. මෙයද ආර්ය්‍ය සංඝ තෙමේ සතු ගුණයෙකි, ඒ හේතු බලයෙන් සෙත්වේවා. සෝවාන් මඟට පත්වූවකු ගෙන් කයින් වචනයෙන් සිතින් යම් වරදක් සිදු වූ වේ නම් එය සැගවීීමට නොහේ. මෙයද උතුම්ස ඟගුණයෙකි, ඒ හේතු බලයෙන් සෙත්වේවා. වන ලැහැබ තුල ග්‍රීෂ්ම කාලයෙහි පූර්ව භාගයෙහි මල් පිපී ඇත්තේ යම් සේද එසේ වූ නිවන් මග පමුණුවන උතුම් ධර්ම රත්නය පරමහිතාඛ්‍ය වූ නිවන් පිනිස බුදුරදුන් දෙසූ සේක. පරමහිත ඇති නිවන් මඟ මෙසේ දෙසූයෙන්, මෙයද උතුම් බුදු ගුණයෙකි,  ඒ හේතු බලයෙන් සෙත්වේවා. උතුම් ශ්‍රේෂ්ඨ දෙය දත්, උතුම් වූ නිවන් මග පෙන්වූ, මේ උතුම් දහම දෙසීමද බුද්ධ රත්නයේ උතුම් ගුණයෙකි. ඒ සත්‍යය වචනයේ බලයෙන් සෙත්වේවා. රැස්කළ පැරණි දේ නැත පුරාතන කර්ම රහත් මගින් ක්ෂීන කලාවූද,  යලි අලූතින් එක් කිරීමකුදු නැත්තාවූද, මතු භවයක් කෙරෙහි ඇලීමකුදු නැතිවූද, නැවත නොවැඩෙන සේ හීනවූ කෙලෙස් ඇති ධෛය්‍යසම්පන්නවූ ඒ රහත් උතුමෝ, මේ පහන් නිවුනා සේ  නිවීයත්ද, අවසන් සිත් නිරුද්ධ වීමෙන් පිරිනිවෙත් සේ සලකමි. ඒ හෙයින් ආර්ය්‍ය සංඝ තෙමේ උතුම් රුවනකි, ඒ හේතු බලයෙන් සෙත්වේවා. අහසෙහි පොළොවෙහි වසන මෙහි රැස්වූ සියලූ භූතයෝ ද අමුනුෂ්‍යයෝ ද දෙවියෝ ද මිනිසුන් විසින් ද පුදන ලද තථාගතයන් වහන්සේ නමදිමු ඒ හේතුවෙන් සැම සත්ව ප්‍රඡාවටම සෙත්වේවා. අහසෙහි පොළොවෙහි වසන මෙහි රැස්වූ සියලූ භූතයෝ ද අමුනුෂ්‍යයෝ ද දෙවියෝ ද මිනිසුන් විසින් ද පුදන ලද බුදධාදීන් විසින් අවබෝධ කර දේශනා කරනලද සද්ධර්මය නමදිමු. ඒ හේතුවෙන් සැම සත්වයෙකුටම සෙත්වේවා.අහසෙහි පොළොවෙහි වසන මෙහි රැස්වූ සියලූ භූතයෝ ද අමුනුෂ්‍යයෝ ද දෙවියෝ ද මිනිසුන් විසින් ද පුදන ලද තථාගත වූ සංඝයා වහන්සේ  නමදිමු.ඒ හේතුවෙන් සැම සත්වයෙකුටම සෙත්වේවා.  
මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක් සියළු භය, සියළු රෝග සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා

විස්තරය

අතීතයේ විශාලා මහනුවර මහා දුර්භීක්ෂයක් ඇති විය. ආහාර දුර්ලභත්වයෙන් මිනිස්සු මැරෙන්නට වූහ. මළ සිරුරු නුවරින් බැහැර කළහ. මිනී කුණුගන්ඳින් අමනුෂ්‍යයෝ නුවරට ඇතුල් වූහ. ඒ නිසා තව තවත් මැරෙන්නට වූහ. ඒ හේතුකොට ගෙන ‘අහිවාතක’ නම් දරුණු රෝගයක් ඇති විය. මෙසේ දුර්භීක්ෂ, අමනුෂ්‍ය හා රෝග යන ත්‍රිවිධ භීතියෙන් උපද්‍රැත වූ විශාලා මහනුවර වැසියෝ මෙපවත් රජවරුනට දැන්වූහ. රජවරු ජනතාව සන්ථාගාර ශාලාවට රැස්කර වූහ. රජුන් අත වරදක් ඇත්දැයි විමසූහ. තමන් අත වරදක් නැතැයි වැසියෝ පිළිවදන් දුන්හ.

දීර්ඝ සාකච්ඡාවකින් පසුව තථාගතයන් වහන්සේ මේ නුවරට වැඩමවා ගත හොත් සියලු උවදුරු දුරුවේයයි තීරණයට බැස ගත්හ. බිම්බිසාර රජුගේ කැමැත්ත ඇතිව ලිච්ඡවී රජවරු දෙදෙනෙක් බුදුන් වහන්සේ කරා එළඹ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ත්‍රිවිධ භීතියකින් උපද්‍රැත වූ අපරට වැසියන් ගේ නිදුක් නීරෝගී බැව් උදෙසා භාග්‍යවතුන් වහන්සේ අප නුවරට වැඩමවන සේක් නම් අපට යහපතක් වේයැයි දන්වා සිටියහ.

තථාගතයන්වහන්සේ ආරාධනාව පිළිගෙන රුවන් සුතුරෙහි අණ තෙදින් කෙළ ලක්ෂයක් සක්වල ආරක්ෂාව සිදුවෙතියි ද එයින් මහත් පිරිසකට ධර්මාවබෝධය වෙතියි ද සලකා පන්සියයක් භික්ෂූන් වහන්සේ සමග විශාල මහා නුවරට වැඩමවා රුවන් පිරිත දෙසූහ. ඒ සමග ම සිවු දිගින් කළුකොට නැන්ගුණු මහා මේඝයෙන් (මහා වැසි වර්ෂා) මළ කඳන් ඉලපී ගංගානම් ගඟට පාවී ගියේ ය. නගරය පවිත්‍ර විය. පන්සියයක් පමණ බුදු පාමොක් මහ සඟන විසල් මහ නුවරට පිවිසෙත් ම සක් දෙවිඳු ඈ මහානුභාව සම්පන්න දෙවිවරු පැමිණියාහුය. ඔවුන් ගේ පැමිණීම සමගම අමනුෂ්‍යයෝ ක්‍රමයෙන් ඉවත් වී ගියාහුය.

තථාගතයන් වහන්සේ රතන සූත්‍රය වදාරා නුවර දොරටුව අබියස වැඩ සිට අනඳ හිමියන් අමතා ආනන්ද, මේ රතන සූත්‍රය ඉගෙන පූජා ද්‍රව්‍යද ගෙන්වා ගෙන ලිච්ඡවී කුමරුන් සමඟ විශාලා මහ නුවර තුන් පවුරු වටා හැසිරෙමින් පිරිත් දෙසවයි වදාළ සේක.

අනඳ හිමියෝ ද බුදුරජාණන් වහන්සේ ගේ පාත්‍රයට පිරිත් පැන් ගෙන රතන සූත්‍රය දෙස්මින් මුළු නුවරට පිරිත් පැන් ඉස්සාහ. සියලු අමානුෂ්‍යයෝ පලා ගියහ. නගරය ආරාක්ෂා සහිත විය. උවදුරු දුරු විය. මනුෂ්‍යයෝ සුඛිත මුදිත වූහ. සුවාසු දහසක් (අසූ හාරදහසක්) ප්‍රාණීන්ට ධර්මාභිසමය (ධර්මය අවබෝධ) විය. බුදුන් වහන්සේ දෙවන දවස්හි ද රතන සූත්‍රය වදාළහ. ඒ සමගම තවත් සුවාසු දහසක් ප්‍රාණීහු ධර්මාවබෝධය ලදහ. මෙසේ පිළිවෙළින් සත් දිනක් රතන සූත්‍රය දෙසූහ.