මේ ජාතකය වූකලී කාශ්‍යල සර්වඥයන්වහන්සේ සමයෙහි වන්නේය. එසමයෙහි උරචක්රමාලාව උසුලා නරකයෙහි පැසෙන්නාවූ එක් නාරකික සත්වයෙක් ස්වාමීනී කෙබඳුවූ අකුසල කර්මයෙක් කෙළෙහිදැයි බෝසතානන් අතින් විචාළේය. බෝධිසත්වයෝ තා විසින් මේ අකුසල කර්මය කරණලදැයි මෙසේ කිවුව. සමුද්‍ර මධ්‍යයෙහි දිවයිනක වෛමාණික ප්රේතීවූ දිව්‍යාඞගනාවන් සතරදෙනෙකු දැක එපමණකින් සතුටුනොව මේ යහපත්දෝහෝයි අයහපත්දෝහෝයි කියා ඒ ඒ තැන අධික තෘෂ්ණාවෙන් මතුමත්තේ ගොස් දිව්‍යාඞගනාවන් අටදෙනෙකු ලද්දෙහිය, එපමණකිනුත් සතුටුනොව ඉදිරියෙහි යන්නාවූ තෝ දිව්‍යාඞගනාවන් සොළොස්දෙනෙකුත් ලද්දෙහිය. තවද එපමණකිනුත් සතුටු නොවන්නාවූ තෝ දිව්‍යාඞගනාවන් දෙතිස්දෙනෙකුන් ලද්දෙහිය, ඉනුත් සතුටුනොව අත්රිචඡතායෙන් යන්නේ උරචක්රමාලාවට පැමිණියේ වෙහිය. මෙසේ ස්වකීයවූ ලාභයෙන් සතුටු නොව ඒ ඒ තැන්හි ඉචඡායෙන් ලාභය ප්‍රාර්ථනා කරන්නාවූ තෝ දැන් මේ උරචක්රමාලාවට පැමිණියේ වෙහිය. මෙසේ තෘෂ්ණා වසඟවූ තාගේ මස්තකයෙහි නැවත නැවත මේ උරචක්රමාලාව වැටී හිස කපමින් මහා දුක් දෙන්නේයයි ඔහුගේ කර්ම විපාකය ප්‍රකාශ කොට කිවූය. මෙසේ කියා මහබෝසතානෝ තමන් වසන්නාවූ දිව්‍ය ලෝකයටම ගියෝයි නාරකීක සත්වයා තමා කළ අකුසල් ගෙවීගිය කල්හි කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියේය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණ හැර දක්වා වදාරා මිත්තවින්දක ජාතකය නිමවා වදාළසේක.එසමයෙහි මින්තවින්දක නම් දුර්වව මහණය, එසමයෙහි දිව්‍ය පුත්‍රවූයේ තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක. |