මහා චුන්‍දෙත්‍ථර බොජ්ක්‍ධ්ඕග සුත්‍ර (පිරිත)

ඒවං මේ සූතං, ඒකං සමයං භගවා රාජගහේ විහරති වේළුවනේ කලන්‍දකනිවාපේ තේන ඛෝ පන සමයේන භගවා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ අථඛෝ ආයස්මා මහාචුන්දෝ සායණ්හසමයං පතිසල්ලානා වුටඨිතෝ, යේනභගවා, තේනුපසංකමි, උපසංකමිත්වා  භගවන්තං අභිවාදෙත්‍වා එකමන්තං නිසීදි,  එකමන්තං නිසින්නං ඛෝ ආයස්මන්තං මහාචුන්දං භගවා ඒතදවෝච පටිභන්තු තං චුන්‍ද බොජ්ක්‍ධ්ඕගාති සත්තිමේ භන්තේ බොජ්ක්‍ධ්ඕගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා, අභිඤඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති, කතමේ සත්ත. සති සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති ධම්මවිචය සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති විරිය සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. පීති සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතො භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. පස්සද්ධි සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තෙ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. සමාධි සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. උපෙක්ඛා සම්බොජ්ක්‍ධ්ඕගෝ ඛෝ භන්තේ, භගවතා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ, අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති. ඉමේ ඛෝ භන්තේ සත්ත බොජ්ක්‍ධ්ඕගා, භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තන්ති. තග්ඝ චුන්‍ද බොජ්ක්‍ධ්ඕගා, තග්ඝ චුන්‍ද බොජඣඕගා ති. ඉදමවෝචායස්මා මහාචූඤෝ සමනුඤඤෝ සත්‍ථා අහෝසි වුට්ඨාහි ච භගවා තම්හා ආබාධා තථා පහීනෝච භගවතෝ සෝ ආබාධෝ අහොසී ති. ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු

විස්තරය

මා විසින් මෙසේ අසන ලදී එකල එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේඵවන මහා විහාරයේ කලන්දක නිවාප නම් වූ ගිලනුන් සදහා වූ මහා විහාරයේ වැඩ වසන සේක එ සමයෙහි භගවත් තෙමේ පීඩිතව දුකට පත්ව දැඩි ලෙස ගිලන් වූයේ වෙයි ඉක්බිති ආයුෂ්යත් මහා චුන්ද තෙමේ සවස් යාමයේ ස්වකීය ඵල සමවතින් නැගීසිට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ  භාග්‍යවතුන් වහන්සේට වැද  එකත් පස්ව උන්නාහූය එකත් පස්ව උන් ආයුෂ්යත් මහා චුන්ද ස්ථවිරයන් වහන්සේට  භාග්‍යවතුන් වහන්සේ මෙය වදාල සේක චුන්දය තොපට බොජ්ඣංග ධර්මයෝ වැටහෙත්වා වහන්ස මේ සප්ත බොජඣඕග ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට ප්‍රකාශ කරන ලදහ භාවිතා කරන ලදහ නැවත නැවත පුහුනුකරන ලදහ සත්‍යය පිණිස මනා අවබෝදය පිණිස ම පවතී මේ කවර බොජඣඕගයන්ද යත් භාග්‍යවතුන් වහන්ස සති සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි ධම්මවිචය සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. වීරිය සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. ප්‍රීති සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි පස්සදි සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. සමාධි සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. උපේක්ඛා සම්බොධ්‍යංගය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. මේ සප්ත සම්බොධ්‍යංගයෝ වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට කියන ලද භාවිතා කරන ලද බහුල වශයෙන් නැවත නැවත පුහුනුකරන ලද සත්‍යය ප්‍රතිවේදය පිණිස  මනා අවබෝදය පිණිස නිවන් පිණිස පවතින්නකි. චුන්දය බොධ්‍යංග ධර්මයෝ මැනව චුන්දය බොධ්‍යංග ධර්මයෝ ඉතා මැනව. ආයුෂ්මත් මහා චුන්ද මෙය වදාල සේක සාස්තෲන් වහන්සේ මනාකොට අනුදැන වදාලහ. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක්මය භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය අහෝසිවී පහවී ගියේමය.  මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක්, සියළු භය, සියළු රෝග, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.

දීර්ග විස්තරය

 මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්‍දක නිවාප නම්වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. 

එකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්වහන්සේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේද ගිජුකුළුපව්වෙහි වාසය කෙරෙත්. එකල්හි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේ  දැඩිසේ  ගිලන්ව  දුකින් පෙළුණේ වේ.

එදා  ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ  සවස් වේලෙහි භාවනාවෙන්  නැගී සිටියේ ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්වහන්සේ හුන් තැනට ගොස් මෙපවත් කියා උන් වහන්සේද කැටුව ගිලන්ව හුන්  ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්වහන්සේ වෙත  පැමිනියේය. පැමිණ පනවන ලද ආසනයෙහි  ඉඳගෙන ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්වහන්සේ මෙසේ ඇසීය.

 ‘ඇවැත් ඡන්නය, ඔබට කෙසේද?, ඔබට වේදනා ඉවසිය හැක්කේද? දැරිය හැක්කේද? ශාරීරික  වේදනාවෝ අඩු වෙත්ද, වැඩි නොවෙත්ද, අඩුවන බවක් පෙනේද, වැඩිවන බවක් නොපෙනේදැයි’ ඇසීය.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට ඉතා  දැඩිව වේදනා දැනේ. ඒ වේදනාවෝ ඉවසිය නොහැක, එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් සියුම්වූ විදින කටුවකින් මාගේ හිස් මුදුන විදින්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ හිස පහරත්.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ.  ඇවැත්නි යම් සේ බලවත් පුරුෂයෙක් දැඩිවූ වර පටකින් මා හිස තදකොට වෙලා එය දෙපසින් අදිමින් තදකරන්නාසේ , ඇවැත්නි, එපරිද්දෙන්ම මාගේ හිසෙහි වේදනාවෝ බලවත්ව දැනේ..

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ. ඇවැත්නි යම් සේ දක්‍ෂවූ ගවයන් මරන්නෙක් ගවයන් මරන්නෙකුගේ අතවැසියෙක් හෝ තියුණුවූ ගෙරි කපන කැත්තෙන් කුස කපන්නේද, ඇවැත්නි එපරිද්දෙන්ම බලවත්වූ වාතයෝ කුස කපත්.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ.  ඇවැත්නි යම් සේ බලවත්වූ පුරුෂයෝ දෙදෙනෙක් ඉතා දුර්‍වලවූ පුරුෂයෙකු වෙන වෙනම අත්වලින් උසුලාගෙන් ගොස්  ගිනි අඟුරු වලෙක්හි දමන්නේද , ඇවැත්නි, එපරිද්දෙන්ම සිරුරෙහි බලවත්වූ දැවිල්ලක් වේ.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට දැඩිව වේදනා දැනේ. ඉවසිය නොහැක,එහි අඩුවක් නැත. දැඩිවූ මාගේ දුක් වේදනාවෝ වැඩිවෙත්, අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේ.  ආයුෂ්මත්වූ ශාරිපුත්‍රය, ආයුධයකින් දිවි තොර කරගන්නෙමි.ජීවිතය බලාපොරොත්තු නොවෙමියි, කීයේය.

’’ආයුෂ්මත් ඡන්නය, ඔබ එසේ නොකරත්වා.  ආයුධයකින් දිවි තොරකර නොගනීවා, ආයුෂ්මත් ඡන්න, ඔබ  ජීවත් වේවා.  අපි ජීවත්වන්නාවූ ඡන්නයන් (දැකීමට) කැමති වෙමු. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ ආහාර නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ ආහාර සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ බෙහෙත් නැතිනම් මම ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසුවූ බෙහෙත් සපයා දෙන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්නයන්ට සුදුසු වූ උපස්ථායකයෝ නැතිනම් මම ආයුෂ්මත් ඡන්න සථවිරයන්ට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්නයානි ඔබ , ආයුධයකින් දිවි තොරකර නොගණිවා. ආයුෂ්මත් ඡන්න ජීවත් වේවා. අපි ජීවත්වන්නාවූ ආයුෂ්මත් ඡන්නයන් (දැකීමට) කැමැත්තෙමු”යි, කීය.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, මට සුදුසු වූ ආහාර නැත්තේ නොවේ. මට සුදුසුවූ ආහාර ඇත. මට සුදුසු වූ බෙහෙත් නැත්තේ නොවේ. මට සුදුසුවූ බෙහෙත්ද ඇත. මට සුදුසු වූ උපස්ථායකයෝ නැත්තාහුද නොවෙත්. මට සුදුසුවූ උපස්ථායකයෝද ඇත්තාහ. ඇවැත්නි, එතකුදු වුවත් මා විසින් ශාස්තෲන් වහන්සේ බොහෝ කලක් යහපත්වූ කායකර්‍මාදියෙන්ම ඇසුරු කරණ ලදී. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරණ ලදී. ඇවැත්නි, යහපත්වූ කායකර්‍මාදියෙන් ශාස්තෲන් වහන්සේ ඇසුරු කරන්නේය. අයහපත්වූ කායකර්‍මාදියෙන් ඇසුරු නොකරන්නේය යන යමක් වේද, ඒ වනාහි ශ්‍රාවකයාහට සුදුසු වේ. ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඡන්න භික්‍ෂුන් නැවත ප්‍රතිසන්‍ධියක් නැත්තාවූ මේ ජීවිතය සිය කැමැත්තෙන් දිවි තොරකර ගන්නේය” යන මේ කාරණය මෙසේ දරණු මැනවැයි, කීය.

’’ඉදින් ආයුෂ්මත් ඡන්නයන් ගෙන් ප්‍රශ්න ඇසීමට ඉඩ දේ නම් අපි ආයුෂ්මත් ඡන්නයන්ගෙන් කිසියම් කරුණක් විචාරන්නෙමු., ,

“ඇවැත් ශාරිපුත්‍රයෙනි, අසනු මැනව, මම පිළිතුරු දෙන්නෙමි, 

’’ඇවැත් ඡන්නය, ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ  දක්නෙහිද?

’’ඇවැත් ශාරීපුත්‍රය, ඇස, චක්ඛු විඤ්ඤාණය, චක්ඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ  දක්නෙහිද?

’’ ඇවැත් ශාරීපුත්‍රය, කණ, සෝත විඤ්ඤාණය, සොත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි. ,

’’ඇවැත් ඡන්නය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ දක්නෙහිද?

ඇවැත් ශාරීපුත්‍රය, නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ දක්නෙහිද?

’’ඇවැත් ශාරීපුත්‍රය, දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ දක්නෙහිද?

’’ඇවැත් ශාරීපුත්‍රය, කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ඡන්නය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් 

‘මෙය මාගේය, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි’ ඔබ  දක්නෙහිද?,

’’ඇවැත් ශාරීපුත්‍රය, සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම  දක්නෙමි.

’’ඇවැත්වූ ඡන්නය, ඇසෙහි, චකඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන ඇස, චකඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කණ, සෝත විඤඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිද,

’’ඇවැත්වූ ඡන්නය, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන්හි කුමක් දැක කුමක් දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ ඔබ දක්නෙහිදැයි ඇසූහ.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, ඇසෙහි, චක්ඛු විඤ්ඤාණයෙහි, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන ඇස, චක්ඛු විඤ්ඤාණය, චකඛු විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, කණෙහි, සෝත විඤ්ඤාණයෙහි, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කණ, සෝත විඤ්ඤාණය, සෝත විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම  දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, නාසයෙහි, ඝාණ විඤ්ඤාණයෙහි, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන නාසය, ඝාණ විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, දිවෙහි, ජිව්හා විඤ්ඤාණයෙහි, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන දිව, ජිව්හා විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මම  දක්නෙමි.

’’ඇවැත් ශාරීපුත්‍රයෙනි, කයෙහි, කාය විඤ්ඤාණයෙහි, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන කය, කාය විඤ්ඤාණය, කාය විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි කීයේය. ,ඇවැත් ශාරීපුත්‍රයෙනි, සිතෙහි, මනෝ විඤ්ඤාණයෙහි, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් කෙරෙහි නිරුඬවීම දැක නිරුඬවීම දැන සිත, මනෝ විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණයෙන් දතයුතු ධර්‍මයන් ‘මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙමියි, කීයේය.

මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන්  ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ කීය. ,”ඇවැත් ඡන්නය, එසේනම් මෙහිදී  භාග්‍යවතුන් වහන්සේගේ මේ අනුශාසනයද නිරන්තරයෙන් මනාකොට මෙනෙහි කටයුතුයි. 

  • තෘෂ්ණාදිය ඇසුරුකළහුගේ කම්පාවීම ඇසුරු නොකළහුට කම්පාවීමක් නැත.
  • කම්පා වීමක් නැතිකල්හි ඇලීම ඇතිනොවේ. 
  • ඇලීම නැති කල්හි ප්‍රතිසන්‍ධි වශයෙන් ඊමක් හෝ චුති වශයෙන් යාමක් හෝ නැත. 
  • ඊමක් හෝ යාමක් නැති කල්හි චුත වීමක් හෝ ඉපදීමක් හෝ නැත.
  • චුතිය හා උත්පත්තිය නැති කල්හි මෙලොවද නැත පරලොවද නැත. දෙලොවම නැත. 
  • මෙයම දුක්ඛයාගේ කෙළවර වේය., යන අනුශාසනාවයි.

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ට මෙසේ  අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට ගියාහුය.

ඉක්බිති ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ  ඒ ආයුෂ්මතුන් වහන්සේලා බැහැර ගියාවූ නොබෝ කල්හි ආයුධයකින් බෙල්ල කපා genaගත්තේය. 

ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන්  භාග්‍යවතුන් වහන්සේ වෙත  පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක් පසෙක හිඳ මෙය සැල කෙළේය.

’’සවාමීනි, ආයුෂ්මත් ඡන්න සථවිරයන් විසින් ආයුධයකින් ගෙල කපා ගෙන  සිය දිවි තොර කරගන්නා ලදී. ඔහුගේ යලි උත්පත්තිය කෙසේ වන්නේ වේද ?  පරලොව කවරේද?,

’’ශාරීපුත්‍රය, ඔබ ඉදිරියෙහිදීම ඡන්න භික්‍ෂුව විසින් තමනට  නැවත උත්පත්තියක් නැතිබව ප්‍රකාශ කරණ ලද්දේ නොවේද?, 

,”ස්වාමීනි, පුබ්බවිචිර නම් වජ්ජි ග්‍රාමයක් ඇත්තේය. එහි ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන්ගේ මිත්‍රවූ කුලයෝ, යහළුවූ කුලයෝ වෙත්. නැවත ප්‍රතිසන්ධියක් වේ නම් ඔහුට ඒ  කුලයක නැවත ඉපදීම සුදුසු වෙත්ය”  යි, කීය.

’’ශාරීපුත්‍රය, ඡන්න භික්‍ෂූහුගේ එසේ  මිත්‍රවූ කුලයෝ, යහළුවූ කුලයෝ එළඹිය යුතු කුලයෝ වෙත්මැයි, එසේ වුවද ශාරීපුත්‍රය, මම මෙතෙකින් ඔහු ඒ කුලයක ඉපිදේ යයි නොකියමි. 

ශාරීපුත්‍රය, යමෙක්  මේ කය හැර යයිද , අනික් කයක් උරුමකර ගනීද, මම ඔහු එසේ වෙනත්  කයක් ලබන  ලද්දෙකැයි  කියමි. ඡන්න  භික්‍ෂූව එසේ වෙනත් කයක් ලැබුවේ නැත. 

ඡන්න භික්‍ෂුව ආයුධයකින් ගෙල සිඳගෙන දිවි තොර කර ගත්මුත් ඔහුට  නැවත ඉපදීමක් නැත “, ශාරීපුත්‍රය, මෙය මෙසේ දරවයි, වදාළ සේක.