බක ජාතකය

තවද ලෝකස්වාමී වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජෙතවන විහාරයෙි වැඩවසන සමයෙහි චීවර වෘද්ධිකයකි. නම් එක් භික්ෂූවකෙණෙකු න් වහන්සේ අරභයා මේ ජාතකය වදාරණලදී.

ඒ කෙසේද යත්,

දෙව්රම්වෙහෙර වැඩ වසන  එක් කෙණෙකුන් වහන්සේ කඩා කැපීම ගෙත්තම් කිරීම ආදියෙහි දක්ෂ සේකි. එසේ හෙයින් උන්වහන්සේට චිවර වඩ්ඩකී නම් විය දිරාගිය රෙදි කැබලි ගෙණ හත්ත කර්මාන්ත දක්වා සිවුරු ගෙත්තම් කොට රඳා සුරුකිව තබන සේක.

සිවුරු ගෙත්තම් කරන්ට නොදන්නා භික්ෂූන් වහන්සේ අලුත් අලුත් පිළි උන් වහනසේ සමීපයට ගෙණ ගොස් මේ කඩ කපා දුන මැනවයි කියන සේක. එකල ඒ මහණ කඩ කපා ගෙත්තම් කරණ සේක් කල් යවන්නේය. මා පළමු තන තුමූ සිවුරු ඇතැයි කියා අලුත් පිළි ගෙණ ජීර්ණ වූ සිවුරු දෙන සේක්. ඒ සිවුරු වැලඳ මදක් කිළුටු වූ කල උනුපැනෙහි ලා සෝදනසේක. එසමයෙහි ඒ ඒ තැන දිරුණු තැන් පෙනෙන්නේය. උන්වහන්සේලා බොහෝසේ කලකිරෙණසේක.

මෙසේ ආ ආ භික්ෂූන් වහන්සේගෙන් අලුත් පිළි ගෙණ දිරාගිය සිවුරු දී වංචාකරණ සේක් බොහෝ තැන ප්‍රකාශ වූ සේක. මුන් වහන්සේ පරිද්දෙන් පිටිසරත් එක මහණෙක් වූයේය. ඒ  මහණ දෙව්රම් වෙහෙර තමාගේ වංචා දන්නා එක්කෙණෙකුන් වහන්සේ ඇතැයි යනු අසා සිතනුයේ නුවරවාසී හු ඒ භික්ෂූ රවටන්ට උවමනවැයි සිතා ඉතා නොරත රෙදි සිවුරක්කොට යහපත්කොට රඳා ඒ සිවුර වැළඳ ගෙණ දෙව්රම් වෙහෙරට ගියසේක. අනික් මහණ ඒ භික්ෂූහුගේ සිවුර දැක ලෝභ උපදවා තමන් රවට්ටන්නට ආ බව නො දැන කියනසේක්,
“ස්වාමීනි, මේ සිවුර නුඹ වහන්සේ විසින් කරණ ලද්දේදැ?”යි විචාළේය.
“එසේය. අප විසිනැ”යි කී කල්හි
“එසේවීනම් මේ සිවුර මට දුන මැනව”යි කීසේක.
“කුමක් කියව්ද පැවිද්දෙනි. අප ඉන්නේ පිටිසර චීවරාදී ප්‍රත්‍යය දුර්ලභය. තොපට මේ සිවුර දී මම් කුමක් පොරවම්දැ?”යි කී සේක.
“ස්වාමීනි! අපගේ අළුත් පිළිඇත. ඒ ඇරගෙණ සිවුරු කොට ගෙණ ගත මැනව”යි
“සිවුර මට දුන මැනව”යි කීසේක.

එසේ තොප ඉල්වන කල
“සිවුර  ගනුව”යි කියා අළුත් පිළි ගෙණ සිවුර දී වංචා කොට ගියාහ.
උන්වහන්සේ සිවුර වැලඳ කීපදවසකින් උනු පැනෙහිලා සෝදනසේක් නොයෙක් තැන ඉරි රෙදි බව දැන පිටිසර මහණ මා වංචා කෙළේයයි ලජ්ජා වූ සේක.

ඉක්බිත්තෙන් පිටිසර වංචාදන්නා මහණෙකු වුත්, දෙව්රම් වේහෙර වංචාදන්නා මහණහු  රවටනලදැයි භික්ෂූන් මධ්‍යයෙහි ප්‍රකාශ විය. මේ කථාව එක් දවසක් දම්සභා මණ්ඩපයේ වැඩහුන් භික්ෂූන් වහන්සේ කියා කියා උන්තැනට බුදුරජානන් වහන්සේ තුන් තරා ගමනකින් එක්තරා ගමනකින් වැඩ වදාරා පණවන ලද බුද්ධාසන මස්තකයෙහි සවණක් ඝනරසින් දිලිහි දිලිහි වැඩ හිඳ මිහිරි වූ කටහඬින් බ්‍රහ්මඝෝෂා විහිදුවමින්..

“මහණෙනි. මා එන්නට පළමුවෙන් කවර කථාවකින් යුක්තව උනුදැ?”යි විචාරා ස්වාමීනි මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි දැන්වු කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පිටිසර මහණ දෙව්රම්වෙහෙර මහණහු පෙරත් රැවටුයේ වේදැයි වදාරා ඒ භික්ෂූන් විසින් ආරාධිත වූ සේක් අතීත කථාව දක්වා වදාළ සේක.

යටගිය දවස අප ශ්‍රී මහාබෝධිසත්වයෝ එක්තරා වනප්‍රදේශයක පියුම් විලක් ඇසුරුකොට සිටි ලුණුවරණ ගසෙක රුක්දෙවිව උපන්හ. එසමයෙහි එක්තරා කුඩා විලෙක නියං සමයෙහි දිය මඳවූයේය. එහි කුඩමස්සෝ බොහෝය. එක් කොකෙක් ඒ කුඩමස්සන් දැක එක් උපායකින් මුන් රවටා ගෙණ ගොස් මස්කන්නට උවමැනවයි සිතා ඒ විලට ගොස් දියකෙළවර කරබාගෙණ බකතපස් අඟවා සිතිවිල්ලක් සිතා උන්නේය.

කුඩමස්සෝ ඔහු දැක ලඟට ගොස් “ස්වාමීනි! කුමක් සිතා ඉදින්නේදැ?”යි විචාළාහුය. කොකා කියනුයේ, “තොපට වූ විපත සිතමින් ඉන්නෙමි” කිය.
“ස්වාමීනි! අපට වූ විපත කුමක්දැ?”යි කී කල්හි කොකා කියනුයේ
“මේ විල දියත් මදය. තොපට ගොදුරුත් මදිය. නියගත් මහත් බැවින් කුඩමස්සන්ට වූයේ මහත් දුකකැයි සිතා ඉඳිමි. තොපි මා කිවා කරවුනම් තොප හැම එකින් එක තුඩින් ඩැහැගෙන ගොස් පස්පියුමින් සැදි මහවිලකට අරින්නෙමි වේදැ”යි කියේය. එවිට කුඩමස්සෝ කියන්නෝ “ස්වාමීනි කොකානෙනි! කප අටගත් දා පටන් කුඩ මස්සන්ට වැඩකට කාරියක් සිතු කෙණෙක් නම් නැත. දැනුදු තොපි වනාහි කුඩ මස්සන් වංචාකොට එකින් එකා කනු කැමතිව කළ උපායකැයි සිතමිහ”යි කීය. කොකා කියනුයේ “තොපි එසේ නොකියව. මාගේ බස් නොඅදහම් නම් එක කුඩ මස්සෙකු එවා විල ඇති බව ඔහු ඇතින් විචාරා දැනගනුව”යි කියේය.

එවිට කුඩ මස්සෝ ඔහුගේ වංචා නොදැන මේ කොකා ධර්මිශ්ට එකෙකැයි එක්සිත්ව විල බලා එන පිණිස එක් කණපද්දකු දුන්හ. කොකාද ඒ කන පද්දා තුඩින් ඩැහැගෙන ගොස් ඒ විලට හැර සියලු විල් වල ඉසුරු දක්වා නැවත ගෙණ කුඩ මස්සන් සමීපයට හැරියේය.

ඒ කනපද්දා විලෙහි මහිම කුඩමස්සන්ට විස්තර කොට කියේය. ඒ සියලු මත්ස්‍යයෝම ඒ කොකාට කියන්නාහු
“ස්වාමීන් අප හැම ඒ විල ලුව මැනව”යි කිහ. කොකාද “යහපතැ”යි කියා පළමුකොට කනපද්දා ඩැහගෙන ගොස් විල දක්වා විල ඉවුර පිට සිටි ලුණුවරණ ගසෙහි සැඟවි ඉඳ තුඩින් ඇන කනපද්දා මරා මස්කා ඇට ගස මුල එළා නැවත විලට ගොස් ඔහු වන්නා විලට ඇරපිම් වෙන එකෙක් එවයි කියා ඔහුද ගෙණ ගොස් මස් කා මෙම නියාවෙන් එකින් එක ගෙණගොස් මස් කා සියලු කුඩමස්සන් නිමාවට ගියසේ දැන නැවත විලට ආයේ එක් කකුළුවෙකු ඉතිරිවූයේ දැක ඔහුද කනු කැමතිව කකුළුවාට කියන්නේ “එම්බා පින්වත් වූ කකුළුව! මා විසින් සියලු මත්ස්‍යයෝම පස්පියුමින් සැදි මහ විලෙක්හි හරණ ලද්දේය. තොපි මෙතන තනිව කුමකට ඉදුද ඉදින් තෝ කැමැත්තෙහි නම් තාත් ගෙණ ගොස් විලට අරින්නෙමි වේදැ”යි කීය.
එවිට කකුළුවා කියන්නේ “එම්බා කොකාණෙනි. ඒ විලට ගෙණ යන්නේ කෙසේ දැ?”යි විචාළේය.
“තුඩින් ඩැහැගෙණ යෙමි” කීයේය.
“එසේ ගෙණ යෙතොත් තොපි මා බිම එලව එබැවින් තොප ගෙණයන්ට බමි”යි කීය. කොකා එවිට කියන්නේ “තොපි එසේ නොබව! යහපත්කොට අල්වාගෙණ යෙමි” කිවුය.

එවිට කකුළුවා සිතන්නේ මේ කොකා විසින් එක කුඩමස්සෙකුත් විලට හැරියේ නැත හැම මස් කැයේය. ඉදින් මාත් විලට ගෙණ ගොස් විල ලූවොත් ලූ නියාමය විලට නොහැරියේ නම් මොහුගේ බොටුව කපා දිවි තොර කෙරෙමියි සිතා කොකාට කියන්නේ “යහළු කොකානනි. තොප හයපත්කොට අල්වාගත නොහෙයි අපගේ යහපත් ඇල්වීමක් ඇත. ඉඳින් තාගේ බොටුව අපගේ නලින් අල්වන්නට ලැබේනම් තොප හා සමඟ යන්නෙමි වේදැ?”යි කිවුය.

එවිට කොකා තුමු රවටන්ට කී බව නොදැනී” යහපතැ”යි පිළිගත කකුළුවාද තමාගේ නලින් අඬුවකින් ඇල්ලුවක් මෙන් ඒ කොකාගේ බොටුව තරව අල්වා ගෙණ “දැන් තොප යව”යි කීහ. කොකාද කකුළුවා ගෙණගොස් විල දක්වා ලුණුවරණ ගස දිසාවට යන්ට පටන් ගත

එවිට කකුළුවා කියන්නේ. “ඇයි මා විලට නොහැර කොයිගෙණ යවුදැ?”යි කී කල්හි “කිමෙක්ද කකුළුව, තෝ මට මායම් කියයිද තෝ මගේ නගකගේ බුහුනනියකගේ පුතෙක්ද? තෝ මා තා උසුලා ඇවිදිනා කොල්ලකුයි සිතයි ද? තෙල ලුණුවරණ ගසමුල තිබෙන කටු ගොඩ බල. මත්ස්‍යයන් යම්සේ අනුභවකෙළෙම්ද තාත් එසේම අනුභව කෙරෙම්යි” කිය.
එවිට කකුළුවා කියන්නේ “එම්බා කොක! ඒ කුඩමස්සෝ තමන් නුවන මද හෙයින් තට ගොදුරු වූය. එසේ අප රවට්ටන්නට නොපිළිවන, තාම විනාශයට පමුණුවමි තො නුවන නැති හෙයින් කැවිල් කැ පමණක් මුත් තා රැවටුනු බව නොදන්නෙහිය. මියතොත් දෙන්නම මියම්හ. දැන් තාගේ බෙල්ල කපා බිම හෙලමි” කියා අඬුව කින් ඇල්ලුවක් මෙන් තමා නලින් තොර ඔහුගේ බොටුව ඇල්විය.
එකල කොකා කරකැවි බෙල්ල නමා කට දල්වා ඇස් උජ හිඳුවා කදුළුවම්මා මරණ භයින් තැතිගෙණ
“ස්වාමීනි කකුළුවානෙනි. නුඹට කිසි අවඩැක් නොසිතමි නොකරමි මට ජිවිතදානය දුනමැනවැ”යි කිය.
“එසේ වි නම් සෙමෙන් අගසෙන් බැස මා තෙල විලට ඇරපියව”යි කිය.
එවිට කොකාද නැවත කරකැවී ගොස් විලට බැස විල කෙළවර මඩපිට කකුළුවා තුබුයේය. කකුළුවා කතුරකින් පියම්දණ්ඩක් කපන්නාක් මෙන් කොකාගේ බොටුව දෙකට කපා දියට වන්නේය. ඒ ආශ්චර්යය දුටු ලුණුවරණ ගසෙහි දේවතාවා සාධුකාර දී සියලු වනය උන් නාදකොට මිහිරි කටහඬින් මෙසේ කීයේය.

“මේ ලෝකයෙහි අතිශයින්ම වඤාචාබුද්ධි ඇති තැනැත්තේ හැමතැනම ඒ වඤාවෙන් සැපසේ පිහිටන්ට නොපිළිවන හෙවත් එකතැනකදී දෙතැනකදී වඤචාවෙන් ජයගත හෙයි, ඇම කල්හි ම ජයගත නොහැක්කේය. ඒ සොරසිත් ඇති පාපී සත්වයා තමාට අවඩැක් ලබන්නේය.කැමති දෙය නො ලබන්නේය. කුමක් මෙන්ද යතහොත් කකුළුවාගෙන් ශ්‍රීවචේඡදයට පැමිණි කොකා මෙනි. හෙවත් යම්සේ කකුළුවා කොකාගේ බොටුව කැපීද එපරිද්දෙන්ම වන්නේය“යි මේ අර්ථය ප්‍රකාශ කොට බෝධිසත්වයෝ වනය එකනින්නාද කොට ධර්මදේශනා කළසේක.

සුරාසුරව චක්‍රවාරු චූඩාමාණීමරිචිසඤචය පරිචුඹිත චරණනඛ මයුඛජවාලා ඇති බුදු රජානන් වහන්සේ වදාරණසේක්
“එම්බා මහණෙනි. දැන් මතු නොවෙයි පෙරත් වංචා දන්නවුන් වංචා කෙළෙම් වේදැ”යි වදාරා මේ ධර්මදේශනාව පූර්වාපර සන්ධි ගලපා මේ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි කොකා නම් දැන් දෙව්රම් වෙහෙර වසන කෛරාටික ස්වභාව ඇති චීවරඩඪකී මහණ වන්නේය. එකල්හි කකුළුවා නම් දැන් මේ පිටිසර වසන වංචාබුද්ධි දන්නා මහණ වන්නේය. එකල ලුණුවරණ ගසෙහි අධිගෘහිත දිව්‍ය පුත්‍රයා නම් ලෝකදිවාකර වූ මම ම වේදැයි තමන් වහන්සේ ගෙණ හැර දක්වා වදාළ සේක.