යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙක් රාජ්‍යය කරණ කල්හි අප මහාබෝධිසත්වයන් වහ්නසේ සිටුකුලයෙක්හි ඉපිද වැඩිවයසට පැමිණ පන්සියයක් ගැල් කරණකොටගෙණ වනික්කර්මාන්ත කරණ සේක් එත් එක් දවසෙක මහ මග ආරණ්‍යයකට පැමිණ අභිමුඛයෙහි සිට සියළු මනුෂ්‍යයන් රැස්කරවා මේ වනයෙහි විෂ වෘක්ෂයෝ නම් වන්නාහුය. එහි විෂපත්රයෝය. විෂ පුෂ්පයෝය, විෂ ඵලය, විෂ මධුය, යන මොහු වන්නාහුමය.පෙර තොප විසින් පරිභෝග නොකරණ ලද යම්කිසි පත්‍රයක් වත් පුෂ්පයක්වත් ඵලයක්වත් මා අතින් නොවිචාරා අනුභව නොකරවයි කීසේක. ඔහුන් උන්වහන්සේගේ වචනය පිළිගෙණ වනයට වන්නාහුය. වන අභිමුකයෙහි එක් ගම්දොරක කිං ඵල වෘක්ෂයෙක් ඇත්තේය. ඒ වෘක්ෂයාගේ ස්කන්ධ ශාඛා පුෂ්පඵල යන සියල්ලද අඹ හා සදෘශවන් නාහුය. හුදක් එම නොවෙයි වර්ණසටහනකින්ද සුගන්ධයෙන්ද රසයෙන්ද ආමපක්ව ඵලයෝද අඹඵල හා සදෘසය අනුභවකල කල්හි හලාහල විෂයක්මෙන් ජිවිතක්ෂයට පමුණුවන්නේය. පළමුවෙන් ගිය සමහර ලොල් වූ පුරුෂයෝ මේ අඹ වෘක්ෂයකැයි යන සංඥායෙන් ඵලයක් අනුභව කළාහුය. සමහර කෙණෙක් ගැල්සාත්තුවාහයන් අතින් විචාරා අනුභව කරම්හයි කියා අතින් ගෙන සිටියාහුය. ඔහු ගැල් සාත්තු වාහයන් ආ කල්හි ස්වාමීන් වහන්ස මේ ඵල අනුභව කරම්මෝදැයි විචාලාහුය. බෝධිසත්වයන් වහන්සේ මේ අඹ වෘක්ෂයෙක් නොවෙයි දැන වෘක්ෂය කිම් ඵල වෘක්ෂයක්ය අනුභව නොකරවයි වලක්වා යමෙක් අනුභව කළාහුද උද්ගාරය කරවා චතුමදුරය පානය කරවා නීරෝගී කළ සේක. පූර්වයෙහි මේ වෘක්ෂ මූලයෙහි මනුෂයෝ නවාතැන් ගෙන අඹ ඵල යයි සිතා මේ විෂ ඵලයන් අනුභව කොට ජිවිතක්ෂයට පැමිණියාහුය. දෙවැනි දින මෙහි ගම් වැසියෝ ඇවිත් මළ මනුෂ්‍යයන් දැක පාදයෙන් අල්වාගෙන ප්‍රතිච්ඡන්න ස්ථානයෙහි දමා ගැල් හා සමඟ ඔහුන් අයිති සියළු බඩු ගෙනයන්නාහුය. ඔහුන් ඒ දිනයෙහිද අරුණෝත්ගමන වේලාවෙහිම මට ගවයෝය මට ගැල්ය මට බඩු යයි කියා සීඝ්‍රව ඒ වෘක්ෂ මූලයට ගොස් නිරෝගීව සිට මනුෂ්‍යයන් දැක කෙසේ තෝ මේ වෘක්ෂය අඹ වෘක්ෂයක් නොවන්නේයයි දැනගත්තාහුදැයි විචාලාහුය. අප නොදැනුම්හයි ගැල් සාත්තුවාහ ක්ෂේෂ්ඨයානන් වහන්සේ දත් සේකැයි කීය. එවිට මනුෂ්‍යයෝ බෝධිසත්වයන් අතින් විචාරන්නාහූ පණ්ඩිතයානන් වහන්ස නුඹ වහන්සේ මේ වෘක්ෂය අඹ වෘක්ෂය නොවන බව කෙසේ දත් සේක්දැයි විචාලාහුය. අප මහ බෝධිසත්වයානන් වහන්සේ කාරණා දෙකකින් දැනගතිමි වදාලා සේක. මේ වෘක්ෂය දුකින් නැගෙන පරිද්දෙන් වැඩි නොවෙයි. ඔසවා තබන ලද ගිනිපෙලෙල්ලෙක් සේ සුවසේ නැගෙන පරිද්දෙන් වැඩියේය. ගමින් දුර සිටියේද නොවෙයි. ගම් දොර සිටියේය. ඉදින් මේ තෙම මධුර ඵල ඇති වෘක්ෂයෙක් වී නම් මෙහි එකදු ඵලයකුදු නොතිබෙන්නේය. මනුෂ්‍යයන් විසින් නිරන්තරයෙන් පිරිවරන ලද්දේ වෙයි. ඉන් මේ වෘක්ෂය විස වෘක්ෂය බව දැනගතිමියි කියා මහජනයාට ධර්ම දේශනා කොට යහපත් ගමනක් වැඩි සේක. ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ මහණෙනි පෙරත් නුවණැත්තෝ ඵලයෙහි දක්ෂ වූවාහුමයි කියා මේ දම්දෙසුන් ගෙන හැර දක්වා වදාරා පුර්වාපර සන්ධි ගලපා මේ ජාතකය නිමවා වදාළ සේක.එසමයෙහි ගැල් සාත්තු වාහයන්ගේ පරිෂිත්තෝම දැන් බුදු පිරිස් වූවාහුය. ගැල් සාත්තුවාහ ජ්‍යෙෂ්ඨ උපන්නේ නම් තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම් ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාල සේක. |