පරාභව සූත්‍රය (පිරිත)

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ, අථ ඛෝ අඤ්ඤතරා දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්ත වණ්ණා කේවලකප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි, උපසංකමිත්වා, භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී. ඒකමන්තං ඨීතා ඛෝ සා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් නම් අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල එක්තරා දෙවියෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි විශිෂ්ට වර්ණ ඇත්තේ සියලු ජේතවනය එකලු කෙරෙමින් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි යේ ය. එළැඹ, භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසව සිටියේය. එකත්පසව සිටි ඒ දෙවි භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ සැළ කළේය.

පරාභවන්තං පුරිසං – මයං පුච්ජාම ගෝතමං
භගවන්තං පුට්ඨුමාගම්ම – කිං පරාභවතෝ මුඛං

අපි පින්වත් ගෞතමයන් වහන්සේ ගෙන් පිරිහෙන පුද්ගලයා කෙබඳුදැයි විචාරමු. අපි පිරිහීමේ කරුණු මොනවදැ යි දැනගනු පිණිස පැමිණියෙමු.

සුවිජානෝ භවං හෝති – සුවිජානෝ පරාභවෝ
ධම්මකාමෝ භවං හෝති – ධම්මදෙස්සී පරාභවෝ

දියුණුවන පුද්ගලයා ද, ඒ ඒ කරුණුවලින් දත හැකි වෙයි. පිරිහෙණ පුද්ගලයා ද එසේම දත හැකි වෙයි. දශ කුශල ධර්මයට කැමැති වූ පුද්ගල තෙමේ දියුණු වෙයි. ධර්මයට ද්වේෂ කරන තැනැත්තේ පිරිහෙයි.

ඉති හේතං විජානාම – පඨමෝ සෝ පරාභවෝ
දුතියං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

භාග්‍යවතුන් වහන්සේ විසින් වදාළ පරිද්දෙන් මේ කාරණය දනිමු. හේ පළමුවන පිරිහීමේ දොරටුවයි. පිරිහීමට හේතුවන දෙවන කාරණය වදාළ මැනවි.

අසන්තස්ස පියා හොන්ති – සන්තේ න කුරුතේ පියං
අසතං ධම්මං රෝචේති – තං පරාභවතෝ මුඛං

මොහුට අන්‍ය ශාස්තෲහු ප්‍රිය වෙත්ද, බුද්ධාදී සත් පුරුෂයන් ප්‍රිය නොකෙරෙත් ද දෙසැටක් මිථ්‍යා දෘෂ්ටි ඇති අසත්පුරුෂ ධර්මයට ප්‍රිය කෙරෙත් ද? මේ කරුණු තුන පිරිහීමේ දෙවන දොරටුව ය.

ඉති හේතං විජානාම – දුතියෝ සෝ පරාභවෝ
තතියං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ දෙවන පරිහානිය දනිමි. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන තෙවන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

නිද්දාසීලී සභාසීලී – අනුට්ඨාතා ච යෝ නරෝ
අලසෝ කෝධපඤ්ඤාණෝ – තං පරාභවතෝ මුඛං

යම් මිනිසෙක් නිදන සුලුවේද, ගණයා කෙරෙහි ඇලෙන සුලු වේද, උට්ඨානවීර්‍ර්ය්‍ය නැත්තේද, උපතින් ම අලස වේද, ක්‍රෝධය ලක්ෂණ කොට ඇතිවේද, මේවා පිරිහීමට හේතුවන කාරණාය.

ඉති හේතං විජානාම – තතියෝ සෝ පරාභවෝ
චතුත්ථං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ තෙවන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන හතරවන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

යෝ මාතරං වා පිතරං වා – ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තෝ න භරති – තං පරාභවතෝ මුඛං

යමෙක් පොහොසත් වූයේ ජරාවෙන් දිරාගිය ඉක්ම වූ යොවුන් බව ඇති මව හෝ පියා පෝෂණය නො කරයිද, එය පිරිහීමට කරුණෙකි.

ඉති හේතං විජානාම – චතුත්ථෝ සෝ පරාභවෝ
පඤ්චමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ සිවුවන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන පස්වන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

යෝ බ්‍රාහ්මණං වා සමණං වා – අඤ්ඤං වාපි වණිබ්බකං
මුසාවාදේන වඤ්චේති – තං පරාභවතෝ මුඛං

යමෙක් බමුණෙකු වෙව යි, මහණකු වෙව යි, අන්කිසි යදියෙකු වෙව යි, මුසාවෙන් රවටානම් එය පිරිහීමට කරුණුය. 

ඉති හේතං විජානාම – පංචමො සෝ පරාභවෝ
ජට්ඨමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ පස්වන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන සයවන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

පහුතවිත්තෝ පුරිසෝ – සහිරඤ්ඤෝ සභෝජනෝ
ඒකෝ භුඤ්ජති සාදුනි – තං පරාභවතෝ මුඛං

බොහෝ රන් රුවන් කහවණු ඇති සූපව්‍යඤ්ජන භෝජනයෙන් සමෘඬ වූ පුරුෂයා තනිවම පිණිබොජුන් වළදානම් එය පිරිහීමේ කාරණාවෙකි.

ඉති හේතං විජානාම – ජට්ඨමෝ සෝ පරාභවෝ
සත්තමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ සයවන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන සත්වන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

ජාතිත්ථද්ධෝ ධනත්ථද්ධෝ – ගොත්තත්ථද්ධෝ ච යෝ නරෝ
සඤ්ඤාතිං අතිමඤ්ඤෙති – තං පරාභවතෝ මුඛං

යම් මිනිහෙක් ජාතිමානයෙන් තද වූයේ, ධන මානයෙන් තද වූයේ, කුලමානයෙන් තද වූයේ, සිය නෑයන් ඉක්මවා සිතා ද, එය පිරිහීමට කරුණු ය.

ඉති හේතං විජානාම – සත්තමෝ සෝ පරාභවෝ
අට්ඨමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ සත්වන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන අටවන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

ඉත්ථිධුත්තෝ සුරාධුත්තෝ – අක්ඛධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති – තං පරාභවතෝ මුඛං

යම් මිනිසෙක් ස්ත්‍රී ධුරත වූයේ, සුරා ධූරත වූයේ, අක්ෂ ධූර්ත වූයේ ලද ලද දෑ වනසයි ද, එය පිරිහීමට කරුණුය.

ඉති හේතං විජානාම – අට්ඨමෝ සෝ පරාභවෝ
නවමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ අටවන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන නවවන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

සේහි දාරෙහි සන්තුට්ඨෝ – වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසූ – තං පරාභවතෝ මුඛං

සිය බිරියන් විසින් නො සතුටුවූයේ වෛශ්‍යාවන් කරා පැමිණේද, එය පිරිහීමට කරුණුය.

ඉති හේතං විජානාම – නවමෝ සෝ පරාභවෝ
දසමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ නවවන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන දහවන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

අතීතයොබ්බනෝ පෝසෝ – ආනේති තිම්බරුත්ථනිං
තස්සා ඉස්සා න සුපති – තං පරාභවතෝ මුඛං

ඉක්ම ගිය යොවුන් බව ඇති පුරුෂයා තිඹිරිපල බඳු පියුවුරු ඇති තුරුණු දැරියන් ආවාහ කොට ගනීද, හේ ඇයට ඊර්ෂ්‍යාවෙන් නො නිදා ද, ඒ පිරිහීමේ කරුණුය.

ඉති හේතං විජානාම – දසමෝ සෝ පරාභවෝ
ඒකාදසමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ දහවන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන එකොළොස්වන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

ඉත්ථි සොණ්ඩිං විකිරණිං – පුරිසං වාපි තාදිසං
ඉස්සරියස්මිං ඨාපාපේති – තං පරාභවතෝ මුඛං

මත්ස්‍ය මාංස මද්‍යපාන ආදියෙහි ලොල් වූ ඒ සඳහා ධනය විසුරුවන මාගමක් හෝ එබඳු පුරුෂයෙකු ආධිපත්‍යයෙහි තබා ද එය පිරිහීමේ කරුණුය.

ඉති හේතං විජානාම – ඒකාදසමෝ සෝ පරාභවෝ
ද්වාදසමං භගවා බ්‍රෑහි – කිං පරාභවතෝ මුඛං

මෙසේ එකොළොස්වන පරිහානි කාරණය දැන ගතිමු. භාග්‍යවතුන් වහන්ස, පිරිහීමට හේතුවන දොළොස්වන කාරණය කුමක්දැයි ප්‍රකාශ කරනු මැනවි.

අප්පභෝගෝ මහාතණ්හෝ – ඛත්තියේ ජායතේ කුලේ
සෝ ච රජ්ජං පත්ථයති – තං පරාභවතෝ මුඛං

අල්ප භෝග ඇති, මහත් භෝග තෘෂ්ණා ඇති යමෙක් ක්ෂත්‍රිය කුලයෙහි උපදී ද, හේ රාජ්‍යය පතානම් ඒ පිරිහීමට කරුණු ය.

ඒතේ පරාභවේ ලෝකේ – පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියෝ දස්සනසම්පන්නෝ – ස ලෝකං භජතේ සිවන්ති.

පණ්ඩිත වූ ඒ පරාභවය දක්නා නුවණැති ඒ ආර්ය්‍ය පුද්ගලයා ලෝකයේ එම පරිහාණි කාරණා පිරිසිඳ දැන දෙව්ලොවට පැමිණෙයි.

හැඳින්වීම

පරාභව සූත්‍රය මංගල සූත්‍රයේ ප්‍රතිවිරෝධතාව සේ සැලකිය හැකියි. බුදුරදුන් වෙත පැමිණ පරිහානියට හේතුවන කාරණා විමසූ එක්තරා දේවතාවකුට වදාරණ ලද්දකි. කෙනෙකු දහමට ඇළුම් කරතොත් හේ උන්නතියට ද දහමට ද්වේෂ කරතොත් අවනතියට ද පත්වේය යන ආදී කරුණු මෙහි අන්තර්ගත වේ.