පංච උපාදානස්කන්ධය

රෑපස්කන්ධය යනු පඨවි ආපෝ තේජෝ වායෝ යන ධාතු සතරත් ඉන් හටගත් රෑපත් ය. පඨවි යනුතද ගතියයි. ආපෝ යනු ඇලෙන වැගිරෙන ගතියයි. තේජෝ යනු රස්නය හෝ සීතලයි. වායෝ යනුසෙලවෙන ස්වභාවයයි.

පඨවි ධාතුව

යම් කිසි වස්තුවක් අත ගා බැලුවා ම ඔබා බැලුවා ම දැනෙන තද ගතිය පඨවි ධාතුව ය. සමහර වස්තූන් අත ගා බැලුවා ම ඔබා බැලුවා ම මොළොක් බව දැනෙන්නේ ය. ඒ මොළොක්බවත් අනිකක් නො ව මඳ වූ තද ගතිය ම ය. තදය මොළොක් ය යන මේ වචන කුඩා ය – මහත්ය යන වචන මෙන් එක් දෙයක් නිසා අනිකට කියන නම් ය. කුඩාය කියන දෙය එකටවඩා කුඩා දෙයක් හා සසඳන කල්හි මහත් දෙය වේ. එසේ ම මහත්ය කියන දෙය ද එයටවඩා මහත් දෙයක් හා සසඳන කල්හි කුඩා දෙය වේ. මෙසේ මොළොක්ය කියන දෙය එයටවඩා මොළොක් දෙයක් හා සසඳන කල්හි තද දෙය වේ. තදය කියන දෙය ද එයට වඩා තදදෙයක් හා සසඳන කල්හි මොළොක් දෙය වේ. කරුණු මෙසේ හෙයින් තද ගතිය ය කියන්නේත්මොළොක් ගතිය ය කියන්නේත් එක ම පඨවි ධාතුවට බව දත යුතු ය. අතට දැනෙන්නේ ඉතාසියුම් නො වූ තද ගතිය ය. සමහර දෙයක ඇති ඉතා සියුම් තද ගතිය අතට දැනෙන්නේ දනැත. ධාතු යන වචනයේ තේරුම සත්ත්ව නො වන ස්වභාවය යනුයි.

පෘථවි ධාතු කොටස් විස්ස (ශරීරයේ ධාතු කොටස්)

කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුලු, වකුගඩුව, හදවත, අක්මාව, දලබුව, ඇලදිව, පෙණහල්ල, අතුණු, අතුණුබහන්, නො පැසුණු අහර, පැසුණු අහර, මොළය.

මේ කොටස් විස්ස හා තවත් ශරීරයේ ලක්ෂණ ඇති යමක් වේ නම් ඒ සියල්ල ම පෘථවි ධාතූහුය.

ආපෝ ධාතුව

ඇලෙන ගතිය ආපෝ ධාතුව ය. එක් ව ඇති වන රූපයන්හි ඇතුළත පිටත දෙක්හි ම පැතිරසිටීම ආපෝ ධාතුවේ ස්වභාවය ය. තමා හැ ගැටී ඇති දෙය තමා වෙත ඇද ගැනීම, උරාගැනීම තමාගෙන් ඉවත් වන්නට නො දී අල්ලා ගැනීම ආපෝ ධාතුවේ ස්වභාවය ය. ලොව ඇතිවස්තූන් ධූලි මෙන් විසිරී නොගොස්, එකට බැඳී ඝන වී පවත්නේ ආපෝ ධාතුවේ බලයෙනි. පඨවි ධාතුව අධික ව ආපෝ ධාතුව මඳ වී ඇති වස්තු කැටි වී ඝනවී පවතී. ශරීරවල ඇට නහරමස් ආදියත් පස් ගල් යකඩ කොළ පොතු මුල් ලී ආදියත් ආපෝ ධාතුව අඩු පඨවි ධාතුව වැඩිදේවල් ය. පඨවි ධාතුව මඳ වී ආපෝ ධාතුව අධික වුවහොත් දියාරු දෙයක් වැගිරෙන දෙයක්ඇති වේ. තෙල් වතුර ආදිය පඨවි ධාතුව මඳ, ආපෝ ධාතුව අධික දේ ය.

අපේම ශරීරය තුළ තියෙනවා ධාතුන්ගෙන් මයි හටගන්න හැබැයි ආපෝ සභාව වැඩි වැගිරෙනසභාවේ වැඩි දේවල්. පිත සෙම සැරව ලේ දහඩිය කඳුළු වුරුණු තෙල් මුත්‍ර ආදී ආදී ශරීරයේතුරුවිල ගිරිල්ල දේවල් ගලාගවැගිරෙන දේවල් ගලාගෙන යන සභාවෙන් යුතු දේවල් එවැනිකොටස් 12ක් බුදුරජාණන් වහන්සේ පෙනුනා මූලික වශයෙන් හැදෙන්නේ සතර මහාධාතුන්ගෙන් හටගත් හැබැයි මේ තුළ වැඩි හැටියට හඳුන්වා 

ආපෝ ධාතු කොටස් දොළස (ශරීරයේ ධාතු කොටස්)

පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල, කඳුළු, වුරුණු තෙල, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍රයන මේ කොටස් දොළොස හා ශරීරයේ ආබන්ධන ලක්ෂණයෙන් යුක්ත වූ අන්‍ය වූ ද යම්කිසිවක් වේ නම් ඒ සියල්ල ම ආපෝ ධාතූහුය. 

තේජෝ ධාතුව

උණුසුම් බව හා සිසිල් බව තේජෝ ධාතුව ය. එක් ව පවත්නා රූප පැසවීම, මේරවීම තේජෝධාතුවෙන් සිදු කරන දෙය ය. ළපටි කාලයේ දී ඒ පැසවීමෙන් රූප 

මෝරා ශක්තිමත් වේ. වර්ධනය වේ. මේරීම අවසන් වූ පසු නැවත නැවත වන්නා වූ පැසවීමෙන්සත්ත්ව ශරීර හා බාහිර වස්තු දිරා පිරිහී යන්නේ ය. එක ම තේජෝ ධාතුවෙන් ඒ ඒ වස්තුවලදියුණුව ය, පිරිහීමය යන දෙක ම සිදු කරනු ලැබේ. ගින්නෙහි තේජෝ ධාතුව අධික ව ඇත්තේය.

තේජෝ ධාතු කොටස් සතර  (ශරීරයේ ධාතු කොටස්)

සන්තාපන තේජෝ ධාතුවය,‍ ජිරාපන තේජෝ ධාතුවය, පරිදහන තේජෝ ධාතුවය, පාචකතේජෝ ධාතුවය යයි ශරීරයේ තේජෝ ධාතු කොටස් සතරකි.

ශරීරයේ උණුසුම “සන්තාපන තේජෝ ධාතු” නමි. එය උණ ගැනුණු අවස්ථාවලදී වඩා ප්‍රකටවන්නේ ය. ශරීරයේ දිරීම සිදු කරන්නා වූ තේජෝ ධාතුව “ජිරාපන තේජෝ ධාතු” නමි. කල්යෑමෙන් ශරීරය දිරන්නේ හිසකේ පැසීම ඇඟ රැලි වැටීම ආදිය සිදු වන්නේ ඒ තේජෝධාතුවෙන් කරන තැවීම නිසාය. ශරීරය දවන්නා වූ තේජෝ ධාතුව “පරිදහන තේජෝ ධාතුව” නමි. මිනිසුන් විසින් ඇස් දැවිල්ලය, පපුව දැවිල්ලය, අත්පා දැවිල්ලය යනාදිය කියනුයේ ඒතේජෝ ධාතුවෙන් කරන දැවීමට ය. දැවීම මිස එහි උණුසුමක් නැත. අනුභව කළ ආහාරයපැස වන්නා වූ තේජෝ ධාතුව “පාචක තේජෝ ධාතු” නමි.

වායෝ ධාතුව

පුම්බවන තල්ලු කරන ස්වභාවය වායෝ ධාතුව ය. එය අධික වස්තුව, පිම්බීමෙන් මහත් වීබරින් අඩු වී පවතී. වායෝ ධාතුව ඉතා අධික දෙය සුළඟ ය. තල්ලු කරන ස්වභාවය අධිකබැවින් එය නිතර සෙලවේ.

මේ ධාතු සතරෙන් එකකටවත් අනික් ධාතු තුනෙන් වෙන් ව ඇති විය නො හැකිය. පැවතිය නොහැකි ය. පඨවි ධාතුව උත්සන්න ව පවතින යකඩයෙහි ද ගලෙහි ද අනික් ධාතු ධාතුවඋත්සන්න ගින්නෙහි ද, වායෝ ධාතුව උත්සන්න සුළඟෙහි ද ධාතු සතර ම ඇත්තේ ය.

වායෝ ධාතු කොටස් සය  (ශරීරයේ ධාතු කොටස්)

උද්ධංගම වාතය ය, අධෝගම වාතය ය, කුච්ඡිසය වාතය ය, කොට්ඨාසය වාතය ය, අංගමංගානුසාරී වාතය ය, ආශ්වාස ප්‍රශ්වාස වාතය යි ශරීරයේ වායෝ ධාතු කොටස් සයෙකි.

හික්කා වමනාදිය පවත්වන උඩ බලා ගමන් කරන වාතය “උද්ධංගම වාත” නම් වේ. මල මුත්‍රබැහැර කිරීම් ආදි වශයෙන් ශරීරයේ යට බලා ගමන් කරන්නා වූ වාතය “අධෝගම වාත” නමි. කුස තුළ බඩ වැලින් පිටත හැසිරෙන වාතය 

කුච්ඡිසය වාත” නමි. බඩවැල ඇතුළත හැසිරෙන වාතය “කොට්ඨාසය වාත” නමි. හුස්මඉහළ පහළ ගැනීමේදී ඇති වන වාතය “ආශ්වාස ප්‍රශ්වාස වාත” නමි. ශරීරයේ සෑම තැනමහැසිරෙන ශරිරාවයවයන් ක්‍රියා කරවන්නා වූ වාතය “අංගමංගානුසාරි වාත” වාත නමි.

පෘථිවි ධාතු කොටස් විස්සය, ආපෝධාතු කොටස් දොළොසය, තේජෝ ධාතු කොටස් සතරය, වායෝ ධාතු කොටස් සය ය යන මේ ධාතු කොටස් දෙ සාළිසට ද්වාචත්තාළීසාකාරය යි කියනුලැබේ.

ආකාශ ධාතුව

කන් සිදුරු දෙකය, නාස් සිදුරු දෙකය, මුඛයේ සිදුරය, ග්‍රීවයේ සිදුරය, අනුභව කළ ආහාරරැස්වන ස්ථානයේ කුහරය ය, දිරූ ආහාර පිට කරන සිදුරය යනාදි ශරීරයේ ඇති සිදුරු සියල්ලආකාශ ධාතුවයි.

වේදනාව තුන් ආකාරය. මනාප අරමුණු නිසා සුඛ වේදනාව ඇති වේ. අමනාප අරමුණුනිසා දුක්ඛ වේදනාවඇති වේ. මැදහත් අරමුණූ නිසා උපේක්ෂා වේදනාව ඇති වේ.

සංඥාව යනු හදුනාගැනීමයි. රෑප හැදිනීම රෑප සංඥාව යි. ශබ්ද හැඳිනීම ශබ්ද සංඥාව යි. ගඳ සුවඳ හැඳිනීම ගන්ධ සංඥාවයි. රස හැඳිනීම රස සංඥාව යි. ස්පර්ශ හැඳිනීමපොට්ඨබ්බ සංඥාව යි. මනසට එන අරමුණු හැඳිනීම ධම්ම සංඥාවයි. විශේෂයෙන්මසංඥාවෙන් වේදනාව සැප දුක් හෝ මැදහත් වශයෙන් හදුනාගනියි.

සංස්කාර යනු කුසලාකුසල චේතනා යි. කුසල චේතනා පුඤ්ඤාභිසංකාර නම් වේ. අකුසලචේතනා අපුඤ්ඤාභිසංඛාර වේ. අරෑපාවචර කුසල චේතනා ආනෙඤ්ජාභිසංඛාර වේ. විභංගසූත්රනයේ සංස්කාර කාය වචී සහ චිත්ත යනුවෙන් තුන් කොටසකට බෙදා දක්වා ඇත. කායසංඛාර යනු ආශ්වාස ප්‍රාස්වාසය. වචී සංඛාර යනු විතක්ක විචාරයන් ය. චිත්ත සංඛාර යනුසංඥා වේදනා ප්‍රධාන අනෙත් චෛතසික යි.

විඤ්ඤාණය යනු දැනගැනිමයි. ඇසයි රෑපයයි නිසා රෑප දකින චක්ඛූ විඤ්ඤාණය ඇති වේ. කනයි ශබ්දයයි නිසා ශබ්දය දැනගන්නා සෝත විඤ්ඤාණය ඇති වේ. නාසයයි ගන්ධය යිනිසා ගන්ධය දැනෙන ඝාණ විඤ්ඤාණය ඇති වේ. දිවයි රසයයි නිසා රස දැනෙන ජිව්හාවිඤ්ඤාණය ඇති වේ. කයයි පහසයි නිසා පහස දැනෙන කාය විඤ්ඤාණය ඇති වේ.

රෑප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ යනු ක්‍රියාවලියකි. ඇසෙහි රෑපයක් ගැටුණා කියාසිතන්න. එවිට ඇසත් රෑපයත් රෑප දකින සිතත් යන තුනේ එකතුව හෙවත් ඇසේ ස්ඵර්ශය වේ. ඒ සමගම ඒ අරමුණ මනසට ද ස්පර්ශ වේ.  ස්පර්ය නිසා වේදනාව හටගනියි. රෑපය ප්‍රියඑකක් නම් සුඛ වේදනාවක් හටගනියි. අප්‍රිය එකක් නම් දුක්ඛ වේදනාවක් හටගනියි. සංඥාවෙන් එම රෑපය අසවල් දේ යයි හ‍ඳුනා ගනියි. චේතනාවෙන් ඒ රෑපය මනවඩනා දෙයක්නම් එය පියකරැය එය ලබාගන්නට ඕනෑය ආදී ලෝභ සිතුවිලි වලින් යුත් චේතනාවෝ වෙති. ඒරෑපය අප්‍රිය එකක් නම් එය නැසිය යුතුය ආදී ද්වේෂ සිතුවිලි වලින් යුත් චේතනාවෝ දහටගනිති. කුසල සංස්කාරයෙන් කුසල විඤ්ඤාණයක් හටගනියි. අකුසල සංස්කාරයෙන්අකුසල විඤ්ඤාණයක් හටගනියි.

මෙම පංච උපාදානස්කන්ධය යනු දුක්ඛ සත්‍යය යි. තණ්හාව දුක්ඛ සමුදය සත්‍යය යි. තණ්හාව නැති වීමෙන් ලබන උතුම් වූ නිවන නිරෝධ සත්‍යයි. ඒ නිවනට යන උතුම් මාර්ගයආර්ය අෂ්ටාංගික මාර්ගය යි.

සක්කාය දිට්ඨිය කියල කියන්නේ පංච උපාදානස්කන්ධය මම, මගේ, මගේ ආත්මය වශයෙන්හිතාගෙන සිටීම යි. “සක්කාය” කියන්නේ පංච උපාදානස්ඛන්ධයට කියන නමක්. මොනවද මේපංච උපාදානස්ඛන්ධ ? 
ඒ තමයි, 

1.) රූප උපාදානස්කන්ධය
2.) වේදනා උපාදානස්ඛන්ධය
3.) සංඥා උපාදානස්කන්ධය
4.) සංස්කාර උපාදානස්කන්ධය
5.) විඥ්ඥාන උපාදානස්කන්ධය

පංච උපාදානස්කන්ධය මම, මගේ, මගේ ආත්මය වශයෙන් හිතාගෙන සිටීම සක්කායදිට්ඨියයි. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කලවිට එවැනි ආත්ම දෘෂ්ටියක් ඇතිවෙන්නේ නෑ. සසරගමනක් සකස් වෙලා තියෙන්නේ මුලිකවම මම, මගේ, මගේ ආත්මය කියල දැඩිව බැඳී තිබීමනිසයි. 

සසරට බැඳුනු පුද්ගලයා ඇස මම කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස්ඇතිකරගන්නවා. ඇස මගේ කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. ඇස මගේ ආත්මයයි කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. කන මමකියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. කන මගේ කියල හිතාගෙන එයඅනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. කන මගේ ආත්මයයි කියල හිතාගෙන එයඅනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. නාසය මම කියල හිතාගෙන එය අනුබද්දයෙන්කෙලෙස් ඇතිකරගන්නවා. නාසය මගේ කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස්ඇතිකරගන්නවා. නාසය මගේ ආත්මයයි කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස්ඇතිකරගන්නවා. දිව මම කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. දිවමගේ කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. දිව මගේ ආත්මයයිකියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. කය මම කියල හිතාගෙන එයඅනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. කය මගේ කියල හිතාගෙන එය අනුබද්දයෙන්කෙලෙස් ඇතිකරගන්නවා. කය මගේ ආත්මයයි කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස්ඇතිකරගන්නවා. සිත මම කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. සිතමගේ කියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. සිත මගේ ආත්මයයිකියල හිතාගෙන එය අනුබද්දයෙන් කෙලෙස් ඇතිකරගන්නවා. 

එතකොට නැවත භවයක් සකස් වෙන එක වලක්වන්න බෑ. 

සක්කාය දිට්ඨියෙන් යුතු පුද්ගලයා “හයේ ගොඩවල් හයක්” මම, මගේ, මගේ ආත්මය කියලහිතාගෙන ඉන්නවා. 

1වෙනි ගොඩවල් 6 තමයි – ඇස, කන, නාසය, දිව, කය, සිත

2 වෙනි ගොඩවල් 6 තමයි – රූප, ශබ්ධ, ගන්ධ, රස, පහස, අරමුණු

3 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ විඥ්ඥානය, කනේ විඥ්ඥානය, නාසයේ විඥ්ඥානය, දිවේ විඥ්ඥානය, කයේ විඥ්ඥානය, මනෝ විඥ්ඥානය

4 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේස්පර්ශය, කයේ ස්පර්ශය, සිතේ ස්පර්ශය

5 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ වේදනාව, කනේ වේදනාව, නාසයේ වේදනාව, දිවේවේදනාව, කයේ වේදනාව, සිතේ වේදනාව ( වේදනා කීවහම තුන් ආකාරයේම වේදනා මෙතනඅයිතියි. දුක්, සැප, උපේක්ෂා)

6 වෙනි ගොඩවල් 6 තමයි – ඇසේ තණ්හාව, කනේ තණ්හාව, නාසයේ තණ්හාව, දිවේතණ්හාව, කයේ තණ්හාව, සිතේ තණ්හාව.

සෝවාන් මාර්ග ඥානය උපදවාගෙන ඉන්න පුද්ගලයා ඔය කියපු කාරණා 36 ගැනම නුවනින්දකිමින් වාසය කරනවා. මම, මගේ, මගේ ආත්මය වශයෙන් දැඩිව අල්ලගන්න්නේ නැහැ. ආර්ය න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදය ගැන අවබෝධයෙන් ඉන්නවා. සෝවාන් ඵලයට පත්වූවිට තුන් සංයෝජන ( සක්කාය දිට්ඨිය, විචිකිච්චාව, සීලබ්බත පරාමාස ) ප්‍රහාණය වෙලානැවත පහත නොවැටෙන ස්ථිර අවබෝධයක් ඇතිවෙනවා. ඒකට කියන්නේ සෝවාන් ඵලඥානය කියල. සෝවාන් ඵලයට පත්වූ විට උපරිම වශයෙන් නැවත ඉපදෙන්නේ 7 පාරයි. අනිවාර්යෙන්ම නිර්වාණය අවබෝධකරගෙන සියලු සසර දුක් නිමාකරගෙන පරිනිර්වාණයටපත්වෙනවා.