නතං දළහන්ති (සිරගෙයක් පිළිබඳව දේශනා)

එක් කලෙක බොහෝ ගෙවල් බිඳින අතර මගදී මිනිසුන් ඝාතනය කරන මිනීමරු සොරුන් ගෙනවුත් කොසොල් රජුට පෙන්වූහ. ඔවුන් රජු විසින් දම්වැල්වලින් බැඳ රැහැන් බන්ධන මාංචු බන්ධන ආදියෙන් බැඳවීය. සියළු ජන පදවලින් භික්ෂූන් වහන්සේලා බුදුන් දකිනු කැමතිව අවුත් වැඳ දෙවන දින සැවැත්නුවර පිඩුපිණිස හැසිරෙන අතර සිරගෙට ගොස් එම සොරුන් දැක පිණ්ඩපාතයෙන් පසු සවස බුදුන්වෙත එළඹ ස්වාමීනි අද අපි පිඩුසිඟා වඩින අතර සිරගෙයි සොරු දම්වැල් ආදියෙන් බැඳ මහදුක් විඳින අයුරු දිටිමු. පළායාමට නොහැකි මේ බැඳුම්වලට වඩා ස්ථිරසාර වෙනත් බැඳුම් ඇත්ද ස්වාමීනියි විමසුහ. මහණෙනි මේ බන්ධන මොනවාද යමෙකුට ධන ධාන්‍ය අඹුදරුවන් පිළිබඳ තණ්හා කෙලෙස් බන්ධන මේ බැඳුම්වලට වඩා සියදහස් ගුණයෙන් ස්ථිරසාර වේ. මේ මහත් බන්ධනවලින් මිදුන පෙර පඩිවරු හිමවතට පිවිස පැවිදි වුනයි පවසා අතීතය ගෙන හැර දැක්වුහ.

පෙර බරණැස බ්‍රහ්මදත්ත රජු රජ කරන අතර බෝසත්තුමා එක් දුගී නිවසක ඉපදුණි. ඔහු වයසට පැමිණෙන අතර පියා කළුරිය කළේය. ඔහු බැලමෙහෙවරකර මව පෝෂණය කළේය. ඔහුගේ මව අකමැත්තෙන් සිටියදීම එක් කුල දුවක් පාවා දී පසුකලෙක කළුරිය කළාය ඔහුගේ බිරිඳගේ කුස දරුගැබක් පිහිටියේය. ඔහු මේ දරුගැබ පිහිටි බව නොදැන සොදුර ඔබ කුලී වැඩ හෝ වතාවත් කර ජීවත් වෙව මම පැවිදි වන්නෙමි. කිවේය. ඇය එවිට ස්වාමීනි මට ගැබක් පිහිටියේය මා බිහිකරන දරුවා දැක පැවිදිවන්නැයි කිව්වේය. ඔහු යහපතැයි පිළිගෙන දරුවා වැදු පසු සොදුර ඔබ හොදින් බිහිකළ නිසා මව දැන් පැවිදි වෙමි. ඉක්බිති ඇය පුතා කිරි බී අවසන් වන තෙක් පමා වන්නැයි කියා නැවත ද දරු ගැබක් ගත්තේය. (ගැබ්ගති) ඔහු මෙසේ සිතුවේය. මොහු මැය ගිවිස්සාගෙන මැගේ කැමැත්තෙන් යාමට නොලැබෙයි. මැයට නොකියාම පළා ගොස් පැවිදි වන්නෙමියි සිතා ඇයට නොදන්වා රාත්‍රියේ නැගිට පළාගියේය. අනතුරුව නගරාරක්‍ෂකයෝ අල්ලා ගත්හ. ඔහු ස්වාමීනි මම මව පෝෂණය කරන්නෙකි. මා මුදාහරින්නැයි ගැලවී එක් තැනක සිට හිමවතට පිවිස ඍෂි පැවිද්දෙන් පැවිදිවී අභිඥා සමාපත්ති උපදවා ධ්‍යාන ක්‍රීඩාවේ යෙදෙමින් වාසය කළේය. ඔහු එහි වසන්නේ මෙබඳු වූ මිදීමට අපහසු පුත්‍ර දාර බන්ධනය කෙලෙස් බන්ධනය සිඳ දැමුවේ යයි උදානයක් පැවසීය. බුදුහු මේ අතීතය දක්වා ඔහු විසින් ප්‍රකාශ කරන ලද උදානය මේ ගාථාවෙන් දැක්වුහ.

යකඩෙන් දැවෙන්, කළුගලකින් කරන ලද

සිරගෙය මහා බැඳුමක් යයි සිතන වද

දූ දරු රන් රුවන් වතුපිටි කෙරෙහි තද

ආසාවම මහා බැඳුමයි සසර බැඳ

ඒ ආසාව දුරු කරමින් කෙනෙක් ලොවේ

පැවිදිව වසන්නේ නම් දුක්වලින් නිවේ.

ලෝහමය වූ ද. දැවමය වූ ද. බුබුස් තණ වලින් වූ ද. බන්ධනයක් වෙයි නම් ප්‍රාඥයෝ එය දැඩි බැම්මක් ලෙසම නොකියති මැණික් හා කුණ්ඩලාභරණ විෂයෙහි අතිශයින් ඇලුනාවු යම් තෘෂ්ණාවක් වේද පුතුන් කෙරෙහිද අඹුවන් කෙරෙහිද යම් අපේක්ෂාවක් වේ. මේ බන්ධනය දැඩි බන්ධනයක් යයි ප්‍රාඥයෝ කීහ. සත්ත්වයා පහත් බවට ගෙන යන්නාවු සිහිල් වූ මුදාහල නොහැකි වු මේ බැම්මද ඤාණය නැමති කඩුවෙන් සිඳ අපේක්ෂා නැතිව කම්සුව අත්හැර පැවිදි වෙති.

එහි ධීරා යනු බුද්ධාදී පණ්ඩිත පුරුෂයෝය යකඩ දම්වැල් ලෝහ කූරු ආදියෙන් කරන ලද බැඳුම ආයසං, ලී දැව ආදියෙන් කරන ලද බන්ධන දාරුජං, බුබුස් තණ ආදියෙන් කරන ලද බබ්බජ. හණවැහැරි ආදී කඩමලින් කරන රජු බන්ධන ආදි කඩු ආදියෙන් සිඳීමට හැකි බැවින් ස්ථිරයයි නො කියති. යන අර්ථය සාරත්තරත්තා – අතිශයින් ඇලුණා වු රාගයෙන් යුක්ත වීම අර්ථයි. මණිකුණ්ඩලෙසු මැණික් කුණ්ඩලාභරණ ආදිය පිළිබඳව ඇලීම ඒ රාගයයි. එතංදළ්හං මෙය දැඩිය. යා පු ත්තදාරෙසු, අපෙබා – අඹුදරුවන් ක්ලේශ වශයෙන් බැදීම දැඩියයි පඩිවරු කියති. ඔහාරිතං යටබලා යන සතර අපායන්හි උපදින තැනැත්තාය. සිථිලං බැඳුනු තැන සම් – මස් ආදිය නොසිදිය. ලේ නොගලයි. බැඳුනුබව නොදැන ගොඩබිම ද ජලයෙහිද කර්මාන්ත කරන්නට දීම. දු පපමුඤචන්ති ලෝභ වසයෙන් එක් වරක් වත් උපන්නාවු දේශ, කැබෑවකුගේ කටින් ඩැහැගත් දෙයක් නොගැළවෙන්නාක් මෙන් දුක්ම පමුණුවයි. බන්ධනයන්ගෙන් මිදුනු එතමපි ඡෙත්වාන යන මෙසේ දැඩිව ගත් ක්ලේශ බන්ධනයන්, නුවණ නමැති කඩුවෙන් සිඳ අනපෙක්ඛිතො බලාපොරොත්තු රහිතවැ කාමසුඛං පහාය පරිබ්බජං කම් සැපය හැර පැවිද්දට ගියේය යන අර්ථයයි.

දේශනාවසානයේ බොහෝදෙන සෝවාන් ඵලාදියට පැමිණියාහ.