ධම්මචක්කප්පවත්තන සූත්‍රය (පංච වග්ගිය සුත්‍රය)

ඒවං මේ සුතං, ඒ ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත‍්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි. ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා යෝචායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ. යෝචායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ, ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථීදං සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති සම්මාසමාධි. අයං ඛෝ සා භික්ඛවේ මජඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛසමුදයෝ අරියසච්චං, යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත‍්‍රතත‍්‍රාභිනන්දින’. සෙය්‍යථීදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධෝ අරියසච්චං,  යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථීදං, සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධි. ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භිකඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. ඉදං දුක්ඛසමුදයෝ අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛසමුදයෝ අරියසච්චං පහාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීණන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. ඉදං දුක්ඛනිරෝධෝ අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධෝ අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවේතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවිතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. යාව කීවඤ්ච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි. නේවතාවාහං භික්ඛවේ සදේවකෝ ලෝකේ සමාරකේ සබ‍්‍රහ්මකේ සස්සමණබ‍්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං. යතෝ ච ඛෝ මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ‍්‍රහ්මකේ සස්සමණබ‍්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝති. ඉදමවෝච භගවා අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ් ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුංඋදපාදි යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති. පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්දමනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. භුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. චාතුම්මහාරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතිංසා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. තාවතිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති.  යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාණරතී දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. නිම්මාණරතීනං දේවානං සද්දං සුත්වා පරනිම්මිතවසවත්තිනෝ දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. පරනිම්මිතවසවත්තීනං දේවානං සද්දං සුත්වා බ‍්‍රහ්මපාරිසජ්ජා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. බ‍්‍රහ්මපාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ‍්‍රහ්මපුරෝහිතා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. බ‍්‍රහ්මපුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහාබ‍්‍රහ්මා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. මහාබ‍්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්පමාණාභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අප්පමාණාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්තසුභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. පරිත්තසුභානං දේවානං සද්දං සුත්වා අප්පමාණසුභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අප්පමාණසුභානං දේවානං සද්දං සුත්වා සුභකිණ්හකා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති.  සුභකිණ්හකානං දේවානං සද්දං සුත්වා වේහප්ඵලා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. වේහප්ඵලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකණිට්ඨකා දේවා සද්දමනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. ඉතිහ තේන ඛණේන තේන මුහුත්තේන යාව බ‍්‍රහ්මලෝකා සද්දෝ අබ්භුග්ගඤ්ý. අයඤ්ච දසදහස්සී ලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේධි. අප්පමාණෝ ච උළාරෝ  ඕභාසෝ ලෝකේ පාතුරහෝසි අතික්කම්ම දේවානං දේවානුභාවන්ති.අථ ඛෝ භගවා උදානං උදානේසි. අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝති ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසිති. ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු

විස්තරය

මා විසින් මෙසේ අසන ලදී එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේ වැසවසන වැඩ වසන සේක. ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් අමතා මේ ධම්මචක්ක දේශනය වදාළේය. මහණෙනි, පැවිදිවූවන් විසින් නොකළයුතු වූ අන්ත දෙකකි. යමකු කාම සුඛයේ ඇලී ගැලී වෙසෙත් ද මෙය හීන වූ, ලාමක වූ දෙයකි. මහජනයා විසින් භාවිතාකලාවූ ද, උතුම් මිනිසුන් විසින් භාවිතානොකලාවූ ද, අනර්ථ සහිතවූ දෙයකි. මහණෙනි, එලෙස තමා ව පීඩාවට පත් කරවන යමෙකු ඇත්තේද, එය දුක් සහිතය, උතුම් මිනිසුන් විසින් භාවිතානොකලාවූ ද, අනර්ථ සහිතවූ දෙයකි. තථාගතයන් වහන්සේ විසින් මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිලිවෙත අවබෝධ කරගන්නා ලදී. මේ මධ්‍යම ප්‍රතිපදාව දහම් දැණුම ලබා දී නුවණ වඩයි, සංවර බව ඇති කරයි, විශේෂ ඤාණයන් ලබාදෙයි. මෙම මධ්‍යම ප්‍රතිපදාව නිවන් සුව පිණිස ම පවතින්නේ ය. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දහම් දැණුම ලබා දී නුවණ වඩවා, සංවර බව ඇති කර, විශේෂ ඤාණයන් ලබාදෙන්නාවූද නිවන් සුව පිණිස ම පවතින්නාවූද මෙම මධ්‍යම ප්‍රතිපදාව නම් කවරෙක් ද? එනම්, ඒ මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයමය, ආර්යඅෂ්ටාංගික මාර්ගය නම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය යන්නයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දහම් දැණුම ලබා දී නුවණ වඩවා, සංවර බව ඇති කර, විශේෂ ඤාණයන් ලබාදෙන්නාවූද නිවන් සුව පිණිස ම පවතින්නාවූද මධ්‍යම ප්‍රතිපදාව නම් මෙය යි. මහණෙනි, මේ නම්, දුක නම්වූ ආර්ය සත්‍යය යි. ඉපදීම දුකකි, ජරාවට පත් වීම දුකකි, රෝගී වීම දුකකි, මරණයට පත්වීම දුකකි, අප්‍රිය පුද්ගලයින් හා වස්තූන් සමඟ එක්වීම දුකකි, ප්‍රියයමනාප පුද්ගලයන් හා වස්තූන් ගෙන් වෙන් වීම දුකකි, කැමති වන්නා වූ යම් යම් දේ නො ලැබීම ද දුකකි, සැකෙවින් පවසත් නම් මේ පංච උපාදානස්කන්ධයෝ ම දුකකි,මහණෙනි, මේ නම්, දුක ඇතිවීම නම්වූ ආර්ය සත්‍යය යි. එනම්, නැවත නැවත ඉපිදීම ඇති කරවන්නාවූ, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ යම් දෙයක් වෙත්ද, සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් වෙත්ද, එයයි. ඒ කවරෙක්ද?, එනම්, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යයි. මහණෙනි, මේ නම්, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. එනම්,  කිසිදු ඉතිරියක් නොමැතිව තණ්හාවේ නො ඇල්මෙන් ප්‍රාණය නිරුද්ධ වීමක් වේ ද, දුරු වීමක් වේ ද, තණ්හාවෙන් මිදීමක් වේ ද, ආලය නැතිවීමක් වේ ද යන්නයි. මහණෙනි, මේ නම්, දුක නැතිකිරීම පිණිස පවතින්නාවූ ප්‍රතිපදාවකි ආර්ය සත්‍යයකි. එනම්,  මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මය, එනම්, සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධිය ද යන මේවාය. මහණෙනි, මේ නම්, දුක නම්වූ ආර්ය සත්‍යයි භාග්‍යවතුන් වහන්සේ හට මනාලෙස අවබෝධ විය. පෙර නො ඇසූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප්‍රාඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. එ දුක නම් වූ ආර්ය සත්‍යය මනාලෙස පරිපූර්ණ වශයෙන් අවබෝධ කලයුතුයයි. මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේලෙස තුන් අයුරකින් දොළොසකින් ආකාරයකින් සත්්‍යාවබෝධව, නිරවද්‍යවූ ඤාණ දර්ශනය, පාරිශුද්ධ ලෙස, භාග්‍යවතුන් වහන්සේ  හට යම් තාක් අවබෝධ නො වූයේ ද, මහණෙනි, ඒ තාක් කාලයක් ම දෙවියන්, මරුවන්, බඹුන්, ශ්‍රමණ බ්‍රහම්මනයන්, සහිත වූ මෙම ලෝකයේ දෙව් මිනිස් ප්‍රජාව තුළ උන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා නො දුන්නේමය. මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේලෙස තුන් අයුරකින් දොළොසකින් ආකාරයකින් සත්‍යවබෝදය, නිරවද්‍යවූ ඤාණ දර්ශනය, පාරිශුද්ධ ලෙස, භාග්‍යවතුන් වහන්සේ  හට යම් තාක් අවබෝධ වූයේ ද, මහණෙනි, ඒ තාක් කාලයක් ම දෙවියන්, මරුවන්, බඹුන්, ශ්‍රමණ බ්‍රහම්මනයන්, සහිත වූ මෙම ලෝකයේ දෙව් මිනිස් ප්‍රජාව තුළ උන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ හට ඒකී ඤාණ දර්ශනය පහළ විය. උන් වහන්සේගේ ච්ත්ත විමුක්තියේ වෙනසක් සිදුනොමවන්නේමය. මෙය උන් වහන්සේගේ අන්තිම ඉපදීම වේ, භාග්‍යවතුන් වහන්සේ හට පුනර්භවයක් නැත්තේමය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම ධම්මචක්ක දේශනය වදාළ සේක අතිශයින් සතුටට පත් වූ පස්වග මහණුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් අණුදැනවදාල මෙම ශ්‍රී සද්ධර්මය මහත් ප්‍රිතියෙන් යුතුව පිළිගත්තාහු ය. මෙම ධම්මචක්කපවත්වන සූත‍්‍රය දේශනා කරණ කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ භික්‍ෂූන්වහන්සේ හට හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යම් දෙයක් වෙත්ද, එම හේතූන් නිරුද්ධ වීමෙන් ඒ සැම නිරුද්ධ වී යන ස්වභාවයකින් යුක්ත බව අවබෝධකොටගත හැකි වූ, සියළු කෙලෙසුන්ගෙන් තොර වූ දහම් ඇස පහළ විය. අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය දේශණාකරන ලදී . එම සූත‍්‍රය  ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් මේළොව වසන්නාවූ සැම දෙවියෝම දහම් ඝෝෂා පැවැත්වූහ. පොළොවවාසී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් චාතුම්මහාරාජික දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. චාතුම්මහාරාජික දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් තාවතිංස දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. තාවතිංස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් යාම දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. යාම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා  අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් තුසිත දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. තුසිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් නිම්මාණරතී දෙවියෝ ද දහම් ඝෝෂාපැවැත්වූහ. නිම්මාණරතී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් පරනිම්මිතවසවත්තී දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. පරනිම්මිතවසවත්තී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් බ්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහම්මනයකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් බ්‍රහ්ම පුරෝහිත දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. බ‍්‍රහ්ම පුරෝහිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් මහා බ‍්‍රහ්ම දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. මහා බ්‍රහ්ම දෙවියන් ගේ දහම් ඝෝෂාව අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අසා පරිත්තාභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. පරිත්තාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අප්පමාණාභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අප්පමාණාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් ආභස්සර දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. ආභස්සර දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් පරිත්තසුභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. පරිත්තසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අප්පමාණසුභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අප්පමාණසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් සුභකිණ්හ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. සුභකිණ්හ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් වේහප්ඵල දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. වේහප්ඵල දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අවිහ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අවිහ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අතප්ප දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අතප්ප දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය බ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් සුදස්ස දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ.  සුදස්ස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය බ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් සුදස්සී දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ.  සුදස්සී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ්‍රමණයෙකුට හෝ බ්‍රහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අකනිට්ඨ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහු ය. එක්ෂණයකින්, එම මොහොතේදීම, මේ විෂ්වයේ යම්තාක් බ්‍රහ්ම ලෝක පවතීද, ඒ තාක් මෙම දහම් ඝෝෂාව පැතිර ගියේය. දස දහසක්වූ ලෝක ධාතුවම කම්පා වි තදින්ම කම්පාවි බලවත්ව කම්පාවි දෙවියන් ගේ දේවානුභාවය ද ඉක්මවා යමින් අප්‍රමාණ වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේය. එකල්හී අප භාග්‍යවතුන් වහන්සේ විසින් උදානයක් පහළ කළහ. භාග්‍යවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළහ භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළහ. මේ හේතුවෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ භික්‍ෂූන් වහන්සේට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන මේ නාමය පඨබැදිනි. මේ උතම් පිරිතෙන්, ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක්, සියළු භය, සියළු රෝග, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.

විස්තරය

බුදුරජාණන් වහන්සේ “ද්වෙ මෙ භික්ඛ වෙ අන්තා පබ්බජිතෙන න සෙවී තබ්බා ගයාවා, යං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හිනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථ සංහිතො” යනාදී වශයෙන් පළමු මංගල ධර්මදේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය හිරු බැස යන එමෙන් ම සඳ පායා එන සන්ධ්‍යායාමයෙහි දසදහසක් ලෝක ධාතුවෙහි අටළොස් කෝටියක් බ්‍රහ්මයන් දෙවියන් සහිත දේව සමාගමයෙහි දී අඤ්ඤා කොණ්ඩඤ්ඤ, භද්දිය, වප්ප, මහානාම, අස්සජි යන පස්වග මහණුන්ට දේශනා කළහ. මෙහි දැක්වෙන අන්ත දෙක නම් අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය යන යෝග දෙකයි. අත්තකිලමථානු යෝගය නම් සදාකාලික ආත්මයක් ගැන විශ්වාස කරන තවුසෝ පව්කම්වලින් අපිරිසුදු වූ ආත්මය පිරිසුදු කරගන්නට ආත්මයට (ශරීරයට) වද දෙන ශීල, ව්‍රත අනුගමනය කිරීමයි. ‘දුක්ඛෙන ඛො සුභ මධ්ගන්තබ්බං’ යන පාඨය අනුව සිරුරට දුක් දීමෙන් ම, පරලොව සැප ලැබිය යුතුය යන දෘෂ්ටියයි අත්තකිලමථානුයෝගය කියන්නෙ. ගෝ ව්‍රත, අජ ව්‍රත, වග්ගුලිව්‍රත, සුනඛ ව්‍රත, පඤ්ච තාපන ව්‍රත පවත්තඵලභෝපී, ආදී විවිධ ශීල ව්‍රත ඔවුහු අනුගමනය කළහ. මේවා විස්තර කිරීමට මා නොපෙළඹෙන්නේ ලිපිය දික්වන නිසයි.

දෙවැන්න කාම සුඛල්ලිකානු යෝගයයි. පුනර් භවයක්, කර්මයක්, ආත්මයක් ඇතැයි නො පිළිගන්න මොවුහු ආත්මයක් ඇතැයි නොපිළිගණිති. ඔවුහු දිට්ඨ ධම්ම නිබ්බානවාදීහු ය. උපන් සත්වයාට ඇත්තේ මෙලොව පමණකැයි විශ්වාස කරන ඔවුහු යාවත් ජීවේත් සුඛං ජීවේත් යයි කියන පරිදි ජීවත් වනතාක් හැකිතාක් හොඳින් හෝ නරකින් හෝ ඉන්ද්‍රියයන් පිනවමින් ජීවත් විය යුතු ය. මරණයෙන් පසු උපතක් නැතැයි යනු මොවුන්ගේ පිළිගැනීමයි. කාම සුඛයෙහි ඇලීගැලී විසීම හීන (පහත ග්‍රාම්‍ය (අශිෂ්ට මිනිසුන්ට අයත්) පොථුජ්ජනිකො (කෙලෙස් භරිත පුහුදුන් අයට අයත්) අනරියො (නිර්වාණ මාර්ගයක් නොවන) අනත්ථ සංහිතො (සසර දුකට හේතුවන) ප්‍රතිපදාවකයි වදාළ බුදුරදුන්. එහෙත් අත්තකිලමථානුයෝගය (සිරුරට දුක්ගෙන දීම) අනරිය (නිර්වාණයට බාධාකරන), අනර්ථ සංහිත (මෙලොව පරලොව දෙකේම අයහපත පිණිස පවතින) ප්‍රතිපදාවත් වූ නිසා මෙලොව අද තිබෙන මේ අන්ත දෙකම අත්හැර මධ්‍යම ප්‍රතිපදාව වන මා සොයාගත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නැයි වදාළා. එය චක්ඛුකරණී (ප්‍රඥා චක්‍ෂය පහළ කරන) ඤාණකරණී (ප්‍රභාව ඇතිකරන) උපසමාය (කෙලෙස් සංසිඳුවන විශිෂ්ට ඤාණ පිණිස) සම්බොධාය (චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස) නිබ්බාණය (තෘෂ්ණාදි කෙලෙස් නැසීම් පිණිස) හේතුවේ යැයි වදාළ. එයට හේතුවන සම්මාදිට්ඨි ආර්ය අෂ්ටාංගික මාර්ග තමන් වහන්සේ විසින් (මධ්‍යම ප්‍රතිපදා) අවබෝධ කරගත් බව වදාළ. මේ අනුව දුක්ඛාර්ය සත්‍යය, සමුදයාර්ය සත්‍යය, නිරෝධාර්ය සත්‍යය, මග්ගාර්ය සත්‍ය යන නිර්වාණ ගාමිණි ආර්ය සත්‍ය හතර වදාළ බුදුරදුන් තමන් වහන්සේට මේවා අවබෝධ වනතුරු ඒ බව ලොවට නො කී බවද වදාහළ. මම දැන් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙනයි ඒවා ගැන මෙසේ කිවෙයි වදාළහ. බුදුරදුන් මට දැන් ඤාණදර්ශනය එනම් සෝවාන් ආදී මාර්ගඵල දර්ශනය පහළ වී ඇත. මාගේ මේ සසරින් මිදීම වෙනස් වන්නක් නොවේ. මේ මාගේ අන්තිම ආත්මභාවයයි. නැවත වීමක් නැති නිසා මේ අවසන් උපතයයි වදාළහ.

මේ ගැඹුරු දහම ඇසූ පස්වග තවුසන්ගෙන් ආත්ම දෘෂ්ටිය පහ වී සක්කාය දෘෂ්ටිය දුරුව ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සැඩ පහරේ පළමු කොට හෙවත් සෝතාපත්ති ඵලයට පත් වන්නට අඤ්ඤා කොණ්ඩඤ්ඤ තවුසා පමණක් සමත් විය. සෙසු හතර දෙනාටම එම දහම අවබෝධ නොවීය. එහෙත් ඔවුහුද ඒ දහම දැන ගත්හ. එහෙයින් ඊ ළඟ දින හතරෙ එක එක තවුසාට ධර්මය දෙසා ඉදිරි දින හතර තුළ ඔවුහු ද සෝතාපත්ති ඵලයට පත් කළහ.

ඇසළ පුරපෝය දා පස්වග භික්‍ෂූන් සමග ඉසිපතනයෙහි ම වස් එළඹි බුදුරජාණන් වහන්සේ ඉදිරි දින හතරේ දහම් දෙසා එක් එක් භික්‍ෂුවට ධර්මාවබෝධය කොට සෝතාපන්න ඵලයට පත් කොට පස්වන දිනයෙහි ඒ පස්නම එක්කොට අනන්තලක්ඛණ සූත්‍රය දෙසා අරහත් ඵලයට පත් කළහ. මෙහි ආරම්භයෙහි සඳහන් කළ පරිදි අනන්ත ලක්‍ඛණ හෙවත් පඤ්චවග්ගිය සූත්‍රය බුදුරදුන් දෙසූ දෙවන ප්‍රසිද්ධ ධර්ම දේශනාවයි. බුදුවීමෙන් පසු යම් යම් අවස්ථාවල ධර්ම දේශනා පවත්වා ඇතත් ඒවා අප්‍රකටය. අනන්ත ලක්‍ෂණ සූත්‍රය ඇතුළත්ව ඇත්තේ සංයුක්ත නිකායේ බන්ධක වග්ගයටය. උපය වර්ගයෙහි ඇතුළත් මෙය මහා වග්ග පාලියෙහි ද තිබේ. සූත්‍රය ආරම්භ කරන්නේ එක් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතනාරමයෙහි මිගදායෙහි වෙසෙද්දී පස්වග මහණුන් අමතා මෙය දේශනා කර බවයි.

රූපං භික්ඛවේ අනත්තා, රූපඤ්ච හීදං භික්ඛවේ අත්තා අහවිස්සා න ඉදං රූපං ආබාධාය සංවත්තෙය්‍ය යනාදී වශයෙනි. මෙහි තේරුම බුදුහාමුදුරුවෝ පස්වග මහණුන්ට වදාරනව මහණෙනි, මේ පඤ්චස්ඛන්ධයට අයත් රූපය අනාත්මයි. (මෙය සැදී තිබෙන්නෙ පඨවි, ආපො, තෙජො, වායො යන සතර මහා භූතයන්ගෙනි. මේ හතර එක් වූ විට එහි වර්ණ, ගන්ධ, රස, ඕජා යන හතරක් එක්ව සුද්ධාෂ්ටක රූප කලාප සෑදේ. ඒවායේ එකතුවෙන් ඇසට පෙනෙන, ඇසට නො පෙනෙන, සප්‍රාණික, අප්‍රාණික රූප හෙවත් වස්තු හෙවත් ද්‍රව්‍ය ස්වභාවිකව හටගනී. මේ රූපය තුළ නො නැසෙන, භවයෙන් භවයට මැරී උපදින උපදිනතාක්, මාරුවේවි ගමන් කරන වෙනස් නොවන අප ආත්මය නමින් හඳුන් වන කේවල ශක්ති පුඤ්ජයක් මේ තුළ නැත. එමනිසා සුද්ධාෂ්ටක රූප කලාපවලින් බැඳුන කුණප කොටස් දෙතිසකින් යුත් කරජකාය නම් ශරීරය නොයෙක් ආබාධ වලින් පෙළෙනව. රූප්පතීති රූපං කීවේ ඒ නිසයි. සීත, උෂ්ණාදියෙන් වෙනස් වන නිසා ය. රූපය කියන්නෙ, වෙනස් නොවන ආත්මයක් මෙහි තිබේ නම් මෙය මොන ආබාධයකින්වත් වෙනස් වන්න බැහැ. එසේ වන්නේ නැහැ. ඒ නිසා රූපය අනිත්‍යයි.

එසේම මගේ මේ රූපය මෙහෙම තියෙන්න ඕන. මෙහෙම ලස්සන වන්න ඕන. කැඩෙන්න බිඳෙන්නෙ නැතිව, තිබෙන්නට ඕන. කෙට්ටුවන්න බැහැ. තරබාරු වෙන්න බැහැ. දුර්වර්ණ වන්න බැහැ. ඔය ආදී වශයෙන් රූපය මෙසේම තියෙන්න ඕන. නො යෙසේම ඉහත කී පරිදි වෙනස් නො වේවා කියල ඔබ අප හිතුවට ඒ සඳහා යම් යම් උපක්‍රම යෙදුවට එසේ වන්නෙ නැහැ. එසේ නො වෙනස් ව සදා කල් පවතින්න නම් ආත්මයක් ඒ තුළ තියෙන්න ඕන. රූපය සදාකල්හි නිරුපද්‍රිතව විපරිනාමයට පත් නොවී නොතිබෙන්නෙ සජීවි අජීවී පියවි රූපයක් ම අනාත්ම හෙයිනි. මේ විධියට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන යන පඤ්චස්කන්ධයාගේම ස්වභාවය මේකයි. වන්දනාව ආදී අනෙක් හතර නාම ධර්මයයි. අරූපී ධර්මයි. එයින් විඥානය හෙවත් හිත රූපය සමඟ බැඳී තිබෙන්නකි. එය හරියට මැණිකක ඇමුණු නූලක් මෙනි. විඥානය හෙවත් හිත නැත්නම් සත්ව ශරීරය අප්‍රාණික වෙයි. එය කර්මන්‍ය නොවෙයි. වේදනා, සඤ්ඤා, සංඛාර යන තුන චෛතසිකයි. ඒවා උපදින්නේ විඥානයෙහි ය. අරමුණක් ඉන්ද්‍රිය ගෝචර වූ විට ඒ පිළිබඳව සුඛ, දුක්ඛ, උපේක්ඛා වශයෙන් උපදින වේදනාව, වින්දනය ඇතිවන්නේ වේදනා චෛතසිකය සමගයි. සඤ්ඤා චෛතසිකයෙන් කෙරෙන්නේ පසිඳුරන්ගෙන් ගන්නා රූපාදි අරමුණු හඳුනා ගැනීමයි. සංඛාර චෛතසිකය කියන්නේ ඉන්ද්‍රියත්, අරමුණුත් දෙකේ ඝට්ටනයෙන් උපදින ලෝභ ද්වේශාදී ක්ලේශ ධර්මයයි. තණ්හාවයි. එය කාම තණ්හා වස්තුවලට ඇති ආශාව, භවයට ඇති ආශාව, විභවයට ඇති ආශාව කියල වස්තුකාම හෙවත් කැමැති දෑ ලැබීමට ඇති ආශාව එක් කොටසකි. දෙවැන්න ක්ලේශ කාමයි. එනම් වස්තු මුල්කරගෙන ඒ වස්තු පිළිබඳ හිතේ උපදින ආශාව ක්ලේශ කාමයි. මෙයට අහිධ්‍යාව යයි ද කියනව. මේ නිසා සත්වයා කුසල් අකුසල් රැස් කරනව. ඒවා තමයි අප කර්ම යයි කියන්නේ. බුද්ධාගමේ උගන් වන ආත්මය තමයි කර්ම සංකල්පය. ආත්මවාදීන්ගේ ආත්මය කුසල් අකුසල් රැස්කරන්න වගෙ අපේ කර්මය තමයි කුශල් අකුශල් වන්නෙ. එනම් හිතින් හිතල කියන කරන හිතන සිතිවිලියි. බ්‍රහ්ම, දේව මනුෂ්‍ය තිරිසන් ආදී වශයෙන් හා හීණ ප්‍රණීත වශයෙන් සත්වයන් එකිනෙකාට වෙනස් වන්නේ ඔවුනොවුන් කරන ලද කුශල අකුශල කර්ම බලයෙනි. නො යෙසේම කිසියම් දෙවියකුගේ කැමැත්තක් නොවේ. දෙවියාත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට යටත් තවත් සත්ත්වයෙකි.

රූපය ගැන අනාත්ම භාවය දැක් වූ බුදුරජාණන් වහන්සේ වේදනා භික්ඛවේ අනත්තා, සඤ්ඤා, අනත්තා, සංඛාරා, අනත්තා, විඤ්ඤාණං, අනත්තං යනුවෙන් සෙසු ස්බන්ධ හතරම රූපය මෙන් අනාත්ම බව වදාරළ. ඒ එකක් වත් ආත්ම නම් ආබාධ පිණිස ලක් නොවන බවත් ඒවා එකක් එකක් පාසා මෙසේ මෙසේ වන්න ඕන. වෙනත් විදියකින් තිබෙන්න බැහැ කියල වදාළ. මහණෙනි, යම් ලෙසකින් විඤ්ඤාණාදිය අනාත්ම බැවින් ආබාධ පිණිස හේතුවනවයි කියල වදාළෙ විඤ්ඤානාදි පසේම වෙනසක් වන්න බැහැ. ඒවා මට ඕන හැටියට සදාකල්හි තියෙන්න ඕන කියල හිතුවට එසේ නොවන බව දේශනා කළා. අනතුරුව බුදුරදුන් භික්‍ෂූන්ගෙන් ඇහුව මහණෙනි, කෙසේද? රූපය නිත්‍ය ද අනිත්‍යද? කියල, එවිට භික්‍ෂූන් පිළිතුරු දුන්න ස්වාමිනී, රූපය අනිත්‍යයි. මහණෙනි, යමක් අනිත්‍ය නම් එය දුකක් වෙනවද? සුවයක් වෙනවද? කියල ඇහුව. ස්වාමිනි, දුක්ඛ යි පිළිතුරු දුන්න. මහණෙනි, යමක් අනිත්‍ය නම් දුක් නම් පෙරලෙන සුළු නම් මෙය මාගේය. මෙය මම වෙමි. මෙය මාගේ ආත්මයයි කියා සැලකිය හැකිද? කියල ඇසුව ස්වාමීනි, එසේ සැලකිය නොහැකියයි පිළිතුරු දුන්න. මේ විදියට පඤ්චස් ඛන්ධය පිළිබඳවම බුදුරදුන් විචාළ විට මේ විදියටම පස්වග භික්‍ෂූහු ද පිළිතුරු දුන්න.

එවිට බුදුරදුන් වදාරණව එසේ නම් මහණෙනි, යමක් අනිත්‍ය නම්, දුක් නම්, වෙනස්වන සුළු නම්, මෙය මාගේ, මෙය මම වෙමි, මෙය මාගේ ආත්මයයි යනුවෙන් අතීත, අනාගත, වර්තමාන වූ, තමා පිළිබඳ වූ හෝ අනුන් පිළිබඳ වූ හෝ ඕලාරික වූ යෝ සියුම් වූ හෝ හීන වූ හෝ උසස් වූ හෝ ළඟ වූ හෝ, දුර වූ හෝ කිසියම් රූපයක් වේද? ඒ සියලු රූප මාගේ නොවේ, මම නොවෙමි, මාගේ ආත්මය නොවේ, යි මෙසේ සම්‍යයක් ප්‍රඥාවෙන් හෙවත් විදර්ශනා නුවණින් දැක්ක යුතුයි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන අතීත වර්තමාන, අනාගත හෝ ආධ්‍යාත්මික, බාහිර වූ හෝ ඔලාරික, සියුම් වූ හෝ හීන ප්‍රණීත වූ හෝ ළඟ වූ හෝ දුර වූ හෝ සියලු පස්කඳ පිළිබඳවම මෙය මාගේ නොවේ, මෙය මම නොවෙමි, මේ මාගේ ආත්මය නොවේ යනුවෙන් ඒවායේ යථාභූත තත්ත්වය හෙවත් ඇති තතු විදර්ශනා ප්‍රඥාවෙන් දකින්න.

මහණෙනි, මෙසේ විදර්ශනා නුවණින් දකින ශ්‍රැතවත් ආර්යශ්‍රාවකයා රූපයෙහි කලකිරෙයි. වෙදනාවෙහි කලකිරෙයි. සංඥායෙහි කලකිරෙයි. සංස්කාරයන්හි කලකිරෙයි. විඥානයෙහි කලකිරෙයි. මේ කලකිරුණු පසු මේවා කෙරෙහි නොඇලෙයි හෙවත් ආශාව දුරුකර ගණියි. නොඇලීම නිසා සිත කෙලෙස්වලින් මිදෙයි. කෙලෙස්වලින් මිදුන පසු මම කෙලෙස්වලින් මිදුනෙමියි යන නුවණ පහළ වෙයි. එවිට ඔහු තමාගේ සසර උපත අවසන් වී යයි දනියි. නිවන් සඳහා පිරිය යුතු මාර්ග බ්‍රහ්ම චර්යාව බැස නිමවන ලදැයි දනී. නිවන් සඳහා මේ අත් භවේදී කළයුතු යමක් ඇත්නම් ඒවා මනා ලෙස නිමවිනැයි දනී. මේ අත්බැව සඳහා කළයුතු තවත් කිසිවක් නැතැයි දනියි. භාග්‍යවතුන් වහන්සේ මෙම අනන්තලක්‍ඛණ දේශනාව මෙසේ වදාළහ. එය අසා අර්හත් ඵලයට පත්වීමෙන් අතිශය සතුටට පත් වූ පස්වග රහතුන් වහන්සේ බුදුන්රදුන්ගේ දේශනාව සතුටින් අනුමත කළහ. මෙම දහම් විස්තරය දේශනා කරත් ම භද්දවග්ගිය භික්‍ෂූන්ගේ සිත් යළිත් නූපදින සේ කෙලෙසුන්ගෙන් මිදුනේ ය.