ධජග්ග සුත්‍ර (පිරිත)

එවං මේ සූතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තත්ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝ ති භදන්තේ  ති තේ භික්ඛු භගවතෝ පච්චස්සොසුං භගවා ඒතදවෝච.  භූතපුබ්බං භික්ඛවේ දේවාසුරසඞගාමෝ සමුපබ්බුළ්හෝ අහෝසි. අථ ඛෝ භික්ඛවේ  සක්කෝ දේවානමින්දෝ දේවේ තාවතිංසේ ආමන්තේසි. සචේ මාරිසා දේවානං සඞගාමගාතානං උප්පජ්ජෙය්‍ය භයං වා ඡුම්භිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ ධජග්ගං උල්ලොකෙය්‍යාථ, මමංහිවෝ ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ඡුම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.   නෝ චේ මේ ධජග්ගං උල්ලොකෙය්‍යාථ අථ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ, පජාපතිස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං යං භවිස්සති භයං වා ඡුම්භිතත්තං වා ලොමහංසෝ වා සෝ පහීයිස්සති. නෝ චේ පජාපතිස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ.   අථ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ. වරුණස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, යං භවිස්සති භයං වා ඡුම්භිතත්තං වා  ලෝමහංසෝ වා සෝ පහීයිස්සති.   නෝ චේ වරුණස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්‍යාථ. අථ ඊසානස්ස දේවරාජස්ස ධජග්ගං උල්ලෝකෙය්‍යාථ. ඊසානස්ස හි වෝ දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ඡුම්භිතත්තං වා ලෝමහංසො වා සෝ පහීයිස්සති.  තං ඛෝ පන භික්ඛවේ සක්කස්ස වා දේවානමින්දස්ස  ධජග්ගං උල්ලෝකයතං. පජාපතිස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, වරුණස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, ඊසානස්ස වා දේවරාජස්ස ධජග්ගං උල්ලෝකයතං, යං භවිස්සති භයං වා ඡුම්භිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයේථා පි නෝ පි පහීයේථ,  තං කිස්ස හේතු.   සක්කෝ භික්ඛවේ දේවානමින්දෝ අවීතරාගෝ අවීතදෝසෝ අවීතමෝහෝ භිරුච්ඡුම්භි උත්රාසි පලායී ති.   අහං ච ඛෝ භික්ඛවේ එ්වං වදාමි. සචේ තුම්හාකං භික්ඛවේ අරඤ්ඤගතානං වා රුක්ඛමූල ගතානං වා සුඤක්‍දාගාරගතානං වා උප්පජ්ජෙය්‍ය භයං වා ඡුම්බිතත්තං වා ලෝමහංසෝ වා මමේව තස්මිං සමයේ අනුස්සරෙය්‍යාථ. ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝලෝකවිදු අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා ති.   මමං හි වෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡුම්භිතත්තං වා ලොමහංසෝ වා සෝ පහීයිස්සති. නො චේ මං අනුස්සරෙය්‍යාථ අථ ධම්මං අනුස්සරෙය්‍යාථ. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඔපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤඤුහී ති ධම්මංහි වෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡුම්හිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති  නො චේ ධම්මං අනුස්සරෙය්‍යාථ අථ සඞඝං අනුස්සරෙය්‍යාථ.  සුපටිපන්නෝ භගවතෝ සාවකසඞඝෝ උජුපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ ඤයපටිපන්නො භගවතො සාවකසඞඝෝ සාමීචිපටිපන්නො භගවතො සාවකසඞඝෝ යදිදංචත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසඞඝෝ ආහුනෙය්යෝ පාහුනෙය්යෝ, දක්ඛිණෙය්යෝ අඤ්ඡුලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා ති.   සඞඝං හි වෝ භික්ඛවේ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡුම්හිතත්තං වා ලෝමහංසෝ වා සෝ පහීයිස්සති තං කිස්ස හේතු.  තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ වීතරාගෝ වීතදෝසෝ වීතමෝහෝ අභීරු අච්ඡුමභි අනුත්ත‍රාසි අපලායී ති.  ඉදමවෝච භගවා ඉදං වත්වා සුගතෝ අථාපරං ඒතදවෝච සත්ථා.   අරඤ්ඤේ රුක්ඛමූලේ වා සුඤ්ඤගාරේව භික්ඛවෝ අනුස්සරේථ සමබුද්ධං භයං තුම්හාක නෝ සියා.   නෝ චේ බුද්ධං  සරෙය්‍යාථ ලෝකජෙට්ඨං නරාසභං  අථ ධම්මං සරෙය්‍යාථ නීයාණිකං සුදේසිතං.   නෝ චේ ධම්මං සරෙය්‍යාථ නීයාණිකං සුදේසිතං අථ සඞඝං සරෙය්‍යාථ පුඤ්ඤකෙඛත්තං අනුත්තරං.   ඒවං බුද්ධං සරන්තානං ධම්මං සඞඝඤ්ච භික්ඛවෝ  භයං වා ඡුම්භිතත්තං වා ලෝමහංසෝ න හෙස්සතී ති. ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු, ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු. 

තේරුම

මා විසින් මෙසේ අසන ලදී. එකල එක් සමහයක භාග්‍යවතුන්වහන්සේ අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකලහී භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට ආමන්ත‍්‍රනය කල සේක. ස්වාමිනී භාග්‍යවතුන්වහන්ස යි භික්ෂූන් පිලිවදන් දුන්හ. මහණෙනි පෙර වූ දෙයක් කියමි. දෙවියන් සහ අසුරයන් අතර සංග්‍රාමයක් විය. මහණෙනි ඉක්බිති සක්දෙවි රජ තෙමේ තව්තිසා වැසි දෙවියන් ඇමතීය.  එකල හී භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක. නිදුකාණෙනි යුද්ධයට ගිය දෙවියන්ට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපන්නේනම් ඒ සමයෙහි මාගේ මේ ධ්වජාග්‍රය බලව්. මාගේ මේ ධ්වජාග්‍රය බලන්නාවූ තොපට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ වේ නම් එය දුරුවන්නේය. ඉදින් මාගේ ධ්වජාග‍්‍රය නොදකින්නේ නම් ඉක්බිති ප්‍රජාපතී නම් දෙව්රජ ගේ  ධ්වජාග්‍රය බලව. ප්‍රජාපතී නම් දෙව්රජු ගේ  ධ්වජාග්‍රය දක්නාවූ තොපට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ වේ නම් එය පහවන්නේය. ඉදින් ප්‍රජාපතී නම් දෙව්රජු ගේ ධ්වජාග්‍රය නො දක්නාහු නම් ඉක්බිති වරුණ නම් දෙව්රජු ගේ  ධ්වජාග්‍රය බලව. වරුණ නම් දෙව්රජු ගේ  ධ්වජාග්‍රය දක්නාවූ තොපට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ වේ නම් එය පහවන්නේය. ඉදින් වරුණ නම් දෙව්රජු ගේ  ධ්වජාග්‍රාය නො දක්නාහු නම් එකල්හී ඊසාන නම් දෙව්රජු ගේ  ධ්වජාග්‍රය බලව. ඊසාන නම් දෙව්රජු ගේ  ධ්වජාග්‍රය දක්නාවූ තොපට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ වේ නම් එය පහවන්නේය. මහණෙනි සක්දෙවි රජු ගේ  ධ්වජාග්‍රය බලන්නහුට හෝ, ප්‍රජාපතී දෙවි රජු ගේ  ධ්වජාග්‍රය බලන්නහුට හෝ, වරුණ දෙවි රජු ගේ  ධ්වජාග්‍රය බලන්නහුට හෝ, ඊසාන දෙවි රජු ගේ  ධ්වජාග්‍රය බලන්නහුට හෝ, යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ වේද හෙතෙම එයින් දුරුවන්නේ හෝ වෙයි, දුරුනොවෙන්නේ හෝ වෙයි. එයට හේතු කවරේද යත්. මහණෙනි සක්දෙවි රජුතෙමේ දුරු නොකළ රාග ඇත්තේය, දුරු නොකළ ද්වේෂ ඇත්තේය, දුරු නොකළ මෝහ ඇත්තේය, බියවන සුලූය, තැතිගන්නා සුලූය, ලොමුදැහැගන්නා සුලූය, පලා යන සුලූය. මහණෙනි මම තොපට මෙසේ කියමි, මහණෙනි ඉදින් ආරණ්‍යගත  වූයේ හෝ රුක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියා වූ හෝ තොපට යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපන්නේ නම් එකල්හි මා මෙසේ සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ මේ කරුනෙනුද අරහත්ය, සම්ය්‍යක් සම්බුද්ධය, විජ්ජාචරණ ධර්මයන්ගෙන් සම්පන්නය, සුගතය, ලෝකවිදුය, අනුත්තරය, පුරිසදම්ම සාරථිය, සියලූ දෙව් මිනිසුන්ට අනුශාසකය බුද්ධය, භගවත්ය.   මහණෙනි මෙසේ මා සිහිකරන්නාවූ තොපට  යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපන්නේ නම් ඒ සියල්ල දුරුවේ. ඉදින් මා සිහිනොකෙරෙව් නම්, ඉක්බිති ධර්මය මෙසේ සිහිකරව්. ඒ භාග්‍යවතුන් වහන්සේ මනාලෙස දේශණාකල ධර්මය සන්දෘෂ්ඨිකය, කල් නොයවා ව්පාක දෙන්නේය, පැමින බැලීම සදහා සුදුසුය, එළඹීමට සුදුසුය, තම තමන් කෙරෙහි ලා නුවණැත්තන් විසින් දතයුත්තේය.  මහණෙනි මෙසේ ධර්මයහි ගුණ සිහිකරන්නාවූ තොපට  යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපන්නේ නම් ඒ සියල්ල දුරුවේ.   ඉදින් ධර්මයහි ගුණ සිහිනොකෙරෙව් නම්, ඉක්බිති සඟුන් මෙසේ සිහිකරව්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ මනාව පිළිපන්නේය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ සුෘජු වූ පිළිවෙතින් යුක්තය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ නිවන් සදහා පිලිපන්නේය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ ත්‍රිශික්‍ෂාවෙහි ගරු කිරීමට සුදුසු පිළිවෙත් පිළිපන්නේය, යම් මේ පුරුෂ යුගල වශයෙන් සතර කොටසක් වෙත්ද,  පුරුෂ පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙත්ද,  භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙමේ දුරිනිදු ගෙන හැර දිය යුතු ප්‍රත්‍යයට සුදුසුය, ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසුය, දක්‍ෂිණාවට සුදුසුය, දොහොත් මුදුන් දී වැදීමට සුදුසුය, සියලූ ලෝකයාට උතුම් වූ පින් කෙතකි. මහණෙනි මෙසේ  සංඝයාගේ ගූණ සිහිකරන්නාවූ තොපට  යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපන්නේ නම් ඒ සියල්ල දුරුවේ. එයට හේතු කවරේද යත්. මහණෙනි අරහත් වූ, සම්යක් සම්බුද්ධ වූ, තථාගත තෙමේ, දුරු කරන ලද රාග ඇත්තේය, දුරු කරන ලද ද්වේෂ ඇත්තේය, දුරු කරන ලද මෝහ ඇත්තේය, බියනොවන සුලූය, තැතිනොගන්නා සුලූය, ත‍්‍රාස නොවන සුලූය, බියෙන් පලා නොයන්නේය.  භාග්‍යවත් තෙමේ මේ ධජග්ග පිරිත වදාළේය, සුගත වූ ශාස්තෲන්වහන්සේ මෙය වදාරා නැවත මෙසේ වදාළ සේක.   මහණෙනි ආරණ්‍යයකහෝ හෝ රුක්ෂමූලයක හෝ ජනශුන්‍ය ස්ථානයක හෝ සම්බුදුන් සිහිකරව්,  එකල්හි තොපට බියක් නොවන්නේය.   ලොවට ජ්‍යෙෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ සිහි නොකරත්නම් එකල්හි නෛර්යාතාක වූ මනා සේ දෙසන ලද ධර්මය සිහිකරව්.   නෛර්යාතාක වූ මනා සේ දෙසන ලද ධර්මය සිහි නොකරත්නම් ඉක්බිති පින් කෙතක් වූ   අනුත්තර වූ සංඝයා සිහිකරව්.   මහණෙනි මෙසේ බුදුරජානන් වහන්සේ ද,  ධර්මය ද,  සංඝයා ද, සිහිකරන්නවුන්ට බියක් හෝ, තැතිගැන්මක් හෝ, ලොමුදැහැගැන්මක් හෝ නොවන්නේය.   මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක්, සියළු භය, සියළු රෝග, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.