දසධම්ම සූත්‍රය (පිරිත)

ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. භදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං: භගවා ඒතදවෝච. දස ඉමේ භික්ඛවේ ධම්මා පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බා. කත මේ දස?

1. වේවණ්ණියම්හි අප්ඣූපගතෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

2. පරපටිබද්ධා මේ ජිවිකාති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

3. අඤ්ඤෝ මේ ආකප්පෝ කරණීයෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

4. කච්චිනු ඛෝ මේ අත්තා සීලතෝ න උපවදතීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

5. කච්චිනු ඛෝ මං අනුවිච්ච විඤ්ඤූ සබ්‍රහ්මචාරී සීලතෝ න උපවදන්තීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

6. සබ්බේහි මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

7. කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

8. කථම් භූතස්ස මේ රත්තිංදිවා වීතිපතන්තීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

9. කච්චිනු ඛෝහං සුඤ්ඤාගාරේ අභිරමාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

10. අත්ථි නුඛෝ මේ උත්තරි මනුස්සධම්මා අලමරියඤාණ දස්සනවිසේසෝ අධිගතෝ. සෝහං පච්ඡිමේ කාලේ සබ්‍රහ්මචාරිහි පුට්ඨෝ න මඬ්කු (මංකු) භවිස්සාමීති පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බං.

ඉමේ ඛෝ භික්ඛවේ දසධම්මා පබ්බජිතේන අභිණ්හං පච්චවෙක්ඛිතබ්බාති. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති.

විස්තරය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුතුමා ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූ හු, ස්වාමීන් වහන්සැ’යි භාග්‍යවතුන් වහන්සේ ට පිළිවදන් දුන්හු ය. බුදු රජාණන් වහන්සේ මෙය වදාළ සේක මහණෙනි, මේ දස ධර්මයෝ පැවිද්දහු විසින් ප්‍රත්‍යවේක්ෂා කටයුත්තාහු ය. කවර දස ධර්මයෝ ද යත්,

1 විවර්ණ බවට පැමිණියේ වෙමී’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

2 මාගේ දිවි පැවැත්ම පරා පිළිබඳය’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

3 මා විසින් අන්‍ය වූ ආකල්පයක් කටයුතුය’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

4 කිම හෝ මාගේ ආත්මය (සිත) සීලයෙන් උපවාද නොකෙරේ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

5 කිම හෝ මා විචාර නුවණැති සබ්‍රම්සරහු සීලයෙන් උපවාද නොකෙරේ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

6 සියළු දෙනා ගෙන් ප්‍රිය වූ, මනාප වූ මාගේ නානාභාවය විනාශ භාවය’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

7 කර්මය තමා අයත් කොට ඇත්තේ වෙමි, කර්මය දායාද කොට ඇත්තෙමි, කර්මය යෝනි කොට ඇත්තෙමි, කර්මය නෑ කොට ඇත්තෙමි, කර්මය පිළිසරණ කොට ඇත්තෙමි යහපත් වූ හෝ,  පවිටු වූ හෝ යම් කර්මයක් කෙරෙම් ද, ඒ කර්මය විසින් දෙන ලද්ද අයත් වෙමි’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

8 කෙසේ වූ මට රෑ දවල්හු ඉක්මෙත් දෝහෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

9 කිම හෝ මම ශූන්‍යාගාරයෙහි (හිස් පෙදෙසෙහි) ඇලෙම්දෝ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

10 මා වෙත උතුරු මිනිස් දම් ඇද්දෝ හෝ’යි, පොහොසත් ආරියඤාණදර්ශන විශේෂයෙක් ලබන ලද්දේ හෝ, ඒ මම පශ්චිම කාලෙයෙහි (මරණ කාලෙයෙහි) සබ්‍රම්සරුන් විසින් විවාරන ලද්දෙමි ඉති, තේජස් රහිත නො වෙම්දෝ හෝ’යි පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුතුයි.

මහණෙනි, මේ දස ධර්මයෝ පැවිද්දහු විසින් නිරතුරුව ප්‍රත්‍යවේක්ෂා කළ යුත්තාහු ය’යි බුදුරදුන් වහන්සේ මේ දේශනාව වදාළ සේක.