යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙකෙුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වෙළඳ ව ඉපිද පන්සියයක් ගැල්පුරා බඩුගෙණ වෙළදාමට යන්නාහු මනුෂ්‍යයන්ට බෝධිසත්වයෝ කියන්නාහූ මංචල මී මුළු ආදීවූ දෙයක් නොකෑ විරු ඵලජාතිත් මා විචාරා විනා කවුරුත් නොකවයි කියා වනාන්තරයට වන්නාහ. ගූඹිය නම් රාක්ෂයා මී සලා මුළු වල බැඳ මගතබා තෙමේ පොරවක් ඇරගෙණ මී කොටමින් බැද්දේ සිටියේය. මනුෂ්‍යයෝ පුරුෂයෙකුගේ සැදැහැ යහපතැයි කියමින් ම මුළු ඇරගෙණ කන් නටවන්හ. බෝධිසත්වයන් මා විචාරා විනා නොකවයි කීයද්දී මී මුළු කන්ට වන්කලට බෝධිසත්වයෝ ඒ දැක කමින් සිටිමි උගුරු අල්වාගෙණ දැමුහ.අතින්ගත් මී අතින් දැමුහ. පළමු කෑ අය නැසුනාහ. යන්තමක් කෑ අය බෙහෙත් පොවා නංවාපුවාහ. එකියන්නාවූ අර්ථය දකවන සර්වඥයන් වහන්සේ වදාරණසේක් ගුඹිය රාක්ෂසයා මනුෂ්‍යයන් මරන්ට මී සලා මුළුබැඳ තිබීද එමෙන්ම මනුෂ්‍යයෝ අනුවනින් මිකා මළහ. සමහර නුවනැති මනුෂ්‍යයෝ නොකා නොකෑ විසින් සුවපත්වූහ. මනුෂ්‍යන්ට රාගචේතනාව නම් මාත්යුමාරයා විසින් ලාළූවාවු මලක්හාද බලියක්හාද සමාන වන්නේය. පඤචකාමයට අසුවුනු කෙණෙක් ඇත්නම් මළවුන් හා සමානයයි වදාරා චතුසත්‍යය ප්‍රකාශකොට මේ ගූඹිය ජාතකය නිමවා වදාළසේක. චතුරාර්ය සත්යාවසානයෙහි උකටළී භික්ෂූන් වහන්සේ සෝවාන් වූසේක. එසමයෙහි සාන්තුනායක වෙළඳ ව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. |