තවද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පසේනාදී කොසොල් රජ්ජුරුවන් විසින් කරවා පිළිගන්වනලද රාජකරාම යෙහි වැඩ වසන සමයෙහි එක්දවසක් සිව් වනක් පර්ෂිද් මධ්‍යයෙහි වැඩ හිඳ බණ වදාරණ සර්වඥයන් වහන්සේ කිඹිස වදාළසේක. එවෙලෙහි බොහෝ භික්ෂූන් වහන්සේ භාග්‍යවත්වූ බුදුරජානන් වහන්සේ බොහෝ කලක් ජීවත්වන සේක්වයි සුන්දර වූ බුදු රජානන් වහන්සේ බෙහෝ කලක් ජීවත් වන සේක්වයි යනාදින් ආවැඩූහ. මේ නියායෙන් බොහෝ දෙනා වහන්සේ ආවැඩීමෙන් අරගල මහත්ව බණ එදවස් කඩවිය. එපවත් අසා සර්වඥයන් වහන්සේ මහණෙනි ආවැඩීම පමණකින් ආයුෂ බොහෝවේද, අනොවැඩුවෝ ආයුෂමද වේදැයි වදාරා ස්වාමීනි එසේ වූ දෙයක් ඇත්දැයි දැන්වන්නා මහනෙනි එසේවීනම් අද වක් පටන් අනුන්ට ආවැඩුවාට පෙරලා ආවඩීමමක් කළෝද ආපත්තිවන්නේයයි සික්ෂා පද පණවා වදාළසේක. එතැන්පටන් මහළු වරුන් වහන්සේ කිඹිසිකල උපාසකවරුන් ආවඩන්නාහ තමන් අතින් ආවැඩුන් අසාගෙණ මහළුවරුන්වහන්සේ ආනොවඩනසෙයින් ශාක්‍ය පුත්‍රවූ සර්වඥයන් ව්හන්සේ ගේ ශ්‍රාවකයෝ අප ආවැඩු කල අපට ආනොවඩන්නාහයි උක්තාකළහ. එපවත් සංඝයාවහන්සේ දැන සර්වඥයන් වහන්සේ දැන සර්වඥයන් වහන්සේට දැන්නුසේක සර්වඥයෝ ආවඩන්නා අභිප්‍රාය ඇත්තේ වේදැයි වදාරා සික්ෂා පද අරවා වදාළසේක. එවිට භික්ෂූන් වහන්සේ දන්වනසේක්, ආවැඩීමත් පෙරලා ඒ වැඩීමත් කොතැන් පටන් සිට ස්වාමීනි ඇතිවීදැයි විචාරන්නා මහණෙනි පූර්වයෙහිදී ඇතිවීයයි වදාරා ආරාධිත වූ සර්ව=යන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.ඒ කෙසේද යත් |