කිසාගොතමී තෙරණිය

දොළොස්වැන්නෙහි ලූඛචීවරධරානං යන්නෙන් තුන්රළු බවකින් යුත් පාංශුකූල දරන්නාවූ භික්‍ෂුණීන් අතුරෙන් කිසාගොතමී අග්‍රවන්නීයයි දැක්වෙයි. ගොතමී යනු ඇයගේ නමයි. මඳක් වැහැරුණු ස්වභාව ඇති බැවින් කිසාගොතමියි කියනුලැබේ. මෝතොමෝත් පියුමුතුරා බුදුන් කල හංසවතියෙහි කුලගෙයක උපන්නී ශාස්තෘන්වහන්සේගේ ධර්‍මදේශනය අසමින් එක්භක්‍ෂුණියක රළු සිවුරුදරන භික්‍ෂුණීන් අතුරෙන් අග්‍රස්ථානයෙහි තබන ශාස්තෘන්වහන්සේ දැක පින්දහම්කොට ඒ තනතුර පැතුවාය.

ඕ කල්ප ලක්‍ෂයක් දෙව්මිනිසුන් අතර සැරිසරා මේ බුද්ධොත්පාදයෙහි සැවැත්නුවර දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක උපන්නී වියපත් කල්හි එක් කුලයකට ගියාය. එහිදී ඇයට දිළිඳුකුලයක දුවකැයි නින්දා කළාහුය. මීතොමෝ මෑත කාලයෙහි පුතකු වැදුවාය. ඉක්බිති ඇයට ගෞරව කළාහුය. ඒ දරුවා වනාහි දුවපැන කෙළින වියෙහි සිටියේ කළුරිය කළේය. ඇයට දුකක් උපන්නේය. ඕතොමෝ, ‘මම මේ ගෙදරදීම පිරිහුණු ලාභසත්කාර ඇත්තියකවී පුතු උපන් කල්හි පටන් සත්කාරයට පැමිණියෙමි. මොවුහු මේ මගේ පුතු පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට පිටත දැමීමටද උත්සාහ කරන්නහුය’යි පුතු ඇකයෙන් ගෙන මගේ පුතුට බෙහෙතක් දෙන්නැයි ගෙදොරෙහි පිළිවෙළින් හැසිරෙයි. දුටු දුටු තන්හි මිනිස්සු මියගිය ඔහුට කොහි බෙහෙත් දුටුවිරූදැයි අතින් ගසා නින්දා කරත්. ඒ තොමෝ ඔවුන්ගේ කථාව නොසලකමින් යයි. ඉකිබිති කිසියම් නුවණැති මිනිසෙක් ඇය දැක මෝ පුතුසොවින් සිත්වියවුලට පත්වූවාවන්නීයයි මැයට වනාහි බොහෙත් අනිකෙක් නොදනියි. බුදුරජාණන් වහන්සේම දන්නා සේකැයි සිතා මෙසේ කීවේය. දරුව, නුඹගේ පුතුට බෙහෙත් දන්නා අනෙකෙක් නම් නැත. දෙවියන් සහිත ලෝකයෙහි අග්‍ර පුද්ගලවූ බුදුරජාණන්වහන්සේ සමීප විහාරයෙහි වැඩවසන සේක. උන්වහන්සේ වෙතට ගොස් විමසුව.’ ඕතොමෝ (මේ) මිනිසා ඇත්තක් කියන්නේයයි පුතු රැගෙන බුදුරජාණන්වහන්සෙ බුද්ධාසනයෙහි හුන්වේලාවෙහි පිරිස කෙළවර සිට භාග්‍යවතුන්වහන්ස, මගේ පුතුට බෙහෙතක් දෙනු මැනවැයි කීවාය.

ශාස්තෘන්වහන්සේ ඇයගේ උපනිශ්‍රය දැක, ‘ගෝතමිය, බෙහෙත් සඳහා මෙහි පැමිණි ඔබ විසින් මනාදෙයක් කරනලදී. යන්න, නුවරට පිවිස කෙළවරෙහි පටන් සියලු නුවර හැසිර යම් ගෙයක කිසියම් මියගිය පුද්ගලයෙක් නැත්ද ඒ ගෙයින් අබ ගෙනෙව’යි පැවසූසේක. ඕ තොමෝ මැනවි ස්වාමීනිය සතුටු සිතැත්තී ඇතුල්නුවරට පිවිස පළමු ගෙහිදීම බුදුරජාණන්වහන්සේ ‍මගේ පුතුට බෙහෙත් සඳහා අබ ගෙන්වන සේක. මට අබ දෙනු මැනවැයි කීවාය. මැනවි, ගෝතමියයි පවසා (අබ) ගෙනවුත් දුන්නාහුය. ‘මෙය මෙසේ ගැනීමට නොහැක. මේ ගෙහි කිසියම් මළපුද්ගලයෙක් නැත්දැ’යි ඇසුවාය. ‘ගෝතමිය, කුමක් කියෙහිද? කවරෙක් මෙහි මළවුන් ගණන් කිරීමට හැක්කේද? ඔවුහු කීහ. එසේ වීනම් මෙය මම නහමක් නොගනිමි. දශබලයන්වහන්සේ යම් තැනක මළකෙනෙක් ඇත්ද එම ගෙයින් අබ මා ලවා නොගන්වනසේකැයි ඇය කීවාය. ඕතොමේ මේ අයුරින්ම තෙවැනි ගෙයට ගොස් සිතුවාය: සියලු නගරයෙහි මේ ක්‍රමයම වන්නේය. මෙය හිතානුකම්පා ඇති බුදුරජාණන්වහන්සේ විසින් මෙය දක්නා ලද්දේ වන්නේයයි සංවේගය ලැබ එයින් පිටතට නික්ම අමුසොහොනට (මළපුතු) ගෙන ගොස් පුතු අතින් ගෙන ‘පුත, මම මේ මරණය නුඹටම උපන් දෙයකැයි සිතුවෙමි. මෙය නුඹට පමණක්වූවක් නොවේ. මේ ධර්‍මය මහජනයාට සාධාරණවූවකැයි පවසා පුතු අමු සොහොනෙහි දමා මේ ගාථාව කීවාය.

යම් මේ අනිත්‍යතාවක් වේද? එය ගමකට අයත් දහමක් නොවේ. නියම් ගමකට අයත් දහමක නොවේ. එක්කුලයකට උරුමවූ දහමක්ද නොවේ මෙය දෙවියන් සහිත සියලු ලෝකයේ ධර්‍මයයි.

මෙසේද කියා ශාස්තෘන්වහන්සේ සමීපයට ගියාය. ඉක්බිති ශාස්තෘන්වහන්සේ ඇයගෙන්, ගෝතමිය, ඔබවිසින් අබ ලබානලදදැයි ඇසූ සේක. ‘ස්වාමීනි, අබවලින් (ගතයුතු) වැඩය නිමාවිය. පිහිටක් දෙනුමැනවැයි ඕතොමෝ කීවාය. ඉක්බිති ඇයට ශාස්තෘන්වහන්සේ ධම්මපදයෙහි මේ ගාථාව දෙසූ සේක.

‘මහසැඬ‍වතුරත් නිදිගත් ගමක් ගසාගෙන යන්නාක් මෙන් මාරයා පුතුන් හා ගයන් (හේතුවෙන්) මත්වූ තදින් ඇලුණු මනසක් ඇති මිනිසා රැගෙන යයි.’

ඔතොමෝ ගාථාව අවසන්හි සිටි පරිද්දෙන්ම සෝවාන්පෙලෙහි පිහිටා පැවිද්ද ඇයැද සිටියාය. ශාස්තෘන්වහන්සේ පැවිද්ද අනුදත්සේක. ඕතොමෝ තෙවරක් ශාස්තෘන්වහන්සේ පැදකුණු කොට වැඳ මෙහෙණවරකට ගොස් පැවිදි වූවාය. උපසපන් බව ලැබ නොබෝ දිනකින්ම නුවණින් මෙනෙහි කිරීමෙහි කටයුතු කරන්නී විදසුන් වැඩුවාය. ඉක්බිති භාග්‍යවතුන්වහන්සේ ඇයට මෙම ඔභාස ගාථාව පැවසූසේක.

‘අමා පදය (නිවන) නොදකිමින් යමෙක් අවුරුදු සියයක් ජීවත් වේද? අමාපදය දක්නහුගේ එක්දින ජීවිතය ශ්‍රේෂ්ඨය.’

ඕතොමෝ ගාථාවගේ අවසන්හි රහත්බව පැමිණියා පිරිකර පරිහරණයෙහි පරම උත්කෘෂ්ටවූවාවී තුන් රළුබවකින් යුත් සිවුරු පොරවා හැසිරුණාය. මෑත කාලයෙහි භාග්‍යවතුන්වහන්සේ දෙව්රමෙහි වැඩ හුන්සේක් භික්‍ෂුණීන් පිළිවෙළින් තනතුරුවල තබමින් මේ තෙරණිය රළු සිවුරුදරණ භික්‍ෂුණීන් අතුරින් අගතන්හි තැබූසේක.

….කිසාගොතමී ථෙරී ගාථා….

“කල්‍යාණ මිත්‍ර භාවය සර්වඥයන් වහන්සේ විසින් ලෝකයා උදෙසා වර්ණනා කරණ ලදී. කළණ මිතුරන් සෙවුනේ මෝඩ වුවද පණ්ඩිතවන්නේය.

“බුද්ධාදී සත්පුරුෂයන් සේවනය කටයුතුයි. එසේ සේවනය කරන්නවුන්ගේ ප්‍රඥාව වැඩෙයි. සත්පුරුෂයන් සේවනය කරණ තැනැත්තේ සියළුම දුකින් මිදෙයි.

“සත්පුරුෂයන් සේවනය කරණ තැනැත්තේ,දුකද, දුක ඇතිවීමද, නිවීමද, මාර්ගයද යන උතුම් ඇත්ත සතර දැනගනියි.

“පුරිසදම්මසාරථි නම් වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ස්ත්‍රි බව දුකකැයි වදාරණ ලදී. එක් ස්වාමියෙකු යටතේ තනි බිරිඳක් වීමත් දුකකි. අඹුවන් කීපදෙනෙකු අතර එක් අඹුවක වීමද දුකකි. වරක් වැදූ ස්ත්‍රීහු,

“ගෙලද සිඳ ගනිති. සියුමැලි ශරීර ඇති ඔහු වස කති. මහත් පීඩා විඳිති.මව හා දරුවා දෙදෙනාම ඇතැම් විට මැරෙති. 

“මමද දරුවා වැදීමට නිවසට යමින් සිටියදී දරුවා ලදිමි.අතරමගදී මගේ සැමියාත් මැරී සිටිනු දුටුවෙමි.

“කාලකන්නි මගේ පුත්‍රයන් දෙදෙනාද කළුරිය කළහ. සැමියාද මග මළේය. එක් දරසෑයක මවුපියන්ද සොහොයුරුද දැවෙනු දුටුවෙමි.

“දුප්පත් පහත් කුලයන්හි ඉපිද මවිසින් විඳිනා ලද දුක අප්‍රමාණයි. නොයෙක් දහස් ගණන් ජාතීන්හි මට කඳුළුද පැවතිණි.

“සොහොන් මැද විසීමි. එසේම සිය පුත්‍ර මාංශයද කන ලදී. සියල්ලන් විසින් නින්දා කළ කුලවංශ නැසුණු වැන්දඹුවූ ඕතොමෝම නිවණට පැමිණියාය.

“මා විසින් නිවන් යන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලදී. මම දහම් කැඩපත පැතීමි. නිවන ඇසින් දක්නා ලදී.

“ඉගුළුෑ හුල් ඇති බහා තුබූ බර ඇති කළ යුත්ත කළ රහත්වූ කිසාගොතමී ථෙරීවූ මම මෙය කීවේ වෙමි.”

…………………………………………………….

‘‘කල්‍යාණමිත්තතා මුනිනා, ලොකං ආදිස්ස වණ්ණිතා;
කල්‍යාණමිත්තෙ භජමානො, අපි බාලො පණ්ඩිතො අස්ස.

‘‘භජිතබ්බා සප්පුරිසා, පඤ්ඤා තථා වඩ්ඪති භජන්තානං;
භජමානො සප්පුරිසෙ, සබ්බෙහිපි දුක්ඛෙහි පමුච්චෙය්‍ය.

‘‘දුක්ඛඤ්ච විජානෙය්‍ය, දුක්ඛස්ස ච සමුදයං නිරොධං;
අට්ඨඞ්ගිකඤ්ච මග්ගං, චත්තාරිපි අරියසච්චානි.

‘‘දුක්ඛො ඉත්ථිභාවො, අක්ඛාතො පුරිසදම්මසාරථිනා;
සපත්තිකම්පි හි දුක්ඛං, අප්පෙකච්චා සකිං විජාතායො.

‘‘ගලකෙ අපි කන්තන්ති, සුඛුමාලිනියො විසානි ඛාදන්ති;
ජනමාරකමජ්ඣගතා, උභොපි බ්‍යසනානි අනුභොන්ති.

‘‘උපවිජඤ්ඤා ගච්ඡන්තී, අද්දසාහං පතිං මතං;
පන්ථම්හි විජායිත්වාන, අප්පත්තාව සකං ඝරං.

‘‘ද්වෙ පුත්තා කාලකතා, පතී ච පන්ථෙ මතො කපණිකාය;
මාතා පිතා ච භාතා, ඩය්හන්ති ච එකචිතකායං.

‘‘ඛීණකුලීනෙ කපණෙ, අනුභූතං තෙ දුඛං අපරිමාණං;
අස්සූ ච තෙ පවත්තං, බහූනි ච ජාතිසහස්සානි.

‘‘වසිතා සුසානමජ්ඣෙ, අථොපි ඛාදිතානි පුත්තමංසානි;
හතකුලිකා සබ්බගරහිතා, මතපතිකා අමතමධිගච්ඡිං.

‘‘භාවිතො මෙ මග්ගො, අරියො අට්ඨඞ්ගිකො අමතගාමී;
නිබ්බානං සච්ඡිකතං, ධම්මාදාසං අවෙක්ඛිංහං (අපෙක්ඛිහං (සී.)).

‘‘අහමම්හි කන්තසල්ලා, ඔහිතභාරා කතඤ්හි කරණීයං;
කිසා ගොතමී ථෙරී, විමුත්තචිත්තා ඉමං භණී’’ති