උරුවෙල කාශ්‍යප දමනය.

අප ගෞරවයෙන් සරණ ගිය ඒ අසමසම ගුණ ඇති ලොව්තුරා බුදුරජාණන් වහන්සේ විසින් දමනය කළයුතු පුද්ගලයන් අනුශාසනා ප්රාරතිහාරයෙන්, ආදේශනා ප්රාතතිහාරයෙන්ද, ඍධි ප්රාමතිහාරයෙන්ද දමනය කළා. උන්වහන්සේ අනුත්තරපුරිසදම්ම සාරථි ගුණයෙන් යුක්තවන සේක.තමා රහතන් වහන්සේ නමක යැයි සිතා සිටි උරුවෙල් කාශ්ය ප දමනය වූ සැටි මෙසේය.
බරණැස මිගදායේ පස්වග රහතන් වහන්සේලාගෙන් පසුව ක්රිමයෙන් සඟ පිරිස වැඩිවෙලා ලෝකයේ රහතන් වහන්සේ හැට එක් නමක් බවට පත්වුණා. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දේශනා කළා මහණෙනි! යම් දිව්යුමය වූද, මානුෂික වූද, කෙළෙස් උගුල්වලින් ඔබත් නිදහස් වුණා. මමත් නිදහස් වුණා. ඒ නිසා මහණෙනි, බොහෝ ජනයාට හිත සුවපිණිස ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි වචන ඇති පැහැදිලි අර්ථ ඇති බ්රිහ්ම චරියාව ප්රපකාශ කරන්න. ඒ වගේම උන්වහන්සේ වදාළා කෙලෙස් අල්ප සත්ත්වයන් ඉන්නවා. ධර්මය අසන්නට නො ලැබුණොත් ඒ අය පිරිහී යනවා. ධර්මය අවබෝධ කරන අය ඇතිවන්නේ ඒ ධර්මය කීමෙන් පමණයි. ඒ අවස්ථාවේ එතැනට මාරයා පැමිණ කියනවා යම් දිව්ය හෝ යම් මානුෂීය හෝ කෙළෙස් බන්ධන ඇද්ද ඒ සියලු බන්ධනයන්ගෙන් ඔවුන් බන්ධනවා. මහ බන්ධනයෙන් ඔබ බඳිනවා. ඒ නිසා ශ්ර්මණය නුඹ මගෙන් නිදහස් වූ කෙනෙක් නොවේ.
භාග්යඒවතුන් වහන්සේ එවෙලෙහි වදාළා දිව්යද වූූ හෝ මානුෂික වූ හෝ යම් බන්ධන ඇද්ද ඒ සියලුම බන්ධනයන්ගෙන් මම නිදහස් වෙලා ඉන්නේ. ඒ නිසා මාරය නුඹ මේ කාරණයේ දී පරාජයට පත්වෙනවා කියා භාග්ය වතුන් වහන්සේ වදාළ කල්හි සුගතයන් වහන්සේ මාව දැක්කා යැයි සිතූ මාරයා එතැනින්ම සිත අසතුටු වෙලා නොපෙනී ගියා. ඊට පසුව භාග්යකවතුන් වහන්සේ අවවාද කළා මහණෙනි, ඒ ඒ තැන්වල භික්ෂූන් වහන්සේලා පැවිදි කරන්න. ඒ ඒ තැන්වලම උපසම්පදා කරන්න. එය උන්වහන්සේගේ සරණාගමන පැවිදි සහ උපසම්පදාව ලෙස. එහිදී සිල්පද පනවා තිබුණේ නැහැ.
ඊටපසුව භාග්යදවතුන් වහන්සේ බරණැසින් පිටත්ව උරුවෙල් බලා වැඩියා.ඒ අතර මගදී භද්දවග්ගිය කුමාරවරු මුණ ගැසී ඒ පිරිසත් පැවිදි වුණා.
ඉන්පසුව භාග්යමවතුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩියා. සේනානි ගමේ තමයි උරුවෙල් ජනපදය තිබෙන්නේ. උරුවෙල් ජනපදයේ ප්රාධාන ජටිලයන් තිදෙනෙක් වාසය කළා. ඒ උරුවෙල් කාශ්යසප, ගයා කාශ්යජප, නදී කාශ්ය්පය. ජටිල කියන්නේ ජටාදර තවුසන්. අදත් ඉන්දියාවේ වැඩිපුර ඉන්නේ ජටිලයන්. ඒ පිරිස හිස රැවුල් බාන්නේ නැහැ. සිය රැවුල් කොණ්ඩා පීරන්නේත් නැහැ. කාලයක් යනවිට ඒවා රැළි වෙනවා. ඒ දිගට වැවුන කෙස් ජටාවක් වගේ උඩට බඳිනවා. ඒ අය තමයි ජටිල. මේ පිරිස හුගක් තපස් රකින අයයි. මේ උරුවෙල් කාශ්යඒප 500 දෙනාට නායක. ගයා කාශ්යයප 300 දෙනාට නායක. නදී කාශ්ය ප 200 දෙනාට නායක. එහි සියලුම පිරිස දහසක් වෙනවා.
එදින භාග්ය වතුන් වහන්සේ උරුවෙල් කාශ්යයපගේ ආශ්රකමයට වැඩියා. උන්වහන්සේ මේ පිරිස සොයා වැඩියේ මොවුන් සංසාරේ බොහෝ ආත්මවල විමුක්තිය පතාගෙන ශ්රාරවක පාරමි ධර්මයන් සම්පූර්ණ කළ අය බව දන්නා නිසා.
භාග්ය වතුන් වහන්සේ උරුවෙල් කාශ්යිපට කියනවා “කාශ්යවප, ඔබට බරක් නැත්නම්, කරදරයක් නැත්නම් මම මේ ගිනිහල් ගේ වාසය කරන්නද?” කියා. කාශ්යාප කියනවා “මහ ශ්රතමණය මට නම් එහි බරක් නැහැ. හැබැයි ඉතාමත් රෞද්ර්වූ ඍධිමත් වූ විෂ සහිත නාගයෙක් මෙහි ඉන්නවා. ඒ නාගයාගෙන් නම් ඔබට කරදර සිදුවෙයි” යනුවෙන්. එවිට භාග්යකවනතුන් වහන්සේ “කාශ්යනප එය කම් නැත” කියා ඒ ගිනිහල් ගෙයි තිබු ඇතිරිල්ලක භාවනාවෙන් වාඩි වී සිටියා. මෙහි සිටි ඒ නාගයා උන්වහන්සේ දැක අසතුටු වෙලා දුම් පිට කරන්න පටන් ගත්තා. භාග්යෙවතුන් වහන්සේ දැනගත්තා මේ නාගයා තමන්ගේ තේජසින් මත්වෙලා ඉන්නේ, එනිසා මේ නාගයාට පීඩාවක් ඇති නොවන ලෙස උන්වහන්සේගේ ශරීරයෙන් දුම් පිටකළා. මේ ක්රිායාවට කිපුන නාගයා තම ශරීරයෙන් ගිනිදැල් පිට කළා. භාග්යනවතුන් වහන්සේ තේජෝ ධාතුවට සම වැදී උන්වහන්සේගේ ශරීරයෙන්ද ගිනිදැල් පිටකළා. මෙය ඈතට මහ ගිනි ජාලාවක් වගේ ජටිලයන්ට පෙනුනා. ගිනිහල් ලේ ගිනි ගන්නවා සේ ජටිලයන් දුටුවා. ඔවුන් කථාවුණා ‘අහෝ! භවත්නි, සොඳුරු රූ ඇති ශ්රනමණ ගෞතමයන් ඒකාන්තයෙන්ම විපතට පත්වෙලා’ කියා. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ඍධි බලයෙන් නාරජුගේ තේජස යට කොට දමනය කර පාත්රසයට දැම්මා. පසුදින “මේ ඔබේ ආනුභාව සම්පන්න නාගයා” යැයි උරුවෙල් කාශ්යසපට පෙන්වූවා. නමුත් මේ ප්රාකතිහාරයට උරුවෙල් කාශ්යරප දමනය වූයේ නැහැ. ඔහු කල්පනා කළා “යමෙක් චණ්ඩ වූ මහ ඍධි ඇති වහා පැතිරෙන දරුණු විස ඇති මහ නාග රාජයෙකු ගේ තේජස තමන්ගේ තේජසින් වනසයිද ඒ මහ ශ්ර මණ තෙමේ ඒකාන්තයෙන්ම ඍධිමත්, මහානුභාවසම්පන්න කෙනෙක්.” නමුත් මා වැනි රහත් කෙනෙක් නොවේ කියාලා.
උරුවෙල් කාශ්යිප දමනය නො වූවද භාග්යමවතුන් වහන්සේට පැහැදුණා. ඔහු කියනවා ශ්රවමණයනි “ඔබ මෙහිම වාසය කරන්න. මම ඔබ වහන්සේට දානයෙන් උපස්ථාන කරන්නම්” කියා.
භාග්යමවතුන් වහන්සේ කාශ්යමපගේ ආශ්රවමයේ සමීපයේ වාසය කරද්දී රාත්රීථයේ සතරදිගට අධිපති දෙවිවරු සතර දෙනා මහා ආලෝක ධාරාවක් පතුරවමින් ඉතා දීප්තිමත්ව දිලිසෙමින් භාගවතුන් වහන්සේ සමීපයට ආවා. උරුවෙල් කාශ්යමප මේ රැස්මාලා දැක පසුදින අසනවා, මහ මහණ, ඊයේ රාත්රි්යේ වනයේ ආලෝක කරගෙන ඔබ වෙත පැමිණියේ කවරහු ද? ‘කාශ්ය ප ඒ සතරවරම් දෙවිවරු දහම් ඇසීමට පැමිණියා’. කාශ්යඅප සිතනවා සතරවරම් දෙවි මහ රජ දරුවෝ ධර්මය අසනු පිණිස යමෙකු වෙත යයිද මේ ශ්රනමණතෙමේ ඒකාන්තයෙන්ම මහත් ඍධිසම්පන්නයි. මහානුභාව සම්පන්නයි. නමුත් මා වැනි රහත් නොවේ.
ඊට පසුදින වනලැහැබ කලින් දුටු ගිනි කදම්බයට වඩා මහත් වූ ආලෝක ධාරාවක් භාග්යුවතුන් වහන්සේ වැඩ සිටින ගිනිහල් ගෙට එන ආකාරය උරුවෙල් කාශ්ය්ප දුටුවා. පසුදින අසනවා ‘ඒ ආලෝකය කුමක්ද?’ තථාගතයන් වහන්සේ පවසනවා ඒ ශක්රප දේවේන්ද්රනයා දහම් සාකච්ඡාවකට පැමිණි බව. මහ ඍධිබලසම්පන්න සක්දෙවිදු යම්තැනක යමෙකුගෙන් ධර්මය අසන්නට පැමිණෙයිද ඒකාන්තයෙන්ම ඒ පුද්ගලයා මහඍද්ධිමත්. නමුත් මා වැනි රහත් නොවේ.
ඊළඟ දිනයේ පෙර දිනයන්ට වඩා මහත් වූ පැහැපත් වූ ආලෝක ධාරාවක් උරුවෙල් කාශ්යිප දුටුවා. පසුදින අසනවා ‘’ඒ ආලෝකය කුමක්ද?’’ කියා. භාග්ය වතුන් වහන්සේ වදාළා ‘’කාශ්ය්ප ඒ සහම්පති බ්රරහ්මරාජයා’’ කියා. කාශ්යාප එවෙලෙහිද සිතනවා සහම්පති බ්ර්හ්මරාජයා යමෙකුගෙන් බණ අසයිද ඔහු මහනුභාවසම්පන්න කෙනෙකි. නමුත් මම වගේ රහත් නැහැ නෙව කියා.
එක් දිනක් මගධ ජනපදයේ මිනිසුන් දානයකට සූදානම් වුණා. දානය දවසේ උරුවෙල් කාශ්යිප කල්පනා කරනවා අංග මගධ ජනපදවල අය බොහෝ හොඳට දානය දෙනවා. නමුත් මේ පිරිස මැද මහ ශ්රසමණයන් වහන්සේ ඍධි ප්රාහතිහාරයක් පෑවොත් මේ ලාභ සත්කාර සියල්ලම ශ්ර මණයන් වහන්සේට යනවා. මට ලැබෙන්නේ නැහැ. එනිසා මේ ශ්රකමණයන් හෙට දානයට වඩින්නේ නැත්නම් හොඳයි කියා සිතුවා. භාග්යලවතුන් වහන්සේ මේ කල්පනාව දිවසින් දැක එදා දානයට නොගිහින් උතුරුකුරු දිවයිනට පිණ්ඩපාතය සඳහා වැඩියා.
පසුදා තථාගතයන් වහන්සේ වෙත ගිය උරුවෙල් කාශ්යොප අසනවා ‘’මහ මහණ ඇයි ඊයේ ඔබ නො පැමිණියේ? ඊයේ දානය බොහෝ ලැබුණා. අපි ඔබ සිහි කළා’’. ‘ඇයි කාශ්යනප ඔබ ඊයේ සිතුවා නේද මහ මහණ මේ දානයට නො පැමිණියොත් හොඳයි කියලා’’ යැයි තථාගතයන් වහන්සේ වදාළ විට කාශ්යනපට ලැජ්ජා වුණා. නමුත් කාශ්යමප සිතනවා “යමෙක් තමන්ගේ සිතින් අනුන්ගේ සිතේ චිත්ත ස්වභාව දැන ගනීද ඒකාන්තයෙන්ම මේ ශ්රගමණ තෙමේ මහත් ඍධිමත්.” නමුත් මා වගේ රහත් නොවේ කියා සිතුවා.
භාග්යමවතුන් වහන්සේ උරුවෙල් ජනපදයේ වැඩ වසන කාලයේ දිනක් පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට ස්ථානයක් නොතිබුණ නිසා සක් දෙවිදුන් බුදුරදුන්ගේ අදහස දැනගෙන එය සේදීමට පොකුණක් තනා දුන්නා. එම සිවුර අතුල්ලා ගන්නට ගලක්ද ගෙනවිත් තිබ්බා. වස්ත්රනය වැනීමට තවත් කළුගලක් ගෙනැවිත් තිබ්බා. තථාගතයන් වහන්සේට වස්ත්රතය සෝදා පොකුණෙන් ගොඩවීමට සමීපයේ තිබූ කුඹුක් ගසෙහි දෙවියා ඒ ගසේ අත්තක් පොකුණ දෙසට නැමුවා. පසුදින කාශ්යතප මේ සියලුම දේ දැක අසනවා ‘’මහ ශ්රණමණය කලින් මෙහි පොකුණක් හෝ කළුගල් ද තිබුණේ නැහැ. මේ කුඹුක් අත්තද මෙසේ නැමී තිබුණේ නැහැ. මේ දේ කළේ කවුද?’’
‘’කාශ්යමප මට පාංශකූල සිවුරක් ලැබුණා. එය සෝදා ගැනීමට තැනක් තිබුණේ නැහැ නෙව. ඒ නිසා ශක්රායා විසින් මේ පොකුණ තනා කළුගල් දෙක ගෙනවිත් තැබුවා. මේ කුඹක් ගසේ දෙවියා අත්ත නවා දුන්නා’ යැයි භාග්යණවතුන් වහන්සේ වදාළා.
එවිට කාශ්යදප සිතනවා ශ්ර්ක්රව දේවේන්ද්ර යාත් වැඩපළ කරදෙන මේ මහණ තෙමේ නම් ඒකාන්තයෙන්ම මහානුභාව ඇති කෙනෙක්. නමුත් මා මෙන් රහත් නැහැ නොව කියා’’
තවත් එක් දිනක් තවුසෝ පන්සීයක් ගිනි පුදන පිණිස දර පලන්නට වුණා. එක් දර කැබැල්ලක්වත් පැලෙන්නේ නැති නිසා මෙයත් ‘මහ ශ්රටමණයන්ගේ ප්රාකතිහාර්යයක් යැයි සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්යරප දර පලන්නද? ඇසූ විට ‘පලන්න මහමහණ’ යි කීවා. එවෙලෙහි දර කොට පන්සීයම පැලී ගියා. තවුසෝ ගිනි දැල්වීමට සූදානම් වුවත් එක් දර කැබැල්ලක්වත් ගිනි ඇවිලුණේ නැහැ. මෙයත් මහමහණගේ ප්රාගතිහාර්යක් විය යුතුයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘ ගිනි අවුලන්නද කාශ්ය්ප’ ඇසූවිට ‘එසේය’ පිළිතුරු දුන්නා. එවලෙහි දර කොට පන්සියය ගිනි ඇවිලුණා. තවුසෝ ගිනි පුදා ගිනි නිවන්නට උත්සාහ කළා. කෙතෙක් උත්සාහ කළද ගිනි නිවුනේ නැහැ. මෙයද ‘මහ ශ්රනමණයාගේ ප්රා.තිහාර්යයක්’ යැයි තවුසෝ සිතුවා. තථාගතයන් වහන්සේ ‘කාශ්ය ප ගිනි නිවන්න ද?’ ඇසුවා. ‘එසේය මහ ශ්රනමණය ගිනි නිවේවායි’ පිළිතුරු දුන්නා. සෑම තැනම ගිනි නිවුණා. කාශ්ය ප පෙර සේම මහමහණුන් සෘද්ධිමත් වුවත් මම මෙන් රහත් නැතැයි’ සිතුවා.
එක් දිනක් අකල් වැස්සක් වැහැලා භාග්යිවතුන් වහන්සේ වෙසෙන ප්රුදේශය ජලයෙන් යට වී ගියා. උන්වහන්සේ එම ජලය දෙබෑ කොට දූවිලි සහිත කොටසක් මවා එහි සක්මන් කරමින් සිටියා. උරුවෙල් කාශ්යජපට ප්රූකාශ කළා ජල පහර තද නිසා ඒකාන්තයෙන්ම මහශ්ර්මණයන් දියේ ගසා ගෙන ගොස් ඇති. බේරා ගනිමුයි කතිකාකොට බෝට්ටුවකින් ගියා. නමුත් භාග්ය වතුන් වහන්සේ ජලය මැද දූවිලි සහිත බිමක සක්මන් කරනවා ඔවුන් දැක්කා. තවුසන් පුදුමයට පත්වුණා. තථාගතයන් වහන්සේ අහසට පැන නැගී ඔවුන්ගේ බෝට්ටුවට ගොඩ වුණා. එවිටද උරුවෙල් කාශ්යවප සිතනවා ‘’යමෙක් සිටි තැන ජලයෙන් පවා නො තෙමේද මේ මහ ශ්රුමණ සෘද්ධිමත් ය. මහනුභාව සම්පන්න ය. නමුත් මා මෙන් රහත් නොවේ.”
භාග්යනවතුන් වහන්සේ සිතනවා මේ මෝඝ පුද්ගලයාට මම මෙතරම් ප්රායතිහාර්ය පෙන්වද්දීත් කිසිදු දමනය වීමක් නැහැ. එනිසා මොහු සංවේගයට පත්කළ යුතුයැයි සිතා ‘’කාශ්යිප නුඹ රහත් නොවේ. රහත් මගට පැමිණි කෙනෙකුත් නොවේ. යම් ප්ර්තිපදාවකින් අරහත් මාර්ගයට පැමිණෙයිද ඒ ප්රමතිපාදාවත් ඔබ නොදනියි’’. එවිට උරුවෙල් කාශ්යතපගේ මානය බිඳුණා. භාග්යමවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණා. ‘ස්වාමිනි භාග්යවවතුන් වහන්ස, මම ඔබ වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවා’. ‘’කාශ්යෙප ඔබ පන්සියයක් ජටිලයන්ට නායක. අග්රයයි. ප්රැමුඛාචාර්ය යි. ඔබ මේ තීරණය ඔබේ ගෝලයන් ගැන සිතා කළ යුතුයි’’ තථාගතයන් වහන්සේ වදාළා. එවිට උරුවෙල් කාශ්යිප තම ගෝලයන් රැස් කර පවසනවා ‘’භවත්නි, මම ශ්රාමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වීමට සිතුවා. ඔබලා යමක් කැමැතිද එය කරන්න’’. ඔවුන් පවසනවා ‘’පින්වත් ආචාර්යතුමනි, අපිත් බොහෝ කාලයක් සිට මහ ශ්රහමණයන් වහන්සේ කෙරෙහි පැහැදී සිටියේ. ඔබවහන්සේ උන්වහන්සේගෙන් පැවිදි බව ලබා ගන්නේනම්, අපි සියලු දෙනාත් බුද්ධ ශාසනයේ පැවිදි වෙනවා’.
ඉන්පසු සියලුම දෙනා ජටා මඩුළු, කෙස්, තවුස් පිරිකර, ගිනි පුදන උපකරණ සියලුම දේ දියේ පාකර හැරියා. තථාගතයන් වහන්සේට ප්ර,කාශ කළා ‘ස්වාමිනි අප ඔබ වෙතින් පැවිදි බව හා උපසම්පදාව ලබන්නෙමු’ කියා. එවිට උන්වහන්සේ වදාළා මහණෙනි! මේ ධර්මය මනාකොට දේශනා කර තිබෙනවා. බඹසරෙහි හැසිරී මේ දුක් කෙළවර කරන්න. එයට කියන්නේ ඒහි භික්ඛු උපසම්පදාව කියා. මෙහිදී පැවිදි කිරීමක්, සිවුරු අතට දීමක් ආදිය සිදුවන්නේ නැහැ. සිවුරු පාත්රෙ සියල්ලම සෘද්ධියෙන් පහළ වෙනවා. බුදු කෙනෙකු පමණයි එසේ ඒහි භික්ඛුභාවය ලබා දෙන්නේ. තවුසන් විසින් පාකළ තවුස් පිරිකර සියල්ලම ගඟ දිගේ පහළට ගසාගෙන ගියා.
නදියේ මැද කොටසේ වාසය කළ නදී කාශ්යනප මෙය දැක සිතනවා මගේ සහෝදරයාට කුමක් හෝ කරදරයක් යැයි සිතා ඔහුව බලන්න ගියා. එහිදී දුටුවා උරුවෙල් කාශ්යයප ඇතුලු පිරිස් පැවිදිවෙලා සිටින ආකාරය. නදී කාශ්ය ප අසනවා, කාශ්යුපයෙනි, මේ පැවිදි බව තපසට වඩා උතුම් ද? ආයුෂ්මතුනි, එසේය. මේ පැවිදි බව උතුම්. ඉන්පසු නදී කාශ්යසප ඇතුලු තුන්සියයක් පිරිස භාග්යමවතුන් වහන්සේ ඉදිරියේ පැවිදි වූවා.
ගයා කාශ්යඩප සිටියේ ගයාවේ. ගග පහළට මේ සියලුම පිරිකර ගසාගෙන යනවා. ගයා කාශ්යාප එය දැක සිතනවා මගේ සොයුරන්ට කුමක් හෝ කරදරයක්ද සිතා බැලීමට එනවා. ඒ සියලුම දෙනා පැවිදි වී සිටින ආකාරය දැක අසනවා ‘පැවිදි බව තපස් බවට වඩා උතුම් ද? එසේය, ‘’පැවිදි බව උතුම්යි’’ ඔහු ඇතුළු දෙසීයක් වූ පිරිස තම සියලුම තපස් පිරිකර පාකර භාග්යයවතුන් වහන්සේගේ ශාසනයේ පැවිදි වුණා.
උන්වහන්සේ දහසක් භික්ෂූන් වහන්සේ සමඟ ගයා ශීර්ෂයට වැඩම කළා. එහිදී වදාළා මහණෙනි, ඇස, රූපය, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ෂය, ස්පර්ෂයෙන් ඇතිවන විඳීමද ගිනි ගන්නවා. මහණෙනි, රාගය, ද්වේශය , මෝහය නමැති ගින්නෙන්ද ජාති, ජරා, මරණ, ශෝක වැලපීම්, දුක් දොම්නස් උපායාස ගින්නෙන් ද, අප ගිනි ගන්නවා. ඒ වගේම රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ෂ, අරමුණු හයත් ගිනි ගන්නවා. මේ එකොළොස් ආකාරය ගින්නෙන් ගිනි ගන්නවා බව අවබෝධ වූවාම ඔහු ඇසත්, රූපයත්, ඇසේ විඤ්ඤාණයත්, ඒ තුළින් ඇතිවන ස්පර්ෂයත්, ස්පර්ෂයෙන් හට ගන්නා විඳීමටත් කළකිරෙනවා. අවබෝධයෙන් කළකිරෙන විට එය අත හරිනවා. එවිට එයින් නිදහස් වෙනවා. නිදහස් වූ නිසා ඒ පුද්ගලයා සම්පූර්ණ වෙනවා. ඒ රහතන් වහන්සේයි. දහසක් පමණ වූ භික්ෂූහු මේ දේශනාව අවබෝධ කොටගෙන අරහත්වයට පත්වුණා.
භාග්යවවතුන් වහන්සේට මෙතරම් ප්රාපතිහාර්ය පා මොවුන් දමනය කිරීමට සිදුවූයේ ඔවුන් රහත් වී යැයි යම් මාන්නයකින් සිටි නිසයි. තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී සේනා සහිත මාරයා දමනය කළ පසුව උන්වහන්සේ කළ ප්ර‍ධානම දමනය මේ ජටිල දමනය.