ආලවක සුත්‍රය (පිරිත)

ඒවං මේ සුතං, ඒකං සමයං භගවා ආලවියං විහරති ආලවකස්ස යක්ඛස්ස භවනේ. අථ ඛෝ ආලවකෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා. භගවන්තං ඒතදවෝච.නික්ඛම සමණාති, සාධාවූසෝ’ති භගවා නික්ඛමි. පවිස සමණා’ති. සාධාඅවූසෝ’ති භගවා පාවිසි. දුතියම්පි ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච නික්ඛම සමණාති. සාධාවූසෝ’ති භගවා නික්ඛමි. පවිස සමාණාති. සාධාවුසෝ’ති භගවා පාවිසි. තතියම්පි ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච. නික්ඛම සමණා’ති. සාධාවූසෝ’ති භගවා නික්ඛමි. පවිස සමාණා’ති. සාධාවූසෝ’ති භගවා පාවිසි.චතුත්ථම්පි ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ඒතදවෝච. නික්ඛම සමණා’ති. නඛ්වාහං නික්ඛමිස්සාමි, යං තේ කරණීයං තං කරෝහී’ති.පඤ්හං තං සමණ පුච්ඡිස්සාමි, සචේ මේ න ඛ්‍යාකරිස්සසි, විත්තං වා තේ ඛිපිස්සාමි, හදයං වා තේ ඵාලෙස්සාමි, පාදේසුවා ගහෙත්වා පාරගංගායං ඛිපිස්සාමීති.නඛ්වාහන්තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණබ්‍රාහ්මණීයා පජාය සදේව මනුස්සාය යෝ මේ චිත්තං වා ඛිපෙය්‍ය හදයංවා ඵාලෙය්‍ය පාදේසු වා ගහෙත්වා පාරගංගාය ඛිපෙය්‍ය. අපි ච ත්වං ආවුසෝ පුච්ඡ යදාකංඛසිති.අථ ඛෝ ආලවකෝ යක්ඛෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි.කිංසූ ධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිංසු සුචින්නෝ සුඛමා වහාති කිංසු හවේ සාදුතරං රසානං  කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨන් ති සද්ධී ධ විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමා වහාති සච්චං හවේ සාදුතරං රසානං පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨන් ති කථංසු තරතී  ඕඝං කථංසු තරති අණ්ණවං කථංසු දුක්ඛං අච්චේති කථංසු පරිසුජ්ඣතී සද්ධාය තරතී  ඕඝං අප්පමාදේන අණ්ණවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ඣති කථංසු ලභතේ පඤ්ඤං කථංසු වින්දතේ ධනං කථංසු කිත්තිං පප්පෝති කථං මිත්තානි ගන්ථති අස්මා ලෝකා පරං ලෝකං කථං පෙච්ච න සෝචති සද්දාහානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුස්සූතා ලභතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛණෝ පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පප්පෝති  දදං මිත්තානි ගන්ථති යස්සේ තේ චතුරෝ ධම්මා සද්ධස්ස ඝරමේසිනෝ සච්චං ධම්මෝ ධිතී චාගෝ ස වේ පෙච්ච  සෝචති ඉංඝ අඤ්ඤේ පි පුච්ඡුස්සු පුථුසමණබ‍්‍රාහ්මණේ යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භියේ‍යා න විජ්ජති කථන්නු දානි පුච්ඡෙය්‍යං පුථු සමණබ‍්‍රාහ්මණේ සෝ හං අජ්ජ පජානාමි යෝ අත්ථෝ සම්පරායිකෝ අත්ථාය වත මේ බුද්ධෝ වාසායා ලවිමාගමා සෝ හං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං සෝ හං විචරිස්සාමී ගාමා ගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතන් ති ඒ තේන සච්චේන සුවත්ථි හෝතු ඒ වං මේ සුතං  ඒ කං සමයං භගවා ආළවියං විහරති ආළවකස්ස යක්ඛස්ස භවනේ අථ ඛෝ ආළවකෝ යක්ඛෝ යේන භගවා තේනුපසංකමි  උපසංකමිත්වා භගවන්තං ඒ තද වෝච  නික්ඛම සමණා ති  සාධා වුසෝ ති භගවා නික්ඛමි  පවිස සමණා ති  සාධා වුසෝ ති භගවා පාවිසි දුතියම් පි ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්තං ඒ තද වෝච  නික්ඛම සමණා ති සාධා වුසෝ ති භගවා නික්ඛමි පවිස සමණා ති  සාධා වුසෝ ති භගවා පාවිසි තතියම් පි ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්තං ඒ තද වෝච  නික්ඛම සමණා ති සාධා වුසෝ ති භගවා නික්ඛමි  පවිස සමණා ති  සාධා වුසෝ ති භගවා පාවිසි චතුත්ථම් පි ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්තං ඒ තද වෝච  නික්ඛම සමණා ති නඛ්වා හං තං ආවුසෝ නික්ඛමිස්සාමි  යං තේ කරණීයං තං කරෝහී ති පඤ්හං තං සමණ පුච්ස්සාමි  සචේ මේ න ව්‍යාකරිස්සසි, චිත්තං වා තේ ඛිපිස්සාමි, හදයං වා තේ ඵාලෙස්සාමි, පාදේසු වා ගහෙත්වා පාරගංගායං ඛිපිස්සාමී ති නඛ්වාහන්තං ආවුසෝ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ‍්‍රහ්මකේ සස්සමණබ‍්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය යෝ මේ චිත්තං වා ඛිපෙය්‍ය, හදයං වා ඵාලෙය්‍ය, පාදේසු වා ගහෙත්වා පාරගංගාය ඛිපෙය්‍ය, අපිච ත්වං ආවුසෝ පුච්ඡු යදාකංඛසී ති අථ ඛෝ ආළවකෝ යක්ඛෝ භගවන්තං ගාථාය අජ්ඣභාසි කිංසූ ධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිංසූ සුචිණ්ණෝ සුඛමා වහාති කිංසූ හවේ සාධුතරං රසානං කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨං ති  සද්ධී ධ විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමා වහාති සච්චං හවේ සාධුතරං රසානං පඤ්ඤාජීවිං ජීවිතමාහු සෙට්ඨන් ති කථංසු තරති  ඕඝං කථංසු තරති අණ්ණවං කථංසු දුක්ඛං අච්චේති කථංසු පරිසුජ්ඣති සද්ධාය තරතී  ඕඝං අප්පමාදේන අණ්ණවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ඣති කථංසු ලභතේ පඤ්ඤං කථංසු වින්දතේ ධනං කථංසු කිත්තිං පප්පෝති කථං මිත්තානි ගන්ථති අස්මා ලෝකා පරං ලෝකං කථං පෙච්ච න සෝචති සද්දහානෝ අරහතං ධම්මං නිබ්බානපත්තියා සුස්සූසා ලභතේ පඤ්ඤං අප්පමත්තෝ විචක්ඛණෝ  පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පප්පෝති දදං මිත්තානි ගන්ථති යස්සේ තේ චතුරෝධම්මා සද්ධස්ස ඝරමේසිනෝ සච්චං ධම්මෝ ධිතී චාගෝ ස වේ පෙච්ච න සෝචති ඉංඝ අඤ්ඤේ පි පුච්ඡුස්සු පුථුසමණබ‍්‍රාහ්මණේ යදි සච්චා දමා චාගා ඛන්ත්‍යා භියේ‍යා් න විජ්ජති කථන්නු දානි පුච්ඡෙය්‍යං පුථු සමණබ‍්‍රාහ්මණේ සෝ හං අජ්ජ පජානාමි යෝ අත්ථෝ සම්පරායිකෝ අත්ථාය වත මේ බුද්ධෝ වාසායා ළවිමාගමී සෝ හං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං සෝ හං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං නමස්සමානෝ සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතන් ති ඒ වං වුත්තේ ආළවකෝ යක්ඛෝ භගවන්තං ඒ තද වෝච අභික්කන්තං භෝ ගෝතම අභික්කන්තං භෝ ගෝතම සෙය්‍යථාපි භෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, පටිච්ඡුන්නං වා විවරරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්ධකාරේ වා තේලපජ්ජෝතං ධාරෙය්‍ය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්තී ති  ඒ වමේවං භෝතා ගෝතමේන අනේකපරියායේන ධම්මෝ පකාසිතෝ  ඒ සා හං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාමි  ධම්මඤ් ච භික්ඛුසංඝඤ්ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පාණුපේතං සරණං ගතන්ති

තේරුම

මා විසින් මෙසේ අසන ලදී  එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ අළව් නුවර අලව් යකු ගේ වාස භවනෙහි වැඩ සිටි සේක එකල්හී භාග්‍යවතුන් වහන්සේ වෙත අලව් යකු පැමිණියේ ය  එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය  එම්බා ශ්‍රමණය, මෙතනින් පිටත් වෙනු  හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ පිටතට වැඩි සේක  එම්බා ශ්‍රමණය, යලි ඇතුළට පැමිණෙනු  හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩි සේක දෙවැනි වරට ද අළව් යකා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය  එම්බා ශ්‍රමණය මෙතනින් පිටත් වෙනු  හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ පිටතට වැඩි සේක එම්බා ශ්‍රමණය, යලි ඇතුළට පැමිණෙනු  හොඳයි ආයුෂ්මතුනි, ය කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩි සේක තුන් වන වරට ද අළව් යකා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය  එම්බා ශ්‍රමණය මෙතනින් පිටත් වෙනු  හොඳයි ආයුෂ්මතුනි, යි කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ පිටතට වැඩි සේක එම්බා ශ්‍රමණය, යලි ඇතුළට පැමිණෙනු  හොඳයි ආයුෂ්මතුනි, යී කියා වදාරා භාග්‍යවතුන් වහන්සේ ඇතුළට වැඩි සේක හතර වන වරට ද අළව් යකා භාග්‍යවතුන් වහන්සේට මෙසේ පවසා සිටියේ ය  එම්බා ශ්‍රමණය මෙතනින් පිටත් වෙනු  ආයුෂ්මතුනි, මම මෙතැනින් පිටතට නො යන්නෙමි  ඔබට කළ හැකි දෙයක් වේ නම්, දැන් එය කළ මැනව එම්බා ශ‍්‍රමණය තොපගෙන් මම ප්‍රශ්ණ අසන්නෙමි ඉදින් ඒ  ගැන පිළිතුරු නො දෙන්නෙහි නම් තොප ගේ සිත හෝ පෙරළා දමන්නෙමි තොප ගේ හදවත හෝ පලා දමන්නෙමි පා වලින් ගෙන හෝ ගගින් එතෙරට විසිකරන්නෙමි ආයුෂ්මතුනි, දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ,   ශ්‍රමණබ‍්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මා ගේ සිත පෙරළා දැමිය හැකි කෙනෙකුන් හෝ හදවත පලා දැමිය හැකි කෙනෙකුන් හෝ පා වලින් ගෙන ගගින් එතෙරට විසි කර දැමිය හැකි කෙනෙකුන් හෝ මම නම් නො දකිමි  එනමුදු ආයුෂ්මතුනි, ඔබ කැමති කාරණාවන් මගෙන් විමසුව මැනව එකල්හි අලව් යකා භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් පවසා සිටියේ ය කවර ධනය ද පුරුෂයා හට උතුම් වන්නේ කවර කරුණ ද පුරුදු කළ විට සැප ලැබෙන්නේ කවර රසය ද ලොවේ මියුරු ම රසය වන්නේ කවර දිවිය ද ගත කරන විට උතුම් වන්නේ සැදැහැ ධනය යි පුරුෂයා හට උතුම් වන්නේ සොඳුරු දහමයි පුරුදු කළ විට සැප ලැබෙන්නේ ආර්ය සත්‍යය යි ලොවේ මියුරු ම රසය වන්නේ නැණැති දිවිය යි ගත කරන විට උතුම් වන්නේ  සැඩ දියෙන් එතෙර වී පැණ ගන්නෙ කෙලෙසින් ද සමුදුරෙන් එතෙර වී ගොඩ යන්නෙ කෙලෙසින් ද භව දුකින් අත මිදී ගැලවෙන්නෙ කෙලෙසින් ද ජීවිතය පිරිසිදු ව බබළන්නෙ කෙලෙසින් ද සැදැහැයෙනි සැඩ දියෙන් එතෙර වී පැන ගන්නෙ නොම පමාවෙනි සසර සමුදුරෙන් ගොඩ යන්නෙ වීරියෙන් ඉක්ම ගොස් භව දුකින් ගැලවෙන්නෙ නැණ බලෙන් ම ය ලොවේ දිවිය පිරිසිදු වෙන්නෙ කෙලෙසින් ද දිවි මගට නුවණ ඇති කර ගන්නෙ කෙලෙසින් ද කෙනෙකු ලොව ධනය රැස් කරගන්නෙ කෙලෙසින් ද කෙනෙකු ගේ හොඳ නමක් පැතිරෙන්නෙ කෙලෙසින් ද යහළු මිතුරන් පිරිස ලැබ ගන්නෙ මොලොව හැර   පරලොවට ගිය විට කෙලෙසින් ද ශෝකයක් නැති වෙන්නෙ අමා නිවන ට පමුණුවාලන   දහම් පවසති රහත් මුනිවරු සැදැහැ සිත් එහි උපදවාගෙන   මනා කොට ඒ  බණ අසාගෙන ඇසූ දහමට සිත යොමා ගෙන පමා නො ම වී එයට නතු වී   විමසනා විට නුවණ මතු වේ  බාරගෙන එන වගකීම් හැම වීරියෙන් කටයුතු ද කරනා නො පසුබසිනා වීරියෙන් යුතු කෙනෙකු වේ නම් රැස් කරයි හේ සියලූ ධනය ම සැබෑ බස් පවසන කෙනා ලබයි ලොව හොඳ නම මනා යහළුවන් සොයනා කෙනා දිය යුතු ය හැම දන් මනා සැදැහැවත් පින්වතෙකු හට   ගිහිගෙයි වසනා පවතින විටෙක   දහම් සතරක් මේ කියනා සැබෑ බස් පැවසීම ද   වැටහෙන නුවණ තිබුම ද උත්සහය පැවතීම ද   දන් දෙන්ට හැකි වීම ද මේවා තිබෙන විට   ගෙවනා ජීවිතයේ පරලොව ගිය කලෙක   ශෝක නො කරයි එයා කිසි විට එහෙනම් ඔබ හට මේ ගැන    ඕනෑ නම් දැන ගන්නට ලොවේ වෙන ශ්‍රමණ බමුණන්   වෙතට ගොස් විමසා බලනු මැන සැබෑ බසකට   ඉන්ද්‍රියන් දමනයකට දන් පැන් පිදීමට   ඉවසීමෙන් වැඩිතරම් වූ   තවත් කිසිවක් ලොවේ වෙන   ඇති දැ යි කියා අනේ පින්වත් භගවතාණෙනි, ලොවේ සිටිනා වෙන   ශ්‍රමණ බමුණන්ගෙන් කුමට නම් මා යළි අසන්ට ද  දැන ගතිමි අද සිතු ලෙසට මම මෙලොව   පරලොව සැපත ලැබ දෙන සියලූ කරුණු ම සැබැවින් ම බුදු සමිඳුනේ ඔබ   මා කෙරෙහි කරුණාවෙන් වැඩි සේක මේ අළව් භවනට යම් උතුම් කෙනෙකුන් හට   දුන් දෙයින් මහඵල ලැබෙයි නම් පිදිය යුතු ඒ  උතුම් මුනිඳුන්   දැන ගතිමි මම අද දිනේ නමදිමින් සම්බුදු රජාණන්   අසිරිමත් දම් රස අමාවන් පවසමින් ලොව යමි   ගමින් ගම ඇවිද පවසමි මම රටින් රට මෙසේ කී අළව් යකු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ ද පවසා සිටියේ ය පින්වත් ගෞතමයන් වහන්ස, ඉතා සුන්දර ය  පින්වත් ගෞතමයන් වහන්ස ඉතා සුන්දර ය, යටට හැරැවී ඇති දෙයක් උඩට හරවා තබන්නේ යම් ආකාරයෙන් ද, සැගැවී තිබුනා වූ දෙයක් මතු කොට දක්වන්නේ යම් ආකාරයෙන් ද, මංමුළා වූ කෙනෙකුන් හට හරි මග පෙන්වා දෙන්නේ යම් ආකාරයෙන් ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහු යැ යි කියා අඳුරේ තෙල් පහනක් දරන්නේ යම් ආකාරයෙන් ද  එසෙයින් ම පින්වත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන්  සද්ධර්මය ප්‍රකාශ කරන ලද්දේ ය  ඒ  මම ද පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යමි සද්ධර්මය ද භික්ෂු සංඝයා ද මම සරණ යමි  පින්වත් ගෞමයන් වහන්සේ අද පටන් මා ගැන ද දිවි තිබෙන තුරා ම තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් පිළිගන්නා සේක්වා