යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වි විකුණන වෙළඳව උපන්සේක. එසමයෙහි බරණැස් නුවර අහිකුණ්ඨික නම් බ්‍රාහ්මණයෙක් වඳූරෙකු වඩා සර්පයින් නටවා ජීවත් වන්නේය. බරණැස් නුවර උත්සව කෙළියක් දවසෙක අහිකුණ්ඨික බ්‍රාහ්මණ වඳූරා වී විළෙදානන් සමීපයෙහි රඳවා තෙමේ උත්සවකෙළි කෙළිනට ගිය තැනැත්තේ සත් දවසකුත් රඳා ආය, වඳූරා තමා වැඩූ තැනැත්තා හෙයින් දැක ලඟට ආය. අහිකුණ්ඨික බ්‍රාහ්මණ වඳූරා මරා බැඳලීය.වඳූරා බැම්ම කඩාගෙණ අඹ ගසට නැංගේය. අභිකුණ්ඨික බ්‍රහ්මණ නිදා පිබිද වඳුරා නොදැක ගස උඩ බලා ගස උඩ ඉඳ අඹ කන්නාවූ වඳූරා දැක මූ සිත්ගෙණ බස්කියා පාත බාවාගෙණ අල්වා ගණිමි සිතා ගසමුලසිට කියන්නේ යහපත්වූ මූනක් ඇති වානරයාණෙනි මම දූ කෙළ පැරදපියා ආමි මට අඹකැණකුත් අරගෙණ මා කරා එවයි කීය. එවිට වානරයා කියන්නේ තෙපි කුමක් කියව්ද?, වඳූරන්ගේත් යහපත් මුහුණු ඇද්ද තොපි සිත්ගෙණ කියනබස් මම නොදනිම්ද තෝ ව්‍යාජ කියා මා ලඟට ගෙන්නා ගෙණ අල්වාගන්ට කාරණා උපාය මම දනිමි. මාගේ ස්වාමියා කියායයි සිතා තොප කරා ගොස් උපපත්තෙන් පාර කීපයක් ගසා කළ ගහට තව දක්වා මා සිත ඇත. තොප මට රාජ්ජයක් දෙමි කීවත් තොප ලඟට මා එන්නේ නැතැයි කීය ගස අත්ත අගට පලාගිය යි වදාරා මේ අහිකුණ්ඨික ජාතකය නිමවා වදාළසේක. ඒසමයෙහි වානරයා නම් මේ සාමනේරය. අහිකුණ්ඨක බ්‍රාහ්මණ නම් මහළු භික්ෂූහුය. වී වෙළඳ ව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක. |