අනිච්චතෝ, දුක්ඛතෝ, රෝගතෝ, ඝණ්ඩතෝ, සල්ලතෝ

එක් කලෙක සැරියුත් මහරහතන් වහන්සේයි, මහා කොට්ඨිත මහ රහතන් වහන්සේයි අතර ධර්ම සාකච්ඡාවක් ඇති වුණා. මහා කොට්ඨිත මහ රහතන් වහන්සේ සැරියුත් තෙරණුවන්ගෙන් ඇහුවා, ඇවැත්නි සාරිපුත්රමය, සිල්වත් මහණහු විසින් කුමන ධර්මයක් මෙනෙහි කළ යුතු ද කියලා. එතකොට සැරියුත් හිමියන් කිව්වා, සිල්වත් මහණහු විසින් පංච උපාදානස්කන්ධය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආදී වශයෙන් මෙනෙහි කරන්න ඕනෙ කියලා. එසේ මෙනෙහි කරන විට පෘතග්ජන භික්ෂුවක් නම් ඔහු සෝවාන් ඵලයට පත් වෙනවා කියලා වදාළා. සෝවාන් මහණහු විසිනුත් මෙයම මෙනෙහි කල යුතු බව වදාළා. එසේ මෙනෙහි කරනකොට ඔහු සකෘදාගාමී ඵලයට පත් වෙනවා කියලා වදාලා. සකෘදාගාමී මහණහු විසිනුත් මෙයම මෙනෙහි කල යුතු බව වදාළා. එසේ මෙනෙහි කරනකොට ඔහු අනාගාමී ඵලයට පත් වෙනවා කියලා වදාලා. අනාගාමී මහණහු විසිනුත් මෙයම මෙනෙහි කල යුතු බව වදාළා. එසේ මෙනෙහි කරනකොට ඔහු අරිහත් ඵලයට පත් වෙනවා කියලා වදාලා. එතනින් නැවතුනේ නැහැ. රහතන් වහන්සේත් අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ  සල්ලතෝ ආදී වශයෙන් මෙනෙහි කරනවා කියලා වදාලා. රහතන් වහන්සේ නිවන සදහා කල යුතු සියල්ල කරලා ඉවරයි නේ. එහෙනම් මොකටද මෙහෙම මෙනෙහි කරන්නේ ? දිට්ඨධම්ම සුඛ විහරණයට. එතකොට රහතන් වහන්සේලාත් වාසය කරන්නේ සතිපට්ඨානය භාවිතා කරගෙන.

මේ සාකච්ඡාව ඇති වෙන්න පෙර සැරියුත් හාමුදුරැවොයි සහම්පතී මහා බ්රයහ්ම රහතන් වහන්සේයි අතර සාකච්ඡාවක් ඇති වුණා. ඒකේ ප්රදථිපලය හැටියට තමයි මේ සාකච්ඡාව ඇති වුනේ. රහතන් වහන්සේලා මෙහෙම ධර්මය සාකච්ඡා කරන්නේ ඇයි ? ධර්මය නොදන්නා නිසා ද? නැහැ. රහතන් වහන්සේලා මේවා සාකච්ඡා කරන්නේ අපට අනුකම්පාවෙන්. ධර්මය පැහැදිලි කරල දෙන්න. මේ වගේ සාකච්ඡාවක් දෙවිවරැ පවා අහගෙන ඉන්නවා. ඒ සාකච්ඡාවේ ප්රදථිපලය හැටියටයි අපට මේ ධර්මය අද ලැබිලා තියෙන්නේ. සහම්පතී මහා බ්රෙහ්ම රහතන් වහන්සේ අකනිඨාවේ සිටින රහතන් වහන්සේ නමක්. උන් වහන්සේ බුදුවරයන් වහන්සේලා සතර නමකගෙන් ධර්මය අසා තියෙනවා. ඒ ධර්මය දරණවා. අකනිඨාවේ සිටින අනාගාමීන්ට සහ රහතුන්ට මහා කල්ප 16,000 ක් ආයුෂ තියෙනවා.
වසර තිහක් විතර ඉදන් ධර්ම මාර්ගයේ ගමන් කරන යෝගීන් වහන්සේ නමක් ඉන්නවා. දිනක් උන් වහන්සේට සහම්පතී මහා බ්රඉහ්ම රහතන් වහන්සේ පෙනී සිටල ප්රහකාශ කළා, අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ පද පහ භාවනා කරන්න සෝවාන් ඵලයක් ලැබීමට එයම ප්රපමාණවත් කියලා. එහෙම ප්ර කාශ කරලා ඒ පද පහ අපහසුවක් නැතිව භාවනා කරන පිළිවෙලත් ඉගැන්වුවා. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පිළිවෙලට භාවනා කරන්න පුළුවන්. එක් වතාවකට එක පදය බැගින්. 
1. රෑපය – අනිච්චතෝ

2. වේදනාව – දුක්ඛතෝ

3. සංඥාව – රෝගතෝ

4. සංස්කාරය – ගණ්ඩතෝ

5. විඤ්ඤාණය – සල්ලතෝ

1. අනිච්චතෝ භාවනා පදය… (අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ)
අනිච්චතෝ – රෑපස්කන්ධය අනිත්යට වශයෙන් බලන්න
කයට අවධානය යොමු කරන්න. ඒකේ ඇති අසාර බව ගැන සිතන්න. මේ කය මෙසේ තිබුනත් මැරී කුණු වී ඕජස් ගලමින් පණුවන් ගසමින් අතිශයින්ම පිළිකුල් තත්වයකට පත් වෙනවා. මේක මනසින් දකින්න. තමන් මියගොස් ඇතැයි සිතට ඒත්තු ගන්වන්න. තමන් මැරැණු බව සිත පිලිගන්න ලැහැස්ති නැහැ. තමන් දැකපු මළ සිරැරක් ලගින් තමාගේ මිනිය තබන්න. දින හතක් පමන ගතවන විට එයට සිදු වෙන දේ මෙනෙහි කරන්න. මැරී කුණු වී ඕජස් ගලමින හැටි පණුවන් ගසන හැටි දකින්න. අනිච්ච නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියන්න වටිනවාදැයි තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න.
පෘතග්ජන සිත තියෙන්නේ කාමයන්ට කෙලෙස් වලට යට වෙලා. මෙහෙම මෙනෙහි කරනකොට සිත කාමයන්ගේන් කෙලෙස් වලින් ඈත් වෙලා මහග්ගත තත්වයට පත් වෙනව. 
පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත රෑප තමයි රෑපස්කන්ධය. පඨවි කියන්නේ තද ගතියට. කෙස් ලොම් නිය දත් වගේ කුණප කොටස් වල පඨවි ධාතුව වැඩියි. ආපෝ කියන්නේ ඇලෙන ගතියට. කෙල සෙම සොටු ලේ වගේ කොටස් වල ආපෝ ධාතුව වැඩියි. තේජෝ කියන්නේ රස්නයට. අපේ කයේ තියෙනවා රස්නයක්. උණ ගැනුන විට රස්නය වැඩි වෙනවා. වායෝ කියන්නේ සෙලවෙන ගතියට. අපි ආශ්වාස ප්රටස්වාස කරන වාතයේ වායෝ ගතිය වැඩියි. දැන් මේ කය ගැහැණියෙක් පිරිමියෙක් කියලා හිතන්නේ නැතිව ධාතු සතරක් හැටියට මෙනෙහි කරන්න. කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ආදී ධාතු කොටස් මම නොවෙයි මගේ නොවෙයි කියා සිතන්න. එතකොට ඉතිරි වෙන්නේ ආකාශ ධාතුවයි එය දැනගන්නා සිතයි. 
(විඤ්ඤාණය කියන්නේ සිතට. හැම තිස්සේම තියෙන්නේ එක සිතක් නෙමෙයි. සිත් උපදිනවා, නැති වෙනවා. සිතෙන් දැනගන්නවා. රෑප දකින සිත ඇති වෙනකොට ශබ්ද අසන සිත නැහැ. ස්ඵර්ශය දැනගන්නා සිතක් ඇති වෙනකොට ශබ්ද අසන සිත නැහැ. රසය දැනගන්නා සිතක් ඇති වෙනකොට ස්ඵර්ශය දැනගන්නා සිත් නැහැ. මනසින් අරමුණු දැනගන්නා සිතක් ඇති වෙනකෙට අනෙක් සිත් නැහ.)
දැන් මේ කුණු කය ඇති වුනේ කොහොමද කියලා සමුදය බලන්න. අනිත්යස දකිනවා කියන්නේ සමුදය වය දකින එකට. මේක ඇති වෙනවා නැති වෙනවා කිව්වට හරියන්නේ නැහැ. අනිත්යි කියන්නේ මහා ගැඹුරැ දෙයක්. තමන් නොදන්නාම දේ කියලා හිතන්න. මගඵල ලබන්න අත්‍යවශ්‍යම දේ තමයි සමුදය වය දැකීම. අවාසනාවකට බෞද්ධයින් නොකරනම දේත් මේ සමුදය වය දකින එකමයි.
සමුදය – තමන්ගේ උදාහරණයක් ගන්න. ප්‍රිය ආහාර, රෑපවාහිනිය නැරඹීම වැනි දෙයක් ගන්න. එක වරකට එක දෙයක් ගන්න. ඒ රෑප පතනවා, මැනවයි කියනවා. නැවත නැවතත් ඒ රෑපම සොය සොයා ඒකෙම බැසගන්නවා. තමන් මෙහෙම කරනවා නේදයි මෙනෙහි කරන්න. මෙහෙම කරනකොට උපාදානය ඇති වෙනවා. රෑපය නිසා ඇති වන සුඛය නිසා රෑප මමය මගේය කියලා දැඩිව ගන්නවා. තමන් ඒ ඒ රෑප අල්ලාගෙන සිටින හැටි දකින්න. උපාදානය නිසා භවය ඇති වෙනවා. භවය කියන්නේ පැවැත්මට. තණ්හාවේ පැවැත්මට. ඒ ඒ රෑපයන්ට තමා තුළ තණ්හාව පවතින හැටි දකින්න. භවය නිසා ඇති වෙන්නේ ජාතිය. ජාතිය ඇති වුණා කියන්නේ දුක් රැසක් පහල වීමට නේද කියලා සිතන්න. තමන් කරන ක්රිකයාවන් නවත්තන්න යන්නේ නැතුව ඒ දෙස විදසුන් ඇසකින් බලන්න. සමුදය බලනකොට සමුදය බලන්න. වය ගැන සිතන්න එපා.
වය – ඊළගට, වය මෙනෙහි කරන්න. ප්රි ය ආහාර, රෑපවාහිනී වැඩසටයන් පතන්නේ නැති නම්, මැනවයි කියන්නේ නැති නම් ඒවායේ බැසගන්නේ නැති නම් තමන්ට ආශ්වාදයක් ඇති වෙන්නේ නැහැ. විඳිමක් නැහැනේ. එකතොට මමය මගේය කියලා උපාදාන වෙන්න දෙයක් නැහැ. උපාදානයක් නැතිනම් භවයක් නැහැ. තණ්හාවේ පැවැත්මක් නැහැ. තණ්හාවේ පැවැත්මක් නැතිනම් උපදින්නේ නැහැ. එතනින්ම දුක කෙලවර වෙනවා. 
මේක තේරෙන්නේ නැති නම්, අවබෝධ කරගන්න උදාහරණයක් කියන්නම්. එක්තරා භික්ෂූන් වහන්සේ නමකට වටිනා සිවුරක් ලැබුණා. උන් වහන්සේ මේක හරියට අගය කලා. මේක ලස්සනයි, වටිනා දෙයක් කියලා කිව්වා. ඒකේ ම සිත බැසගත්තා. එතකොට ඒකෙන් ලැබෙන ආශ්වාදය නිසා සිවුර උපාදාන වුණා උපාදානය නිසා තණ්හාව පැවතුනා. උන්වහන්සේගේ පැවැත්ම වුණේ අර සිවුර. හදිසියේම උන් වහන්සේ අපවත් වුණා. තණ්හාව පැවතුනේ (භවය වුනේ) සිවුරට නිසා සිවුරේම සතෙක් වෙලා උපන්නා. භවය නිසා ජාතිය ඇති වුණා.
දැන් සිතන්න. තම තමන් තණ්හාව පවත්වන දේවල් ගැන. ගේ දොර ඉඩකඩම්, දරැවන්, ස්වාමි භාර්යාව ගැන. මේවායෙන් ලැබෙන සුළු ආශ්වාදය නිසා මේවා උපාදාන කරගෙන තණ්හාව පැවතුනොත් (භවය ඇති වුනොත්) උපදින්නේ කොතන ද? මේ කාම ලෝකය තුලමයි.  ප්‍රේතයෙක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්නත් පුලුවන්. නිරයට යන්නත් පුළුවන්.
තමන් ඇබ්බැහි වෙලා ඉන්න දේවල් ගැන සිත එකග කරගෙන මේ විදහට සිතා බලන්න. එතකොට ක්‍රමක්‍රමයෙන් ඒවා අතහැරෙන්න පටන් ගන්නවා. අමාරැවෙන් ඒවා අතහරින්න යන්න එපා. සමුදය වය දැකලා අවබෝදයන් ඇති වුණාම ඉබේම ඒවා අත්හැරෙනවා.
සමුදය වය හරියට දැක්කා නම් අනිත්යව දැක්කා. එතකොට සිත හිස් වෙනවා. ශූන්යපතාවය කියලා අහලා ඇත. ඒ තත්වයට එක දවසෙන් හැමෝටම යන්න බැහැ. කලක් භාවනා කරනකොට ඕනෑම කෙනෙක් ඒ තත්වයට පත් වෙනවා.
ඒ තත්වයට පත් වුණත් නැතත් අන්තිමට නිරෝධයට මනස යොම කරන්න. නිරෝධ සංඥාව වඩන්න. ඒක කරන්නේ කොහොම ද? නිවනට මනස යොමු කරන්න. නිවන කියන්නේ තණ්හාව ක්ෂය වීම. විදර්ශනාවෙන් තමා තුල තියෙන තණ්හාවන් සියල්ල මොහොතකට ක්ෂය වුණා නම් නිරෝධ සත්‍ය අවබෝධ වෙනවා. දැන් තමන්ගෙන්ම ප්‍රශ්න කරන්න මේ දුක ඇති වුනේ කොහොමද කියලා එතකොට තණ්හාව, භවය වැනි පිලිතුරැ ලැබෙනවා. මේක තමන්ගේම අවබෝධයක්. පොත් පත් වලින් ගත්තු දෙයක් නෙමෙයි.
මේ විදිහටයි රෑපස්කන්ධය අනිච්චතෝ කියලා බලන්නේ. මරණය සිහි කළා. කය ධාතු ගොඩක් වශයෙන් බැලුවා. ඊලගට සමුදය වය මෙනෙහි කළා. සිත අරමුනු නැතිව හිස් වුනාම තමන්ගෙන්ම අහනවා මේ දුක ඇති වුනේ කොහොමද කියල.
මෙහෙම විදර්ශනා කරනකොට රෑපයේ අනිත්යම දකිනවා. අනිත්ය  නම් දුකයි. මමය මගේය කියන්න වටින්නේ නැහැ. රෑපයේ කලකිරෙනකොට රෑපයේ නොඇලෙනවා. නොඇලුනේ මිදෙනවා. මිදුනේ විමුක්ත වෙනවා. විමුක්ත වූයේ විමුක්ත වූ බව දැනගන්නවා.


2. දුක්ඛතෝ භාවනා පදය… (අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ)
අනිච්චතෝ පදය කලින් පැහැදිලි කලා. දැන් වේදනාව දුකක් වශයෙන් බලන්න.වේදනාව කියන්නේ විඳීමකට. දුක් වේදනාවට විතරක් නෙමෙයි. මනාප අරමුණක් නිසා ඇති වෙන්නේ සුඛ වේදනාවක්. අමනාප අරමුණක් නිසා ඇති වෙන්නේ දුක්ඛ වේදනාවක්. මැදහත් අරමුණක් නිසා ඇති වෙන්නේ සැප දුක් නැති උපේක්ෂා වේදනාවක්.
ස්ඵර්ශය නිසා වේදනාව ඇති වෙනවා. ඇසට රෑපයක් ගැටී දැනීමක් ඇති වුණාම ස්ඵර්ශය ඇති වෙනවා. ඒ ඇති වෙන වේදනාවට කියනවා ඇසේ ස්ඵර්ශය නිසා ඇති වුන වේදනාව කියලා. කනට ශබ්දයක් ගැටී දැනීමක් ඇති වුණාම ස්ඵර්ශය ඇති වෙනවා. ඒ ඇති වෙන වේදනාවට කියනවා කනේ ස්ඵර්ශය නිසා ඇති වුන වේදනාව කියලා. මේ විදිහට නාසයේ ස්ඵර්ශය, දිවේ ස්ඵර්ශය, කයේ ස්ඵර්ශය, මනසේ ස්ඵර්ශය (මනසට අරමුණක් ගැටීම) නිසා වේදනාව ඇති වෙනවා.
ජාති ජරා ව්යා ධි මරණ දුක මෙසේ මෙනෙහි කරන්න –
දුකක් විඳිනවා කියන්නේ වේදනාවක් ඇති වී නැති වී යාමට කියා සිතන්න. සංඥාවෙන් එය දුක් වේදනාවක් කියා හදුනා ගන්නනවා. සිතෙන් දුකක් කියලා දැනගන්නවා. විඳින කෙනෙක් විද්‍යමාන වෙන්නේ නැහැ.ඉපදීම දුකයි. ඉතා අපවිත්‍ර මවු කුසේ මාස දහයක් හිර වෙලා දුක් වින්දා. හිතන්න එකම ඉරියව්වක දවසක් ඉන්න වුනොත් මොන තරම් දුකක් ද කියලා. එහෙනම් මාස දහයකට ආසන්න කාලයක් හිර වෙලා ඉන්න එක මොන තරම් දුකක් ද කියලා හිතල බලන්න. කුඩා කාලයේ නැගිටගන්නවත් කථා කරගන්නවත් බැරැව මළ මුත්‍රා ගොඩවල් වල දුක් වින්දා. ටිකක් ලොකු වුණාට පස්සේ අව්වට වේලීගෙන වැස්සට තෙමීගෙන බඩගින්නෙන් පීඩා විදිමින් නිදිවරමින් ඉගෙනගන්න කියල මහ දුකක් වින්දා. ඉගෙන ගත්තාට පස්සේ රස්සාවල් හොයන්න රස්සාවල් කරන්න තමන් අකමැති දේවල් පවා කරමින් මහා දුක් වින්දා. අකීකරැ දු දරැවන් ස්වාමි භාර්යාවන් නිසා බොහෝ දුක් වින්දා.
තමන්ගේ කුණු කය නීරෝගී කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක මහ මෝඩකමක්. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන්. අංශභාගය, පිළිකා, කුශ්ඨ රෝග, මොළේ ගෙඩි, අපස්මාරය වැනි ලෙඩ අපට අතීත භව වල අනන්තවත් හැදිලා තියෙනවා. මේ වගේ ලෙඩක් හැදිච්ච රෝගියෙකුට උපමා කරලා තමන් මොන තරම් දුක් විදලා ඇති ද කියලා සිතා බලන්න.
ජරාව දුකයි. වයසට ගිහිල්ලා ලෙඩ හැදිලා දුක් වින්ද හැටි මෙනෙහි කරන්න. මළමුත්රා  ගොඩේ වැටීගෙන අත්පා සොලවාගන්නට වත් බැරැව අවුරැදු ගනන් අපි සසර දුක් විදලා තියෙනවා.
මරණය දුකයි. අපි හැම කෙනෙක්ම මැරෙනවා. ඕනෑම මොහොතක මරණය සිදු වෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙකුට තමයි එකපාරටම මැරෙන්නේ. අනෙක් හැම කෙනාටම මැරෙන්න වෙන්නේ දුක් විඳලා. මරණාසන්න වුනහම සෙම ඇවිල්ලා උගුරේ හිර වෙනවා. එතකොට කියන්නේ පණ අදිනවා කියලා. මෙහෙම පැය ගාණක් දුක් විදලා තමයි කෙනෙක් මරණයට පත් වෙන්නේ. පව් කරපු කෙනෙක් නම් අපායේ ගති නිමිති පෙනිලා මැරෙන මොහොතේ මහත් බියට පත් වෙනවා. මරණ වේදනාව නිසා අසූචි මුත්‍රා පිටවෙලයි මරණයට පත් වෙන්නේ. අපි අතීතයේ මැරැණ වාර ගණන අනන්තයි. අපි මේ විදිහට මොන තරම් මරණ දුක් විඳලා තියෙනවා ද කියලා සිතා බලන්න. 
අපායේ ඉපදෙන එක දුකයි.අපායේ ඉපදුනාම ගිණියම් වූ යකඩ උල් වලින් අනිනවා. අවුරැදු දහස් ගණන් මෙහෙම දුක් දෙනවා. පව් ගෙවිලා ඉවර නැතිනම් වෑයෙන් රහිනවා. ඊළගට ගිණි අගුරැ වලවල් වලට බස්සවනවා. ලෝදිය හැලි වල දානවා. කටු ඉඹුලේ නංවනවා. හය පැත්තෙන්ම ගින්දර පිටවෙන මහ නිරයටත් දානවා. එතනට දැම්මාම සම් මස් නහර දැවිලා ඇට කටු වලින් දුම් පිටවෙනවා. මුගලන් හාමුදුරැවොත් අපායේ ඉපදිලා තියෙනවා. එහෙනම් අපි ගැන කවර කථා ද. අපි අපායේ ඉපදිලා වින්ද දුක් අනන්තයි.
ප්‍රේත ලෝකේ ඉපදීම දුකයි. අපාය වලින් චුත වෙලා උපදින්නේ බොහෝ විට ‍ප්‍රෙත ලෝක වල. ප්රේලතයින් ගින්නෙන් දැවෙනවා. අනුභව කරන්නේ අසූචි මල මුත්‍රා ආදියයි. ප්‍රේතයින් අවුරැදු ලක්ෂ ගණන් කෝටි ගණන් සාගින්නෙන් පෙලෙනවා. හිතන්න මේ විදිහට ගින්නෙන් දැවෙමින් සාගින්නේ අවුරැදු ලක්ෂ ගණන් ඉන්න එක මොන තරම් දුකක් ද කියලා. අපිත් එහෙම හිටපු වාර අනන්තයි.
තිරිසන් අපායේ ඉපදීම දුකයි. තිරිසන් සතුන් හැම තිස්සේම ඉන්නේ මරණ භයෙන්. තමන් පනපිටින් අල්ලාගෙන කයි කියලා. තමන්ගේ ගෙයක් ගෙනියන්න ආවත් මිනිස්සු බය වෙනවා. තමන්ව මරාගෙන කන්න එනකොට මොන වගෙ බයක් දැනෙනවා ඇති ද? හිතන්න මේ විදිහට මරණ බයින් හැමදාම ඉන්න වුනොත් මොන තරම් දුකක් ද කියලා. ඒ වගේම හරකුන් වගේ සත්තු ජීවිත කාලය පුරාම වැඩ අරගෙන කෘර විදිහට ඝාතනය කරනවා. අපි හක් වෙලා මැරිච්ච වාර ගනන් වල ගලා ගිය ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි. ඒ වාගේම ඌරන් වෙලා, කුකුලන් වෙලා, එලුවන් වගේ සතුන් වෙලා මැරිච්ච වාර ගනන් වල ගලා ගිය ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි කියලත් අනමතග්ග සංයුක්තයේ වදාරා තිබෙනවා. 
දෙව්ලොව බඹලොව උපදින එකත් දුකයි. දෙවියන් රාග ද්වේෂ මෝහ ගිණි වලින් දැවෙනවා. දෙව්ලොව උපන්නාම හැම කෙනෙකුටම එක එක රාජකාරි පැවරෙනවා. ඒවා කරලා වෙහෙස වුනාම දෙවිවරැ සුවඳක් ආඝ්රාාණය කරලා මත් වෙනවා. මත් වෙන්නේ දුක නිසයි. බ්රැහ්මයින්ටත් හැම තිස්සේම ධ්‍යාන සුඛයෙන් ඉන්න බැහැ. ධ්‍යානයෙන් නැගිට්ටහම දෝමනස්සයක් ඇති වෙනවා. කොහෝ ඉපදුනත් මැරෙනවා නම් දුකයි. මැරෙන බව දැනුනාම දෙවිවරැ බ්රයහ්මයෝ පවා භය වෙනවා. මැරිලා බල්ලෙක් ඌරෙක් වෙලා උපදින්න පුළුවන්.
කොයි ලෝකේ ඉපදුනත් දුකයි කියලා තේරැම් ගන්න.
සුඛ වේදනාවත් දුකක් බව මෙනෙහි කරන්න. 
රාග සිතක් ඇති වුණාම මොන තරම් දැවෙනවා ද කියලා සිතන්න. ලෝක සත්වයා හිතන්නේ ඒක සුඛයක් කියා. තථාගතයන් වහන්සේ උපමාවක් දක්වනවා, බලවත් කුෂ්ඨ රෝගයක් තියෙන කෙනෙකුට ඒක කස කසා ඉන්න එක සැපක් හැටියට දැනෙනවා. ඒ වගේ තමයි කෙලෙස් තියෙන කෙනාට අර පංච කාම සුඛය, රජකම වැනි දේවල් දැනෙන්නේ සැපක් හැටියට.
පංචකාම ආශ්වාදයක් විඳිනවා කියන්නේ අර ලේ තැවරැන මස් කට්ටක් හම්බුවෙච්ච බල්ලෙක් ඒකේ මස් ගද නිසා ඒක හපනවා කනවා. දත් විදුරැමස් තුවාල වෙලා ලේ ගලනවා. මහත් දුකකට පත් වෙනවා. කාම වස්තූන් නිසා ඇති වෙන්නේත් මේ ආනිශංසයම යි. අන්තිමට ඉතිරි වෙන්නෙ දැඩි වෙහෙස විතරයි.
සුඛ වේදනා උපදවා ගන්න දුක් විඳින්න ඕනේ. ස්වාමි භාර්යාවන්, දරැවන්, යාන වාහනා ආදිය හොයන්න ඕනේ. ඒවා ලබා ගන්න නඩත්තු කරන්න සල්ලි හම්බ කරන්න ඔනේ. මුදල් උපයන්න රස්සාවල් කරන්න, මහ දුක් විඳලා අවුරැදු ගණන් ඉගෙන ගන්න වෙනවා. නිදි මරාගෙන අවුරැදු ගනන් රැකියාවල් කරන්න වෙනවා. රස්සාවල් කරනකොට තමන් අකමැති දෙවල් කරන්න වෙනවා. බොරැ කියන්න වෙනවා. අනිත් අයව රවට්ටන්න සිද්ද වෙනවා. වඤ්චාවල් කරන්න වෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ සුඛ වේදනාව වෙනුවෙන්.
කොච්ර දුක් විඳලා ලබා ගත්තත් ඒ ඒ දේවල් බොහෝ විට විනාශ වෙනවා. ඒ අවස්තාවල මොන තරම් සිත් තැවුල් ඇති වුනාද කියලා සිතා බලන්න.
පංචකාම ආශ්වාදය දවල් දුටු සිහිනයක්. සිහිනයේ දී ලස්සන ගේ දොර යාන වාහන වතු පිටි දකිනවා. ඇහැරැනාට පස්සේ ඒ කිසිවක් නැහැ. මේ සියල්ල අනිත්යස නිසා දුකයි.
කාම වස්තුවක් අල්ලාගෙන ඉන්න කෙනෙක් ඒ වෙලාමේ මරණයට පත් වුනා කියල හිතන්න. ගිහිල්ලා උපදින්නේ අවීචිය වගේ තැනක. එතන ඉපදිලා අවීචි ගින්දරෙන් දැවෙනකොට මොන තරම් දුකක් ද? මේ විදිහට සුඛ වේදනා ව නිසා අනන්ත සසර දුකට පත් වුණා. 
භායිතබ්බං පංචකාම සුඛස්ස. මහණෙනි මේ පංචකාම සුඛයට බිය විය යුතුයි කියලා තථාගතයන් වහන්සේ වදාරා තිබෙනවා. සුඛ වේදනාව නිසා ලැබෙන ආශ්වාදය වැලි කැටයක් නම්. ඒ නිසා අපි වින්ද දුක මහ පොළවටත් වඩා විශාලයි. තථාගතයන් වහන්සේ වදාරණවා, මනුෂ්‍යයින්ට තමන් අතීතයේ වින්ද දුක් පේන්නේ නැහැ. තමන්ගේ පෙර භව දකින ඥානයක් ඇති වෙලා මිනිස්සුන්ට මේ දුක පේනවා නම් ඒ අය තමන් කරන සියලුම දේ අතහැරලා දුකින් මිදෙන්න උත්සාහ ගන්නවා කියලා.
වේදනා බුබ්බුලූපමා. වේදනාව දිය බුබුලක් වගෙයි. ඇති වුන ගමන් ම නැති වෙලා යනවා. ලස්සන රෑපයක් දිහා බලාගෙන ඉන්නකම් විතරයි ඒ සුඛය තියෙන්නේ. රසයක් විඳිනකොට උගුරෙන් පහලට යනකම් විතරයි ඒ වේදනාව තියෙන්නේ. මේ විදිහට සුඛ වේදනාවල් කොච්චර මේ ජීවිතය තුල ඇති වෙලා නැති වෙලා ගියාද කියලා සිතා බලන්න. වේදනාවේ විපරිණාමය දකින්න. වේදනාව දුකයි.
දැන්වත් මේ වේදනාව දුකක් කියලා ඒ කෙරෙහි නුවනින් කලකිරෙන්න.
වේදනාවේ සමුදය වය බලන්න. හැම වේදනාවක් ම ඇති වෙන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතන සයේ ස්ඵර්ශය නිසා. මනාප අරමුණක් ස්ඵර්ශ වෙනකොට ඇති වෙන්නේ සුඛ වේදනාවක්. අමනාම අරමුණක් ස්ඵර්ශ වෙනකොට ඇති වෙන්නේ දුකක්. මනාප අමනාප අරමුණු නැති විටයි උපේක්ෂා වේදනාව ඇති ‍වෙන්නේ. ආයතන ඇති වුණේ ඉපදුන නිසයි. 
වේදනාවේ සමුදය මෙනෙහි කරන්න. රෑප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ආදිය නිසා ඇති වෙන වේදනාවක් පතනවා, මැනවයි කියනවා. ඒවා නැවත නැවත උපාදවාගන්න කටයුතු කරනවා. තමන් මෙහෙම කරනවා නේද කියලා සිතා බලන්න. එතකොට ඒ වේදනාවෙන් ලැබෙන ආශ්වාදය නිසා ඒක උපාදාන වෙනවා. උපාදානය නිසා භවය ඇති වෙනවා. තණ්හාව නිසා කාම ලෝකය වැනි තැනක පැවැත්මක් ඇති වෙනවා. භවය නිසා ජාතිය ඇති වෙනවා. නැවත ඉපදිලා ආයතන ලැබිලා දුක හටගන්නවා. 
වේදනාවේ වය මෙනෙහි කරන්න. වේදනාවල් පතන්නේ නැතිනම්, මැනවයි කියන්නේ නැති නම් නැවත නැවත ඒවා උපදවාගන්න කටයුතු කරන්නේ නැති නම් ඒ වේදනාවල් ඇති වෙන්නේ නැහැ. ආශ්වාදයක් නැහැ. එතකොට උපාදාන කරන්න දෙයක් නැහැ. උපාදානයක් නැති නම් තණ්හාව නිසා කාම ලෝකය වගේ තැනක පැවැත්ම නැති වෙනවා. භවය නැති වෙනවා. භවය නැති නම් ජාතියක් නැහැ. ඉපදිලා ආයතන හටගෙන ආයතන සයේ ස්ඵර්ශයෙන් වේදනාව ඇති වෙන්නේ නැහැ.
සාරාංශය –
මේ කාරණා ටික මතක තබාගෙන මෙනෙහි කරන්න. ස්ඵර්ශය නිසා වේදනාව ඇති වෙන බව දකිනවා. දුක් විඳිනවා කියන්නේ වේදනාව ඇති වෙවී නැති වෙවී යමට බව මෙනෙහි කරනවා. ජාති දුක් (මනුලොව දුක, සතර අපායේ දුක්, දෙව්ලොව බඹලොව දුක්), ජරා දුක්, ව්‍යාධි දුක්, මරණ දුක් මෙනෙහි කරනවා. සුඛ වේදනාවත් දුකක් හැටියට දකිනවා. ඊලගට වේදනාවේ සමුදය වය බලන්න. 
කාලයක් දුක මෙනෙහි කරනකොට නීවරණ යටපත් වෙලා ඔළුවෙන් ප්‍රීතිය ගලන සමාධියක් ඇති වෙනවා. ඒ නිසා මේකට ආශ්චර්ය අත්භූත ධර්මය කියනවා. මෙනෙහි කරන්නේ දුක, ගලන්නේ ප්‍රීතිය.
මෙහෙම විදර්ශනා කරනකොට වේදනාව දුකක් කියල දකිනවා. දුක නම් මමය මගේය කියන්න වටින්නේ නැහැ. වේදනාවේ කලකිරෙනකොට වේදනාවේ නොඇලෙනවා. නොඇලුනේ මිදෙනවා. මිදුනේ විමුක්ත වෙනවා. විමුක්ත වූයේ විමුක්ත වූ බව දැනගන්නවා.


3. රෝගතෝ භාවනා පදය… (අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ)
අනිච්චතෝ දුක්ඛතෝ යන පද දෙක කලින් පැහැදිලි කලා. දැන් සංඥාව රෝගයක් වශයෙන් බලන්න.
සංඥාව ඇයි විශේෂයෙන්ම රෝගයක් වශයෙන් බලන්න කියන්නේ. මඤ්ඤතමේතං භික්ඛවේ රෝගතෝ. සංඥාව රෝගයක් කියලා තථාගතයන් වහන්සේ වදාළා. රෝගී බව සංඥාවටම විශේෂ ලක්ෂණයක්. කයේත් නොයෙක් රෝගාබාධ හැදෙනවා. ඒවායේ බලපෑම වෙන්නේ එක භවයකට විතරයි. නමුත් සංඥාවේ තියෙන රෝගී භාවය අනන්ත ජාතීන් වල අපව දුකට පත් කළා.
සංඥාව කියන්නේ හ‍ඳුනාගැනීමට. නිල් කහ රතු ආදී වර්ණ හඳුනාගන්නවා. ශබ්ද හඳුනාගන්නවා. නොයෙකුත් ගන්ධයන් හඳුනාගන්නවා. ඇඹුල් රස – තිත්ත රස- ලුණු රස – පැණි රස ආදී රසයන් හඳුනාගන්නවා. නොයෙක් ස්ඵර්ශයන් හඳුනාගන්නවා. මනසින් අරමුණු හඳුනාගන්නවා. මව හඳුනාගන්නවා, පියා හඳුනාගන්නවා, දූ දරැවන් හඳුනාගන්නවා, සතුරන් මිතුරන් හඳුනාගන්නවා. සුභයි කියලා හඳුනාගන්නවා. සුඛයි කියලා හඳුනාගන්නවා. මගේය කියල හඳුනාගන්නවා. නිත්ය යි කියලා හඳුනාගන්නවා. හඳුනාගන්නවා කියන්නේ සංඥාවක් ඇති වෙලා නැති වෙලා යන එකට. මම හඳුනාගන්නවා කියන්න බැහැ.
සංඥාවෙන් කරන වැදගත්ම දේ තමයි වේදනාව හඳුනාගන්නා එක. සුඛ වේදනාව සුඛ වශයෙන් හඳුනාගන්නවා. දුක් වේදනාව දුක් වශයෙන් හඳුනාගන්නවා. උපේක්ෂා වේදනාව මැදහත් වේදනාවක් වශයෙන් හඳුනාගන්නවා.
මරිචීකූපමා සංඥා. සංඥාව මිරිගුවක්. නැති දේවල් ඇති හැටියට පෙන්නනවා. සත්වයින්ව මුලා කරනවා.ස්ඵර්ශය නිසා තමයි සංඥාව ඇති වෙන්නේ. ඇහැට රෑපයක් ගැටුණාම රෑප සංඥාව ඇති වෙනවා. කනට ශබ්දයක් ගැටුනාම ශබ්ද සංඥාව ඇති වෙනවා. මේ විදිහට අනෙක් ඉන්ද්රිියයන්ට අරමුණු ගැටුණාම ඒ ඒ සංඥා ඇති වෙනවා.
සංඥාව රෝගයක් බව මෙසේ දත යුතුය. සංඥාව නිසා අපි මුළාවට පත් වුණා. අශුභ දේ සුභයි, දුක් දේ සුඛයි, අනත්ත දේ අත්තා, අනිත්යව දේ නිත්යඥයි කියන වැරදි සංඥා නිසා අපි අනන්ත සසර දුකට පත් වුණා. මේ වැරදි සංඥා වලට කියන්නේ විපල්ලාස හෙවත් විපරීත සංඥා කියලා.
පළමුවෙන්ම අශුභ දේ ශුභයි කියන සංඥාව. අසූචි මුත්රා ආදිය පිරැණු ඉතාම අපවිත්‍ර මේ කය ඉතාම ශුභ දෙයක් හැටියටයි සංඥාවෙන් පෙන්වන්නේ. ඒ සංඥාවට කියන්නේ අශුභ දේ ශුභයි කියන සංඥාව කියල. පිගානක කෙස් ගස් ටිකක් තියෙනකොට එන්නේ පිලිකුල් සංඥාවක්. ඒ කෙස් ටිකක් බත් පිගානකට වැටිලා තියෙනවා දැක්කොත් එන්නේ පිළිකුලක්. අශුභ සංඥාව තමයි හරි සංඥාව. තමන් මොනතරම් ලස්සනයි කියා හිතන කෙනෙක් වුණත් හිතන්න, රෝගී වෙලා නැගිටගන්න බැරැව ඉන්නවා කියල. ඒ කෙනා සෝදන්නේ පවිත්‍ර කරන්නේ නැතුව දින කිපයක් අසූචි මළ මුත්‍රා ගොඩේ ඉන්නකොට මොන තරම් පිළිකුලක් තමන්ට දැනෙයි කියා සිතා බලන්න. අශුභ දේ ශුබයි කියලා ගත්තාම අපි ඡන්දය නිසා රාගයෙන් අගතියට යනවා. අසූචි මළමුත්‍රා මේද තට්ටු වලින් පිරැණු ශරීර උපාදාන කරගෙන අනන්ත සසර දුකට පත් වුනේ මේ අශුභ දේ ශුභයි කියන වැරදි සංඥාව නිසා. ඒ නිසා අදත්තාදාන, කාම මිත්‍යාචාර වැනි කර්ම රැස් වෙනවා. මේ කාරණා ටික මෙනෙහි කරලා අශුභ දේ ශුභයි කියන සංඥාව රෝගයක් බව මනසිකාර‍ කරන්න.
ඊළගට, දුක් දේ සුඛයි කියලා ගන්නා සංඥාවක් තියෙනවා. ඒකත් රෝගයක්. වේදනාව දුක්ඛතෝ කියල කලින් වඩපු නිසා ලෝකේ තියෙන්නේ දුකයි කියලා තරමක් හරි අවබෝධ වෙන්න ඕනේ. සැපයි කියන්නේ වැරදි සංඥා නිසා ඇති වුන මුළාවක් විතරයි. දුක් දේ සැප හැටියට දකින නිසා තමයි මැරි මැරී ඉමක් කොනක් නැති සංසාරේ ගමන් කලේ. දුක්දේ සුඛයි කියන විපල්ලාසය නිසා මූලික වශයෙන් ඇති වෙන්නේ ද්වේෂය. අපි දේවේෂය නිසා ද්වේෂයෙන් අගති ගමනක් යනවා. අපි යමක් තදින් ගන්නේ සුඛය නිසා. කිසිම දෙයක් අපට ඕනෑ විදිහට පවතින්නේ නැහැ. අපට ඕනෑ විදිහට නොපවතිනකොට මොහතක් පාසා ඇති වෙන්නේ ද්වේෂය. පරැසාවාච පිසුණාවාච පාණාතිපාත වගේ අකුසල් ඇති වෙන්නේ ද්වේෂය මූලික වීමෙන්. දුක් දේ සුඛයි කියන සංඥාව රෝගයක් කියලා මේ විදිහට මනසිකාරය කරන්න.
ඊළගට, අනත්ත දේ අත්තා කියලත් වැරදි සංඥාවක් තියෙනවා. අනත්ත දේ කියන්නේ මම හෝ මගේ නොවන දේවල් කියන එක. අනත්ත දේ අත්තා කියන්නේ මමය මගේය කියලා ගැනීමට. ජාති ජරා ව්‍යාධි මරණ කියන ගිණි එකොළහකින් දැවෙන පංචස්කන්ධය මේ වැරදි විපල්ලාසය නිසා මමය මගේය කියලා ගන්නවා. රහතන් වහන්සේලා වදාරන්නේ, එසේ තමා නොවන දෙයක් තමා යයි ගැනීම මුසාවක් කියලයි. ඒ තුලින් නිවන දැකීමට තියෙන සියලු ඉඩකඩ ඇහිරෙනවා. දරැණු රෝගයකින් පෙලෙන කෙනෙක් මැරෙයි කියලා බය වෙනවා වගේ අනත්තේ අත්තා කියන විපල්ලාසය නිසා භයෙන් අගතියට යනවා. මගේ කියලා ගත්තු දේ නැසෙයි කියලා හැම තිස්සේම ඉන්නේ බියෙන්, චකිතයෙන්. අනත්ත දේ අත්තා කියන විපල්ලාසය රෝගයක් කියලා මේ කරැණු ටික මනසිකාර කරන්න.
ඊළගට, අනිත්‍ය දේ නිත්‍යයි කියලත් වැරදි සංඥාවක් තියෙනවා. සියලු සංස්කාර අනිත්‍යයි. අපට මේ සියල්ල නිත්‍ය  ව පවතිනවා කියල හිතෙන්නේ ඒ විපල්ලාසය නිසා. විඤ්ඤාණය වේගයෙන් ඇති වෙනවා. ඒ වේගය නිසා අපට වෙනසක් පේන්නේ නැහැ. ඒ නිසයි නිත්ය යි කියලා හිතෙන්නේ. උදාහරණයකට, හිතන්න කාය සංඛාරයක් කරලා රෑපයක් බලනවා කියලා. වේගයෙන් අපිට මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. ඒ වගේම අපට වචී සංඛාර කරලා (විතක්ක විචාර කරලා) ඒ රෑපයම මනසින් දකින්න පුළුවන්. එතකොටත් ඒ රෑපය දැනගන්නා විඤ්ඤාණයක් නැවත නැවත ඇති වෙනවා. එතකොට මට පේනවා කියලා හිතෙනවා. පෙනෙන මමෙක් ඉන්නවා කියලා හිතෙනවා. මේ නිත්යඑ යි කියන එක මහ මුලාවක්. නිත්යකයි කියල හිතනකොට ඇති වෙන්නේ මෝහය. මට සෑම දාම පවතින්න පුළුවන්, මැරෙන්නේ නැහැ වගේ අදහස් එන්නේ මෝහය නිසා. ඒ නිසා තමයි සමහරැ දරැණු අපරාධ කරන්නේ. හැම අපරාධයකටම මෝහය මුල් වෙනවා. අනිත්යම දේ නිත්යියි කියන සංඥාව නිසා අපි මෝහයෙන් අගතියට යනවා.
(අගති සතර ගැන සල්ලතෝ භාවනා පදයේ විස්තර කරනවා.)
නිත්යග සංඥාව නිසා රාගය ඇති වෙලා ඡන්දයෙන් අගතියට යනවා. සුඛ සංඥාව නිසා ද්වේෂයෙන් අගතියට යනවා. අත්ත සංඥාව නිසා භයෙන් අගතියට යනවා. නිත්ය  සංඥාව නිසා මෝහයෙන් අගතියට යනවා. මෙසේ අගතියට පත් කරන වැරදි සංඥා රෝගයක් වශයෙන් දකින්න.
අට්ඨීයති හරායති දිගුච්ඡති. පීඩාවට පත් වෙනවා, ලැජ්ජා වෙනවා, පිලිකුල් කරනවා. මේකට කියනවා සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව කියලා.
දැන් කල්පනා කරන්න, මේ වැරදි සංඥාවල් නිසා අපි සසර කොතරම් දුකකට පත් වුනාද කියලා. කොතරම් පිඩාවකට පත් වුණා ද කියලා. ඒ බව තේරැම් අරගෙන මේ සංඥාවල් කෙරෙහි ලැජිජා වෙන්න (හිරිය), පිළිකුල් කරන්න (දිගුච්ඡති). ඒ වැරදි සංඥා වලටත් ඒ නිසා ඇති වෙන මුසාවාද, පරැසාවාච, පිසුණාවා, පාණාතිපාත, අදත්තාදාන, කාම මිත්යාවචාර, අභිජ්ජා, ව්යා පාද, මිච්ඡා දිටිඨි වැනි අකුසල සංස්කාර වලට ඇති කැමත්ත දන් දෙන්න. සබ්බලෝකේ අනභිරත සංඥාව මෙනෙහි කරගන්න.

සාරාංශය –
සංඥාව කියන්නේ රෑප ශබ්ද ගන්ධ රස ස්ඵර්ශ ධම්ම හඳුනාගැනීමට කියලා මෙනෙහි කරන්න. ස්පර්ශය නිසා සංඥාව ඇති වෙනවා. අශුභ දේ ශුභයි, දුක් දේ සුඛයි, අනත්ත දේ අත්තා, අනිත්යස දේ නිත්යරයි කියන වැරදි සංඥා රෝගයක් වශයෙන් දකින්න. මේ වැරදි සංඥා නිසා අගතියට ගිහිල්ලා මුසාවාද, පරැසාවාච, පිසුණාවා, පාණාතිපාත, අදත්තාදාන, කාම මිත්යානචාර, අභිජ්ජා, ව්යාපපාද, මිච්ඡා දිටිඨි කියන දස අකුසලය ඇති වෙන හැටි තමන්ගේ උදාහරණ සහිතව දකින්න. ඒ නිසා අනන්ත සසර දුකට පත් වුන බව සිතන්න. මේ වැරදි සංඥා කෙරෙහි ලැජ්ජා වෙන්න පිළිකුල් කරන්න. ඒ වැරදි සංඥා වලට සහ ඒ නිසා ඇති වෙන සංස්කාර වලට ඇති තණ්හාව දන් දෙන්න.
මෙහෙම විදර්ශනා කරනකොට සංඥාව දුකක් කියල දකිනවා. දුක නම් මමය, මගේය කියන්න වටින්නේ නැහැ. සංඥාවට කලකිරෙනකොට සංඥාවේ නොඇලෙනවා. නොඇලුනේ මිදෙනවා. මිදුනේ විමුක්ත වෙනවා. විමුක්ත වූයේ විමුක්ත වූ බව දැනගන්නවා.


4. ගණ්ඩතෝ භාවනා පදය… (අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ)
අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ යන පද දෙක කලින් පැහැදිලි කලා. දැන් සංස්කාරය ගඩුවක් වශයෙන් බලන්න.
කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් සංස්කාරය තුන් ආකාරය. කුසල  සංස්කාර, අකුසල සංස්කාර වශයෙන් ද සංස්කාර වර්ග කළ හැක. 
සකස් කරන අර්ථයෙන් සංස්කාර කියයි. සකස් කරන්නේ කෙසේ ද? සංඛතං අභිසංඛරොන්ති. සකස් කල දේ නැවත සකස් කරයි. උදාරහරණයකට, වෙළදසලක ලස්සන ඇදුමක් දැකලා, ඒ රෑපය අරමුණු කරගෙන, ඒක ලස්සනයි මා එය මිලදී ගන්නවා යනුවෙන් සංස්කාරයක් කළා කියා සිතන්න. නැවත නිවසට පැමිණි විට ඒ රෑපය එය දුටු විට ඇති වූ සුඛ වේදනාව, එය හදුනාගත් සංඥාව, කලින් කළ සංස්කාරය, එය දැනගත් විඤ්ඤාණය නැවත නැවතත් අලුතෙන්ම ඇති වේ. මෙසේ සංස්කාරස්කන්ධය විසින් ස්කන්ධයන් නැවත සකස් කරයි. එය සංස්කාරස්කන්ධය සතු පුදුම හැකියාව කි.
හැම සංස්කාරයක්ම ගඩුව කි. ගණ්ඩතෝ කියන්නේ ගඩුව කියන අර්ථය යි. පිළිකාවක් වගේ කියලත් කියන්න පුළුවන්. පිළිකාව කල් ගතවෙන්න පැතිරී යන රෝගයක්. රෝගය පැතිරීම නිසා රෝගියා මහත් දුකකට පත් වෙනවා. හුල් වලින් අනින්නා වාගේ, පුච්චන්නා වාගේ මහත් වේදනා ගෙන දෙනවා. මැරෙන තුරැ එබදු රෝගීන් මෙසේ දුක් විදිනවා. රෑපය නිසා ඇති වෙන ගඩු නිසා දුකට පත් වෙන්නේ එක් භවයකට පමණයි. නමුත් සංස්කාර නැමති ගඩුව නිසා අප මෙසේම අනන්ත සසර දුක් වින්ද බවත් අනාගතයේත් එසේම දුක් ලබා දෙන බවත් අවබෝධ කළ යුතු ය.
කයින් සහ වචනයෙන් කෙරෙන අකුසල් ගඩුවක් වශයෙන් දකින්න.
සෑම අකුසල සංස්කාරයක් ම ගඩුවක්. ලෝභ ද්වේෂ මෝහ යන අකුසල මූල් වීම නිසා කයින් වචනයෙන් සහ සිතෙන් සංස්කාර හටගනියි. කාය සංස්කාර ගඩුය. පාණාතිපාතය ගඩුවක්. අදින්නාදානය ගඩුවක්. කාම මිත්‍යාචාරය ගඩුවක්. මෙය තමන්ගේ උදාහරණ සහිතව දැකිය යුතුය. වචී සංස්කාර ගඩුය. මුසාවාදය ගඩුවක්. පරැසාවාචය ගඩුවක්. පිසුණාවාචය ගඩුවක්. සම්පප්රිලාපය ගඩුවක්. ශරිරයේ ගඩුවක් ඇති කල්හි එයින් සැරව, ලේ, ඔජස් ආදිය, ගැලීම කැසීම සිදුවන්නා සේ අකුසල සංස්කාර නැමති ගඩුව නිසා බොහෝ දුක් දැවිලි සහිත ආශ්රාව හටගනියි.  
චිත්ත සංස්කාර ද ගඩුය
ප්‍රිය රූප, ප්‍රිය ශබිධ, ප්‍රිය ගණ්ධ, ප්‍රිය රස, ප්‍රිය ස්පර්ශයන් ඇතිවූ විට ඒවා කෙරෙහි අභිජ්ජාව හටගනියි. මගේ වේවා යයි ගනියි. ඉන්ද්රිිය අසංවරය ඇති පුද්ගලයා ලස්සන පුද්ගලයෙක්, නිවසක්, මෝටර් රථයක් වැනි දෙයක් දුටු විට මටත් මේක තිබුණා නම් හොද යයි සිතේ. ඒ අභිජ්ජාවයි. ප්රිගය කරන දේ ලබා ගැනීමට ගොස් දුකට පත් වේ. සාමාන්යා පුද්ගලයෙක් ගත්තොත් ගේ දොර ඉඩගඩම්, දූ දරැවන් ස්වාමි භාර්යාවන් නිසා මොන තරම් අභිජ්ජවන් තියෙනවා ද? ඒ නිසා මොනතරම් චිත්ත පීඩා ඇති වෙනවා ද? අභිජ්ජාව ගඩුවකි.
අභිජ්ජාව නිසා ව්යාදපාදය ඇති වේ. මගේ යයි ගත් දේ වෙනස් වන විට ව්යාඅපාදය ඇති වේ. ව්යාුපාදය නිසා පරැස වචන කියයි. ව්යායපාදය ගඩුවකි.
ව්යාකපාදය වැඩිදියුණු වීම නිසා මට හානි කරන්නේ යයි ක්රෝ ධය ඇති වේ. ක්රෝ.ධය නිසා අන් අයට හානි කරයි. තමාට ද හානි කරගනියි. ක්රෝසධය ගඩුවකි. 
ක්රෝ ධය නිසා මක්ඛය ඇති වේ. මක්ඛයෙන් ගුණ මකයි. අනුන්ගේ ගුණ ද මකයි. තමන්ගේ ගුණ ද මකයි. දුෂ්ශිල වීම තමන්ගේ ගුණ මකාගැනීමකි. මක්ඛය නිසා පරැස වචන ද කියයි. මක්ඛය ගඩුවකි. 
ක්රෝශධය වැඩිදියුණු වී උපනාහය හෙවත් බද්ධ වෛරය ඇති වේ. තමාට හානි කරන්නේ යයි බද්ධ සංඥාවක් එහි ඇත. බොහෝ දරැණු අපරාද සිදු වන්නේ බද්ධ වෛරයෙනි. බද්ධ වෛරය නිසා ප්රාිණ ඝාත වැනි අකුසල් කරගනයි. උපනාහය ගඩුව කි.
මක්ඛය නිසා ඉරිසියාව ඇති වේ. ගුණ මකන ස්වභාවය හෙවත් මක්ඛය ඇති විට ඉරිසියාව වැඩි වේ. ඉරිසියාව නිසා බොරැ කියයි. මට ඉරිසියාව මගේ කෙලෙස් නැහැ කියා රැවටෙන්න එපා. කෙලෙස් තියෙන ඕනෑම කෙනෙකුට සියුම් වශයෙන් හෝ ඉරිසියාව ඇත. හිතන්න තමන් රැකියාව කරන තැන තමන්ගේම තත්වයට අඩු සත්ත්වයක ඉන්න කෙනෙකුට තමාට වඩා ඉහල තැනකට උසස්වීමක් ලැබුණා කියා. ඉරිසියාව නිසා ඔය තැන හිමි වෙන්න තිබ්බේ මට එයාට නෙමෙයි කියාලා සිතුවිලි ඇති වෙනවා. එතකොට ඇති වෙන්නේ ඉරිසියාව යි. ඉරිසියාව ගඩුවකි.
උපනාහය නිසා පලාසය ඇති වේ. පලාසයෙන් වෙන් කරයි. අරකට වඩා මේක හොදය යන දිට්ඨිය පළාසයට මුල් වේ. කේලම් කියා දෙදෙනෙකු වෙන් කරන්නේ එසේ කිරීමට හෝ සිතන්නේ පළාසය මුල් වීමෙනි. මෙසේ කේලමක් කියා දෙදෙනෙකු වෙන් කල භික්ෂූවක් බුද්ධාන්තරයක් නිරයේ පැසී අද ද ගින්නෙන් දැවෙන බව ධර්මයේ සදහන් වේ. අප නිවනත් පළාස කරයි. අප නිවනින් පිට දෙයක් ගන්නා හැම විටම නිවන පළාස කරයි. නිවනත් වෙන් කරයි. පලාසය ගඩුවකි.
ඉරිසියාව නිසා මායාව ඇති වේ. මායාවෙන් පව්කම් කර සගවයි. උදාහරණයකට, එක් තැනැත්තෙක් තමාට වඩා පහලින් සිටි කෙනෙක් උසස් තැනකට පත් වුණොත්, අනෙක් තැනැත්තා උසස් තැනට ගිය පුද්ගලාට විරිද්ධව කේලම් කියා, විරැද්ධව ක්රිොයා කර එය අන් අය නොදනීවා යයි සගවයි. සිල්වතුන් ගුණවතුන් වශයෙන් ප්රිසිද්ධ සමහරැ බොරැ කීම, අල්ලස් දීම, කාමය වරදවා හැසිරීම වැනි අකුසල් කර අන් අය එසේ නොදනීවා යයි සගවන්නේ මායාවෙනි. අකුසලය එසේ සගවන්නට බැරිය. දෙවියන් හෝ දකියි. එසේ තමන් කරන කුඩා හෝ අකුසලයක් සැගවීම මායාවයි. මායාව ගඩුවකි.
පළාසය නිසා මච්ඡරිය ඇති වේ. මච්ඡරිය යනු මසුරැ බවයි. සුඛ වේදනාවට ඇති තණ්හාව මුල් වීමෙන් මච්ඡරිය ඇති වේ. මච්ඡරිය පසකි. මච්ඡරිය නිසා දස අකුසලයම ඇති වේ. දුෂ්ශීල වේ. ලාභ මච්ඡරිය වැනි දෙයක් ගන්න. ලාභය සදහා හොර කිරැම් මිනුම් භාවිතා කරයි. නැති නම් බොරැ කියයි. ආවායස යනු තමන්ගේ කයයි. තමා ජීවත් වන ස්ථානය ද ආවාසය කි. ආවාස මච්ඡරිය නිසා සතුන් මැරීම වැනි අකුසල් කරයි. කය පිනවීමට කාම මිත්යාවචාර වැනි අකුසල් කරයි. වර්ණ මච්ඡරිය නිසා ද බොරැ කියයි. විභාගයකින් අසමත් කෙනෙක් බොරැ ප්ර්තිපල කියන්නේ වර්ණ මච්ඡරිය නිසාය. රස්සාවෙන් දොට්ට දැම්ම කෙනෙක් මම එතනින් අස් වෙලා වෙන තැනකට ගියා යයි බොරැ කියන්නේ වර්ණ මච්ඡරිය නිසාය. ධම්ම මච්ඡරිය නිසා මිනිසුන් ද මරයි. සමහර ආගමිකයන් මිනිසුන් මරන්නේ ද ධම්ම මච්ඡරිය නිසාය. ධම්ම මච්ඡරිය නිසා බොරැ බණ ද කිය යි. කුල මච්ඡරිය නිසා ද සිංහල දෙමල බෞද්ධ අබෞද්ධ ආදී කුල හදාගෙන පවු රැස් කරයි. මච්ඡරිය ගඩුවකි.
මච්ඡරිය නිසා සාතෙය්ය  හෙවත් වංචාව ඇති වේ. නිවනට පිටින් යමක් ගැනීම වඤ්චාවකි. මච්ඡරිය නිසා කරන හැම අකුසලයක් ම වංචාවකි. මෙලොවක් නැත පරලොවක් නැත යයි දෘෂ්ඨි ගැනීම ද වංචාවකි. වංචාව ගඩුවකි.
මායාව, සාතෙය්යම නිසා ඇති වන්නේ මිච්ඡා දිට්ඨියයි. ඕනෑම අකුසලයක් (සුළු අකුසලයක් හෝ) කර එය සගවාගෙන ජීවත් විය හැකි යයි සිතයි. ඒ කරණ සැම පාප ක්රිියාවක් ම මිච්ඡා දිට්ඨියට එකතු වේ. එන්න එන්නම මිච්ඡා දිට්ඨිය වැඩි වේ.
සමහර කුසල සංස්කාරත් ගඩු ය. භව සම්පත් පතාගෙන සමහරැ පින්දම් කරයි. ඒ නිසා ද සසර දික් වී ජාති ජරා මරණ දුක් වැඩි වීම පමනයි සිදු වනුයේ. ලෝභයෙන් කරන එබදු කුසල් ද ගඩුය. සියලු කුසල් සිදු කල යුත්තේ නිවන අරමුණු කරගෙන පාරමිතාවක් වශයෙනි.

සාරාංශය –
සකස් කරන නිසා සංස්කාර කියයි. කාය වචී විත්ත වශයෙන් සංස්කාර තෙආකාරය. පාණාතිපාත අදත්තාදාන කාමමිත්යානචාර කය මුල් වීමෙන් සිදු වේ. මුසාවාද පරැසාවාච පිසුනාවාච සම්පප්රණලාප යන සංස්කාර වචනය මුල් වීමෙන් සිදු වේ. තමන්ගේ උදාහරණ ඇසුරින් මේ සියල්ලම දුක් ලබා දෙන හැටි, ගඩුවක් වෙන හැටි දකින්න. ඒ වාගේම අභිජ්ඣා ක්‍රෝධ උපනාහ මක්ඛ පළාස ඉරිසියා මච්ඡරිය මායා සාතෙය්ය, මිච්ඡා දිට්ඨි සිතෙන් සිදු වෙන අකුසල්ය. මේවා තමන්ගේ උදාහරණ ඇසුරින් ගඩු වශයෙන් දකින්න. මේ සියල්ල ගඩු වශයෙන් දකින්න අපහසු නම් අඩුම තරමේ මක්ඛය – ඉරිසියාව සහ පළාසය – මච්ඡරිය යන සංස්කාරයන් ගඩු වශයෙන් දකින්න. මේවා පහ කළ හැකි එකම ක්ර මය නම් සමුදය දැක නැවත නොකිරීමට අධිෂ්ඨාන කිරිමයි. මේ දේවල් තියාගෙන සිටීමෙන් ඇති ඵලය කුමක් ද? මෙබදු සංස්කාර නිසා අප අනන්ත සසර දුකට පත් වුණා, නිවන මග වැසුනා. මේවායේ ඇති අසාරත්වය දකින්න. ඒ  සියල්ල කෙරෙහි නුවනින් කලකිරෙන්න. ඒවාට ඇති කැමැත්ත පහ කරන්න.
මෙසේ විදර්ශනා කරනකොට සංස්කාරය ගඩුවක් කියල දකිනවා. දුකයි කියලා දකිනවා. දුක නම් මමය, මගේය කියන්න වටින්නේ නැහැ. සංස්කාරයට කලකිරෙනකොට සංස්කාරයේ නොඇලෙනවා. නොඇලුනේ මිදෙනවා. මිදුනේ විමුක්ත වෙනවා. විමුක්ත වූයේ විමුක්ත වූ බව දැනගන්නවා.

5. සල්ලතෝ භාවනා පදය… (අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ)
අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ යන පද තුන කලින් පැහැදිලි කලා. දැන් විඤ්ඤාණය හුලක් වශයෙන් බලන්න.
විඤ්ඤාණය කියන්නේ දැනගැනීමට. සංඥාවෙන් හදුනාගන්නවා. විඤ්ඤාණයෙන් දැනගන්නවා. නිල් කහ රතු ආදී වශයෙන් විඤ්ඤාණයෙන් වර්ණ දැනගන්නවා. මනුෂ්යගයින්ගේ ශබ්ද, යන්ත්රහසූත්රල වල ශබ්ද, සතුන්ගේ ශබ්ද ආදී වශයෙන් විඤ්ඤාණයෙන් ශබ්දයන් දැනගන්නවා. විඤ්ඤාණයෙන් නොයෙක් ගඳ සුවඳ දැනගන්නවා. තිත්ත රස ලුණු රස ඇඹුල් රස ආදී වශයෙන් විඤ්ඤාණයෙන් නොයෙක් රසයන් දැනගන්නවා. සිනිදු ගොරෝසු මෘදු ආදී වශයෙන් විඤ්ඤාණයෙන් නොයෙක් ස්ඵර්ශයන් දැනගන්නවා. මනසට එන අරමුණු දැනගන්නේ විඤ්ඤාණයෙන්. උදාහරණයකට, රැවන්මැලි මහා සෑ චෛත්යනය සිහි වුණා කියන්න. එතකොට විඤ්ඤාණයෙන් ඒ අරමුණ දැනගැනීම නිසයි මනසට එය පේන්නේ. එතකොට ඒ චෛත්යයය මනසට ධම්මාරම්මණයක් වෙනවා. මනසත් ධර්මයත් නිසා මනෝ විඤ්ඤාණයක් ඇති වුණා.
විඤ්ඤාණය කියන්නේත් සිතටම යි. රෑප දකින සිත, ශබ්දය දැනගන්නා සිත, ගන්ධය දැනගන්නා සිත, රසය දැනගන්නා සිත, පහස දැනගන්නා සිත සහ මනසට එන අරමුණු දැනගන්නා සිත වශයනේ විඤ්ඤාණස්කන්ධය සයාකාර වෙනවා.
චක්ඛූ විඤ්ඤාණ – රෑප දකින සිතසෝත විඤ්ඤාණ – ශබ්දය දැනගන්නා සිතඝාණ විඤ්ඤාණ – ගන්ධය දැනගන්නා සිතජිව්හා විඤ්ඤාණ – රසය දැනගන්නා සිතකාය විඤ්ඤාණ – ස්ඵර්ශය දැනගන්නා සිතමනෝ විඤ්ඤාණ – මනසෙහි අරමුණු දැනගන්නා සිතසල්ල යනු හුලයි. විඤ්ඤාණය හුලකි.
හුල්වල ස්වභාවය වන්නේ ඇනීම යි. හුල් වලින් අනිනු ලැබෙන තැනැත්තාට නිරන්තරයෙන් වේදනා විඳිමින් සිටීමට සිදුවෙයි.
ප්රීධාන වශයෙන්ම හුල් සතරක් පිළිබඳව ධර්මයේ සඳහන් වේ. රාග සල්ලය, ද්වේෂ සල්ලය, දිට්ඨි සල්ලය, මෝහ සල්ලය වශයෙනි. මේ හුල් එක් දිනකට ලක්ෂ කෝටි වාරයෙන් ඇනීම නිසා ලෝක සත්වයා සිටින්නේ මහත් දුකකිනි. නමුත් අවිද්යාක අන්ධකාරයට යටවී මෝහයෙන් මුලා වී සිටන එම සත්ත්වයින්ට ඒ බව නොතේරේ.
විඤ්ඤාණයේ ගෙවල් සතරකි. එයට ඔකය කියා කියනු ලැබේ. රෑප වේදනා සංඥා සංස්කාර යනු එම ගෙවල් සතරයි. විඤ්ඤාණය රෑප වේදනා සංඥා සංස්කාර යන යමක එළඹ සිටියේ ද නාමරෑප හටගනියි. නාමරෑප ප්රයත්යවයෙන් සළායතනය වේ. සළායතන ප්ර ත්යයයෙන් ඵස්සය වේ. ඵස්ස ප්ර‍ත්යනයෙන් වේදනාව වේ. වේදනාව ප්රයත්යවයෙන් තණ්හාව වේ. තණ්හා ප්රතත්ය‍යෙන් උපාදානය වේ. උපාදාන ප්ර්ත්ය‍යෙන් භවය වේ. භව ප්රදත්ය‍යෙන් ජාතිය වේ.
රාග සල්ලය – (රාග සල්ලය නිසා විඤ්ඤාණය රෑපය එළඹ සිටියි)
කබලිංකාරාහාර යනු අප ගන්නා ආහාර පමනක් නොවේ. පෙටකෝපදේසයේ කබලිංකාරාහාරය අර්ථ දක්වා ඇත්තේ මනවඩනා රෑපය යනුවෙනි. ස්ත්රී  පුරැෂ රෑප, දූ දරැවන්, ලස්සන බබාලා, ප්රි‍ය ආහාර මෙයට උදාහරණයන් ය. කබලිංකාරාහාර නිසා අශුභ දේ ශුභය යන විපල්ලාසය ඇති වේ. මළ මුත්රාේ  පිරැණු කුණු ශරීර ශුභ යයි ගනියි. අශුභ දේ ශුබය යන විපල්ලාසය නිසා කාම උපාදානය ඇති වේ. කාමයන් දැඩිව ගනියි. කාම උපාදානය නිසා ඒවා නඩත්තු කිරීමට කාම යෝගයේ යෙදේ. කාම යෝගය යනු සත්වයා සසරට බැද තබන ධර්මය කි. රැකියාවට යයි. මුදල් උපයයි. නොයෙක් දේ මිලදී ගනියි. කාමයන් සමගම දිවි ගෙවයි. කාම යෝගය නිසා අභිජ්ජා කායග්රින්ථය ඇති වේ. දැඩි ලෝභයෙන් ගැටගැසේ. විවිධ පුද්ගලයින්ට, වස්තූන්ට ගැටගැසෙන හැටි සිතා බලන්න. ග්රින්ථය පහ නොකිරීම නිසා කාමාශ්රගවය ඇති වේ. කාම නැමති කෙලෙස් ආශයට පැමිණේ. කාමාශ්රතවය නිසා කාම ඕඝය ඇති වේ. කාම ඕඝ යනු කාම නැමති සැඩ පහරයි. කාම නැමති සැඩ පහරට හසු වූ තැනැත්තාට ගැලවීමක් නම් නොමැත. කාමයන් සොයමින් නගරයෙන් නගරයට යයි, රටින් රටට යයි. දැන් කාමයන්ගෙන් සෑහීමක් නම් නැත. වැඩි වැඩියෙන් කාම වස්තු පසුපස යයි. කාම ඕඝය නිසා රාග සල්ලය ඇති වේ. සල්ල යනු හුලයි. අශුභ දේ ශුභය යන විෂ එහි පෙවී ඇත. රාග සල්ලය නිසා විඤ්ඤාණය රෑපය එළඹ සිටියි. නැවත නැවතත් අර මනවඩනා රෑපය අරමුණු කරගෙනම විඤ්ඤාණය පිහිටයි. ඡන්දය නිසා රාගයෙන් අගතියට යයි. නැවතත් ඉහත ක්රිනයාවලියම සිදු වේ. මෙය චක්ර.යක් සේගමන් කරයි. විඤ්ඤාණය පුහුණු කරනු ලැබුවේ මනවඩනා රෑපයන් අරමුණු වල එල්බෙන්නටය. මෙහි ප්රමතිපලය වශයෙන් මැරී නැවතත් මවු කුසක උප්පත්තියට යයි. (මෙය තිරිසන් අපායක මවු කුසක් ද විය හැක.) මේ නිසා ජාති ජරා ව්යාගධි මරණ දුක් රැස නැවත නැවත ඇති වේ. මේ ක්රිියාවලිය සිදු වීම යනු සංසාර චක්රෙතය් ක්රිජයාවලිය තමන්ගේ උදාහරණ සහිතව මෙනෙහිකර බලන්න.
ද්වේෂ සල්ලය – (ද්වේෂ සල්ලය නිසා විඤ්ඤාණය වේදනාව එළඹ සිටියි)
ඵස්ස ආහාරය නිසා දුක් දේ සුඛය යන විපල්ලාසය ඇති වේ. දුක් දේ සුඛය යන විපල්ලාසය නිසා සීලබ්බත උපාදානය ඇති වේ. සීල වෘතයන් දැඩිව ගනී. (සීල වෘත යනු අජ වෘත ගෝ වෘත ආදියම පමනක් නොවේ. මේ ලාමක දේවල් කරන කිසිවෙක් අද සමාජයේ නැත.) නිවනට පිටන් යමක් සුඛ යයි ගතහොත් එයට රහතන් වහන්සේලා ශිල වෘතයක් වශයෙන් හදුන්වයි. සියලු වෘතීන් සීල වෘතයන්ම ය. සුඛය යන විපල්ලාසය නිසා ඇතැමෙක් මනුලොව දෙව්ලොව ඉපදීමට බලාපොරොත්තු වේ. ඇතැමෙක් සැප විදීමට සිතා වෛද්යඑවරයෙක්, ඉංජිනේරැවෙක්, ගුරැවරයෙක්, ව්යාුපාරිකයෙක් වීමට බලාපොරොත්තු වේ. මේවා ශීල වෘතයන්මය. මේ නිසා තමන් වෛද්යකවරයාය, ඉංජිනේරැවාය, දෙවියාය, මනුෂ්යතයාය ආදී වශයෙන් වැරදි සත්ව පුද්ගල දෘෂ්ටියකට එළබේ. සීලබ්බත උපාදානය නිසා භව යෝගය ඇති වේ. භවයේ යෙදේ. දෙව්ලොව, මනුලොව යන්නට පින්කම් කරන කෙනා වැඩි වැඩියෙන් කුසල් කරයි. කිසියම් වෘතියක් උපාදාන කළ කෙනා නොයෙක් විෂයන් පිළිබඳ ඉගෙනගනියි. මේ නිසා ව්යාිපාද කායාග්රෘන්ථය ඇත වේ. එනම් අනපේක්ෂිත දුක් කරදර ඇති වීම නිසා ව්යාබපාදයෙන් ගැටගැසේ. ලෙඩ දුක් කරදර ඇති වේ. විභාග වලින් අසමත් වේ. ව්යාුපාද කායග්රාන්ථය නිසා භව ආශ්රබවය ඇති වේ. භව නැමති කෙලෙස් ආශයට පත් වේ. අද නරක් වුනත් හෙට හොද වේ යයි සිතේ. භව ආශ්රබවය නිසා භව ඕඝය ඇති වේ. භව නැමති සැඩපහරට හසු වේ. දෙව් ලොව, මනුලොව ඉපදීමට එක පින්කමක් කල කෙනා වැඩි වැඩියෙන් පින්කම් කරයි. එක විභාගයක් කර අසමත් කෙනා තව තව විභාග කරයි. භව ඕඝය නිසා ද්වේෂ සල්ලය ඇති වේ. දුක නැමති විෂ මතු වේ. ද්වේෂය නැමති හුල ඇනේ. විඤ්ඤාණය වේදනාව එළඹ සිටියි. වේදනාව සුඛ යයි ගැනීම නිසා කෙසේ හෝ සැප ලබාගත හැකි යයි ස්ඵර්ශය හරහා වේදනාමටම යයි. ද්වේෂය නිසා ද්වේෂයෙන් අගතියට යයි. තමන්ගේ උදාහරණ ඇසුරින් මෙය දකින්න.
දිට්ඨි සල්ලය – (දිට්ඨි සල්ලය නිසා විඤ්ඤාණය සංඥාව එළඹ සිටියි)
අනත්තේ අත්තා යනු තමා නොවූ දේ තමාය කියා ගැනීම යි. මමය මගේය කියා ගැනීම යි. අනත්ත දේ අත්තාය යන විපල්ලාසය නිසා දිට්ඨි උපාදානය ඇති වේ. දෘෂ්ටීන් දැඩිව ගනියි. දිට්ඨි උපාදානය නිසා දිට්ඨි යෝගය ඇති වේ. දෘෂ්ටි‍යේ යෙදෙයි. අත මගේය, කකුල මගේය, වේදනාව මගේය, සංඥාව මගේය, සංස්කාර මගේය, දූ දරැවන් මගේය කියාගෙන සංසාරයේ යන්නට කැමති වේ. දිට්ඨි යෝගය නිසා පරාමාසකාය ග්රදන්ථය ඇති වේ. පරාමාස කාය ග්රාන්ථය යනු මම මගේය යන වැරදි වැටහීමෙන් ගැටගැසීම යි. පරාමාස කාය ග්රඇන්ථය නිසා දිට්ඨි ආශ්රදවය ඇති වේ. දිට්ටි නැමති කෙලෙස් ආශයට පත් වේ. තමා කියා කෙනෙක් ඇතැයි සිත යි. දිට්ඨි ආශ්ර වය නිසා දිට්ඨි ඕඝය ඇති වේ. දෘෂ්ටි නැමති සැඩපහර ඇති වේ. දිට්ඨි ඕඝය නිසා දිට්ඨි සල්ලය ඇති වේ. දිට්ඨි නැමති හුලක් ඇනේ. දැන් මමය මගේය යන දිට්ඨිය පතුලටම ඇනී ඇත. තව කෙනෙක් ගැහුවොත් ගහන, මරන්න ආවොත් මරණ තත්වයකට පත් වේ. දිට්ඨි සල්ලය නිසා විඤ්ඤාණය සංඥාව එළඹ සිටියි. විඤ්ඤාණය එළඹ සිටින්නේ මොන සංඥාව ද? අත්ත සංඥාව යි. අප හැම කෙනෙකුටම මමය මගේය කියා සඥාවක් ඇත. එය අත්ත සංඥාව යි. විඤ්ඤාණය ඒ සංඥාව එළඹ සිටියි. සංස්කාරය නැසේ යයි භය නිසා භයෙන් අගතියට යයි.
මෝහ සල්ලය – (මෝහ සල්ලය නිසා විඤ්ඤාණය සංස්කාරය එළඹ සිටියි)
විඤ්ඤාණාහාරය නිසා අනිච්ච දේ නිච්චය (අනිත්යය දේ නිත්යසය) යන විපල්ලාසය ඇති වේ. විඤ්ඤාණය අතොරක් නැතිව වේගයෙන් ඇති වෙන ධර්මය කි. ස්ඵර්ශයෙන් වේදනාව ඇති වුණා, වේදනාව සංඥාවෙන් හදුනාගත්තා, චේතනාවෙන් සංස්කාරය ඇති වුණා, සංස්කාරයෙන් විඤ්ඤාණය හටගත්තා. මේ ‍වේගය නිසා දකින්නේත් මමයි, අසන්නේත් මමයි, ක්රි,යා කරන්නේ කරන්නෙත් මම යි යනුවෙන් නිත්යහ භාවයක් ඇති වේ. මේ විපල්ලාසය නිසා අත්තවාද උපාදානය ඇති වේ. තමා කියා කෙනෙක් ඇතැයි එයට ඇලේ. අත්තවාද උපාදානය නිසා අවිජ්ජා යෝගය ඇති වේ. නිත්යණ යයි කියාගෙන අවිද්යා්වේ යෙදෙයි. අවිද්යා් යෝගය නිසා ඉදංසච්චාභිනිවේසකායග්රයන්ථය ඇති වේ. මෙය සත්ය‍ යයි යමක් දැඩිව ගැනීම ඉදංසච්චාභිනිවේස කායග්රදන්ථය නම් වේ. මෙයම සත්යන යයි ගන්නේ කුමක් ද? සුභ සුඛ අත්ත නිත්ය  ආදී වැරදි රෝගී සංඥාවන් සියල්ලම, මෙයම සත්යි යයි ගනියි. මුසාවාද පරැසාවාච පිසුණාවාච සම්පප්ර්ලාප පාණාතිපාත අදත්තාදාන කාම මිත්යායචාර වැනි අකුසල සංස්කාරත් මෙයම සත්ය් යයි ගනියි. (විඤ්ඤානය සකස් වී ඇත්තේ මේ සංස්කාර වලිනි)  ඉදංසච්චාභිනිවේසකායග්රමන්ථය පහ නොකිරීම නිසා අවිජ්ජා ආශ්රඤවය ඇති වේ. අවිජ්ජාව නැමති කෙලෙස් ආශයට පත් වේ. අවිජ්ජාශ්රකවය නිසා අවිජ්ජා ඕඝය ඇති වේ. අවිජ්ජාව නැමති සැඩ පහරට හසු වේ. තමා කිසිදා නොමැරේ යයි සිතයි. අවිජ්ජා ඕඝය නිසා මෝහ සල්ලය ඇති වේ. මෝඩකම නැමති හුල පතුලටම ඇනේ. අනිත්ය  දේ නිත්යිය කියන විෂ එහි පෙවී ඇත. විඤ්ඤාණය සංස්කාරය එලඹ සිටියි. විඤ්ඤාණය සංස්කාරය අල්ලාගෙන සිටිනේනේ ඇයි? විඤ්ඤාණය සකස් වුනේ සංස්කාරයෙනි. මේ අවස්තාවේ දී තමා සකස් කල දෙයට එලඹීම විඤ්ඤාණයේ ස්වභාවය යි. මෝහය නිසා තමා නිත්යනය යි මෝහයෙන් අගති ගමනක් යයි.
සල්ල සතර –
අප සැම විටම සිටින්නේ මේ සල්ල සතරෙන් එකකය. අශුභ දේ ශුබය යන විපල්ලාසය නිසා කාමයන් උපාදාන කරගෙන දැඩි ලෝබයෙන් ගැටගැසී කාම නැමති සැඩපහරට හසු වී රාග නැමති හුල ඇනගෙන රාග සල්ලයෙන් සිටියි. දුක් දේ සුඛය යන විපල්ලාසය නිසා සීල වෘතයන් උපාදාන කරගෙන ව්යසපාදයෙන් ගැට ගැසී භවය නැමති සැඩ පහරය හසු වී ද්වේෂය නැමති හුල ඇනගෙන ද්වේෂ සල්ලයෙන් සිටියි. අනත්ත දේ අත්තා (තමා නොවූ දේ මමය මගේය) යන විපල්ලාසය නිසා  මමය මගේය යන දෘෂ්ටීන් උපාදාන කරගෙන පරාමාස හෙවත් වැරදි වැටහීමෙන් ගැටගැසී දෘෂ්ටි නැමති සැඩපහරට හසු වී මමය මගේය නැමති සක්කාය දෘෂ්ටිය නැමති හුල ඇනගෙන දිට්ඨි සල්ලයෙන් සිටියි. අනිත්යම දේ නිත්යකය යන විපල්ලාසය නිසා අත්ත වාද උපාදානය (තමා ඇතැයි එයට ඇලී) ඇති කරගෙන මෙයම සත්යහ යයි වැරදි සංඥා සහ අකුසල සංස්කාරයන්ට ගැටගැසී මෝහය නැමති සැඩපහරට හසු වී තමා නිත්ය ය යි මෝහය නැමති හුල ඇනගෙන මෝහ සල්ලයෙන් සිටියි. මේ සල්ල සතර දැක ප්රරහාණය කළ යුතුය.
තමන්ගේ සිත මනවඩනා රෑපයකට නැවත නැවත එලඹේ නම් ඇත්තේ රාග සල්ලය යි. ව්යාෙපාදයක් අමනාප ගතියක් නොරැස්නා ගතියක් දැනේ නම් ඇත්තේ ද්වේෂ සල්ලය යි. තමන්ට ඇති වන්නේ භයක් නම් ඇත්තේ දිට්ඨි සල්ලය යි. මෝහ සල්ලය ඉතා සියුම් ය. අනෙක් සල්ලයන්ගේ නැති බව අනුව එය තේරැම් ගත යුතුය. මෝහයෙන් සිටින විට නිත්යද බවක් දැනේ.

සාරාංශය
ආහාර සතර – කබලිංකාරාහාරය, ඵස්සාහාරය, මනෝසංචේතනාහාරය, විඤ්ඤාණාහාරයවිපල්ලාස සතර – අශුභ දේ ශුභය, දුක් දේ සුඛය, අනත්ත දේ අත්තාය, අනිත්ය  දේ නිත්යායඋපාදාන සතර – කාම උපාදානය, සීලබ්බත උපාදානය, දිට්ඨී උපාදානය, අත්තවාද උපාදානයයෝග සතර – කාම යෝග, භව යෝග, දිට්ඨි යෝග, අවිජ්ජා යෝගග්‍රන්ථ සතර – අභිජ්ජා කායග්‍රන්ථ, ව්යාඨපාද කායග්‍රන්ථ, පරාමාස කායග්‍රන්ථ, ඉදංසච්චාභිනිවේස කායග්‍රන්ථයආශ්‍රව සතර – කාමාශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිජ්ජාශ්‍රවඕඝ සතර – කාම ඕඝ, භව ඕඝ, දිට්ඨී ඕඝ, අවිජ්ජා ඹ්ඝසල්ල සතර – රාග සල්ල, ද්වේෂ සල්ල, දිට්ඨි සල්ල, මෝහ සල්ලඅගති සතර – ඡන්ද අගතිය, ද්වේෂ අගතිය, භය අගතිය, මෝහ අගතිය


1. මනවඩනා රෑපයක් ගැන නැවත නැවත සිතන අවස්ථාවක් ගන්න. එවිට අශුභ දේ ශුබය යන විපල්ලාසය නිසා කාමයන් දැඩිව ගෙන රාග සල්ලයෙන් අර රෑපය නැවත නැවත ස්ඵර්ෂ කරන බව සිතන්න. රෑපය – අනිත්යි දෙයකි. මෙහි ප්රැථිපලය දුක්ඛය බව සිතන්න. උදාහරණයකට, තමන් ඉතාම ප්රිිය කරන පුද්ගලයෙක් හෝ ආහාරයක් නැවත නැවත සිහි වීම ගත හැක. එවිට ඒ රෑපයට නැවත නැවත සිත යන්නේ අශුභ දේ ශුභය යන විපල්ලාසය නිසා රාග සල්ලය ඇති වීමෙනි. මෙහි ප්රවථිපලය වනුයේ ජන්දයෙන් අගතියට යාම සහ දුක්ඛය බව දැකිය යුතුය. මෙය දැකගැනීමට හැකි වුවහොත් විඤ්ඤාණය එම මනවඩනා රෑප අරමුනෙන් ගලවාගත හැක.


2.  තමන් අකමැති දෙයක් නිතර නිතර මතක් වෙනවා කියා සිතන්න. එවිට ව්යාුපාදයක් නොරැස්නා ගතියක්, අමනාපයක් සිතේ ඇත. කොතෙක් එය අමතක කරන්නට සිතුවත් ඒ අරමුණම සිහි වේ. එසේ වන්නේ විඤ්ඤානය ස්ඵර්ශය හරහා වේදනාව එළඹ සිටීම නිසාය. ව්යාඅපාදයක් නුරැස්නා ගතියක් ඇති විට ඇත්තේ ද්වේෂ සල්ලය යි. ලොව ඇත්තේ දුක්ඛය කි. අවිජ්ජාව නිසා ලොව ඇත්තේ සුඛයක් යයි අප සිතයි. කොතෙක් සැප ලබාගැනීමට ක්රිරයා කළත් සැබෑ ස්වභාවය වූ දුක මතු වේ. එවිට ඇති වන්නේ ද්වේෂය යි. නොරැස්නා ගතියක් අමනාපයක් සිතේ ඇති විට දුක් දේ සුඛය නැමති විපල්ලාසය තමන්ට ඇති බවත් ව්යා පාදයෙන් ගැටගැසී ද්වේෂයෙන් අගතියට යන බවත්, විඤ්ඤාණය වේදනාව එළඹ සිටින බවත් දැකිය යුතුය. වේදනාව – දුක්ඛතෝ. ලොව ඇතිතේ දුක්ඛයම බව සිහියට නගාගත් විට විඤ්ඤාණය වේදනාවෙන් ගලවාගත හැක. 
(ද්වේෂ සල්ලය නිසා විඤ්ඤාණය වේදනාව එළඹ සිටින්නේ ඇයි. දුක් වේදනාවක් දැනුනත් කෙසේ හෝ තමා බලාපොරොත්තු වන සැපය කොයි මොහොතක හෝ ලැබේ යයි ස්ඵර්ශයට ගොස් එම වේදනාවම සිතින් අරමුනු කරයි.)


3. තමන්ට භය ඇති වූ, භය ඇති වන අවස්ථාවක් ගැන සිතා බලන්න. රහත් නොවූ සියලුම සත්වයින්ටම බය ඇති වේ. හැම මොහොතකම අපට නොදැනෙන තරම් සියුම් වශයෙන් හෝ බිය ඇති වේ. භය ඇති වූ විට ඇත්තේ දිට්ඨි සල්ලය යි. ඕනෑම දෙයක් මගේය යි ගන්නේ චේතනාවෙනි. චේතනාවේන් අධ්යාවත්මික බාහරි දේවල් මගේයයි ගැනීම නිසා, මමය මගේය යන වැරදි වැටහිම ඇති වී, සංස්කාරය බිදේ යයි බිය ඇති වි ඇත. විඤ්ඤාණය අත්ත සංඥාව (ආත්ම සංඥාව) එළඹ සිටියි. සංඥාව – රෝගයකි. මෙහි ප්රේතිඵලය භය නිසා භයෙන් අගතියට යාම යි. තමා නොවූ දේ තමා යයි ගැනීම මුසාවකි. මේ බව දැක රෑප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ කිසිවක් මම නොවේ මගේ නොවේ යයි ඒ මුසාව අතහරින්න. එවිට දිට්ඨි සල්ලය දුරැ වේ. විඤ්ඤාණය සංඥාව එළඹ සිටීමෙන් ගලවාගත හැක.


4. ඡන්දය ද්වේෂය හෝ භය ඇති විට ඇත්තේ මෝහ සල්ලය යි. කෙනෙක් භාවනාවෙන් දියුණු වු විට තමාට දැන් කෙලෙස් නැතිය. තමාට සමාධීන් හෝ භාවිතා කරගෙන ජීවත් විය හැකි යයි සිතයි. (ආළාර කාලාම උද්දකරාමපුත්ත යන අයට මෙබදු සිතක් ඇති විය, තමන් ලැබූ සමාධීන් විමුක්තිය යකි සිතීය.). බඹලොව හෝ උපත ලැබිය හැකිය යි. සියලු සංස්කාර අනිත්ය ය. මෙබදු අවස්ථාවක ඇත්තේ මෝහ සල්ලය යි. විඤ්ඤාණය වේගයෙන් හටගන්නා නිසා එහි අනිත්ය් භාවය නොපෙනේ. තමා ඇතැයි සිතයි. චිත්ත සමාධිය වැනි සංස්කාරයක් භාවිතා කරගෙන සදාකල් සිටිය හැකි යයි සිතයි. නමුත් එය අනිත්යා දේ නිත්යසය යන විපල්ලාසය නිසා ඇති වූ මුළාවක් පමණි. සංස්කාරය – ගඩුවකි. අනිත්ය  දේ නිත්යසය යන විපල්ලාසය නිසා මෝහයෙන් අගතියට ගොස් විඤ්ඤාණය සංස්කාර එලඹ සිටියි. මෙය අවබෝධ කරගත් විට විඤ්ඤාණය සංස්කාරයෙන් ද මිදේ.
මෙසේ විඤ්ඤාණය සල්ලතෝ වශයෙන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙන විට විඤ්ඤාණයට පිහිටන්නට තැනක් නැති වේ.
විඤ්ඤාණය මෙසේ රෑප වේදනා සංඥා සංස්කාර යන සතරෙන් මුදවා ගත් විට විඤ්ඤාණ නිරෝධයෙන් නාමරෑප නිරෝධය වේ. නාමරෑප නිරෝධයෙන් සළායතන නිරෝධය වේ. සළායතන නිරෝධයෙන් ඵස්ස නිරෝධය වේ. ඵස්ස නිරෝධයෙන් වේදනා නිරෝධය වේ. වේදනා නිරෝධයෙන් තණ්හා නිරෝධය වේ. තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධය ‍වේ. උපාදාන නිරෝධයෙන් භව නිරෝධය වේ. භව නිරෝධයෙන් ජාති නිරෝධය වේ. ජාති නිරෝධයෙන් ජරා මරණ දුක් රැසෙහි නිරෝධය වේ.
සකස් කල සියලු දේ මුසාවන්ය. කැඩේ බිදේ විනාශයට පත් වේ. නිවන සකස් නොකල දෙයක් බැවින් පරම සත්ය යකි. තණ්හාව ක්ෂය වීම නිවන යි.
විසංඛාර ගතං චිත්තං – තණ්හාණං ඛය මජ්ඣගාසී. විඤ්ඤාණය රෑප වේදනා සංඥා සංස්කාර යන සතරෙන්ම මුදවාගත් විට සිතට පිහිටන්නට තැනක් නැති වේ. සිත විසංඛාර ගත වේ.