"පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මවිනය විවෘත වූ විට තමයි බබළන්නේ.වැසුණු විට නොවෙයි."

"තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝචති, නෝ පටිච්ඡන්නෝ"

"සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියෝ දපනං - ඒතං බුද්ධානුසාසනං."

"සියලු පවින් වැලකුමත් - කුසලයෙහි යෙදීමත්, සිත දමනය කිරීමත් - බුද්ධ අනුසාසනයයි."
ත්‍රිපිටක පොත් වහන්සේ
ජාතක පොත් වහන්සේ
පිරුවානා පොත් වහන්සේ
බුදුවරුන්ගේ ඉපදීම සැපයකි. සද්ධර්මය දේශනා කිරීම සැපයකි. සංඝයා වහන්සේගේ සමගිය සැපයකි. සමගි වූවන්ගේ තපස සැපයකි.

"සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා
සුඛා සංඝස්ස සාමග්ගි - සමග්ගානං තපෝ සුඛෝ"

Screenshot 2021-05-30 at 23.57.44
රේරුකානේ චන්දවිමල හිමි
රේරුකාණේ චන්දවිමල හිමි රචිත ග්‍රන්ථ

බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළ ප්‍රයෝගික ක්‍රියා මාර්ගයක් තිබේ. ඒ මාර්ගය මෑත යුගයේ අපේ ජනතාවට ඉතා සරළ බසින් ජීවිතයට ළංකර ගත හැකි ආකාරයෙන් කියා දුන්නේ සියවසකට පෙර අපේ රටේ පහළ වූ ත්‍රිපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප්‍රයෝගික ක්‍රියා මාර්ගය ද ජයගත් රේරුකානේ නා හිමියෝ යි.

පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි
පූජ්‍ය නා උයනේ අරියධම්ම හිමි රචිත ග්‍රන්ථ

තමන් වහන්සේ ගේ අත් අකුරින් ලියූ භාවනා අත්දැකීම් හා දින පොත්වලින් මේ කරුණු මනාව ස්ඵුට වේ. වර්ෂ 2011 වස්සාන කාලය අවසානයෙහිදී “එකම කෙලෙස් සිතක් වත් ඇති නොවන ලෙස මම මේ වස් කාලය හොඳින් ගත කළා” යනුවෙන් ද, තවත් දිනෙක “මම දැන දැන කුඩා ඇවතකට වත් පත් වී නැහැ” යනුවෙන් ද සිංහනාද කළ සේක.

මාතර ශ්‍රී ඥානාරාම හිමි
මාතර ශ්‍රී ඥානාරාම හිමි රචිත ග්‍රන්ථ

ශ්‍රී කළ්‍යාණී යෝගාශ්‍රමය ආරම්භ කිරීම සදහා මූලික වූ අතිපූජනීය මාතර ශ්‍රී ඤාණාරාම මහා ස්වාමින් වහන්සේ බුද්ධ සාසනයේ චිරස්තිථියට අප්‍රමාණ සේවයක් ඉටුකල අප මාහිමිපානණ් වහන්සේට කෘතවේදීව, අප රැස් කල සියලු පින් අනුමෝදන් වන සේක්වා!

වෙනත් ධර්ම ග්‍රන්ථ
වෙනත් ධර්ම ග්‍රන්ථ

ත්‍රිපිටක ධාරියකු මෙන් ම බුදු දහමේ ප්‍රයෝගික ක්‍රියා මාර්ගය ද ජයගත්, බුද්ධ සාසනයේ චිරස්තිථියට අප්‍රමාණ සේවයක් ඉටුකල අප මාහිමිපානණ් වහන්සේලා විසින් රචිත වෙනත් ධර්ම ග්‍රන්ථ කිහිපයක්ම ඔබට මෙහිදී කියවිය හැක.